Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
وَبَشِّرِ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اَنَّ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— كُلَّمَا رُزِقُوْا مِنْهَا مِنْ ثَمَرَةٍ رِّزْقًا ۙ— قَالُوْا هٰذَا الَّذِیْ رُزِقْنَا مِنْ قَبْلُ وَاُتُوْا بِهٖ مُتَشَابِهًا ؕ— وَلَهُمْ فِیْهَاۤ اَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّهُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
තවද විශ්වාස කොට යහකම් කළවුනට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරුවලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙකට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
عربي تفسیرونه:
اِنَّ اللّٰهَ لَا یَسْتَحْیٖۤ اَنْ یَّضْرِبَ مَثَلًا مَّا بَعُوْضَةً فَمَا فَوْقَهَا ؕ— فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا فَیَعْلَمُوْنَ اَنَّهُ الْحَقُّ مِنْ رَّبِّهِمْ ۚ— وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا فَیَقُوْلُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ۘ— یُضِلُّ بِهٖ كَثِیْرًا وَّیَهْدِیْ بِهٖ كَثِیْرًا ؕ— وَمَا یُضِلُّ بِهٖۤ اِلَّا الْفٰسِقِیْنَ ۟ۙ
නියත වශයෙන් ම කෝඳුරුවකුගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑමට අල්ලාහ් ලැජ්ජා නො වන්නේ ය. එවිට විශ්වාස කළවුන් වූ කලි, සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් වූ කලි, අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැ? යි විමසති. එමඟින් බොහෝ දෙනා නොමඟ හරී. තවද එමඟින් බොහෝ දෙනා යහ මඟට යොමු කරයි. ඔහු දුෂ්ඨයින් හැර අන් කිසිවෙකු එමඟින් නොමඟ නො හරී.
عربي تفسیرونه:
الَّذِیْنَ یَنْقُضُوْنَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِیْثَاقِهٖ ۪— وَیَقْطَعُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیُفْسِدُوْنَ فِی الْاَرْضِ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ.
عربي تفسیرونه:
كَیْفَ تَكْفُرُوْنَ بِاللّٰهِ وَكُنْتُمْ اَمْوَاتًا فَاَحْیَاكُمْ ۚ— ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یُحْیِیْكُمْ ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟
නුඹලා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවීව සිටිය දී නුඹලාට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසුව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.
عربي تفسیرونه:
هُوَ الَّذِیْ خَلَقَ لَكُمْ مَّا فِی الْاَرْضِ جَمِیْعًا ۗ— ثُمَّ اسْتَوٰۤی اِلَی السَّمَآءِ فَسَوّٰىهُنَّ سَبْعَ سَمٰوٰتٍ ؕ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසුව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول