Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
قُلْنَا اهْبِطُوْا مِنْهَا جَمِیْعًا ۚ— فَاِمَّا یَاْتِیَنَّكُمْ مِّنِّیْ هُدًی فَمَنْ تَبِعَ هُدَایَ فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
"නුඹලා සියල්ලෝ ම එයින් පහළට බසිනු. මාගෙන් නුඹලාට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන්ට බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත" යැයි අපි පැවසුවෙමු.
عربي تفسیرونه:
وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَاۤ اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟۠
දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වන ඔවුහු මය නිරා ගින්නෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
عربي تفسیرونه:
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَوْفُوْا بِعَهْدِیْۤ اُوْفِ بِعَهْدِكُمْ ۚ— وَاِیَّایَ فَارْهَبُوْنِ ۟
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තවද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද නුඹලා මට ම බිය වනු.
عربي تفسیرونه:
وَاٰمِنُوْا بِمَاۤ اَنْزَلْتُ مُصَدِّقًا لِّمَا مَعَكُمْ وَلَا تَكُوْنُوْۤا اَوَّلَ كَافِرٍ بِهٖ ۪— وَلَا تَشْتَرُوْا بِاٰیٰتِیْ ثَمَنًا قَلِیْلًا ؗ— وَّاِیَّایَ فَاتَّقُوْنِ ۟
නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳව නුඹලා විශ්වාස කරනු. තවද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුවැන්නා නො වනු. තවද මාගේ වදන් අල්ප මිලකට නො විකුණනු. තවද මට ම නුඹලා බිය බැතිමත් වනු.
عربي تفسیرونه:
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟
තවද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නො කරනු. තවද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නො කරනු.
عربي تفسیرونه:
وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَارْكَعُوْا مَعَ الرّٰكِعِیْنَ ۟
තවද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් (හෙවත් අනිවාර්ය බද්ද) ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.
عربي تفسیرونه:
اَتَاْمُرُوْنَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ اَنْفُسَكُمْ وَاَنْتُمْ تَتْلُوْنَ الْكِتٰبَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලාව අමතක කර දමා ජනයාට යහපත විධානය කරන්නෙහු ද? (ඒ බව) නුඹලා වටහා නො ගන්නෙහු ද?
عربي تفسیرونه:
وَاسْتَعِیْنُوْا بِالصَّبْرِ وَالصَّلٰوةِ ؕ— وَاِنَّهَا لَكَبِیْرَةٌ اِلَّا عَلَی الْخٰشِعِیْنَ ۟ۙ
තවද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන්ට හැර සෙසු අයට බැරෑරුම් ය.
عربي تفسیرونه:
الَّذِیْنَ یَظُنُّوْنَ اَنَّهُمْ مُّلٰقُوْا رَبِّهِمْ وَاَنَّهُمْ اِلَیْهِ رٰجِعُوْنَ ۟۠
ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපතිව මුණ ගැසෙන්නන් බවත්, තවද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති.
عربي تفسیرونه:
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَنِّیْ فَضَّلْتُكُمْ عَلَی الْعٰلَمِیْنَ ۟
ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තවද සැබැවින් ම මම නුඹලාව සියලු ලෝවැසියනට වඩා උසස් කළෙමි.
عربي تفسیرونه:
وَاتَّقُوْا یَوْمًا لَّا تَجْزِیْ نَفْسٌ عَنْ نَّفْسٍ شَیْـًٔا وَّلَا یُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَّلَا یُؤْخَذُ مِنْهَا عَدْلٌ وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟
තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළිගනු නො ලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නො ලබන දිනයකට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නො ලබන්නෝ ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول