Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓىِٕكَةِ اِنِّیْ جَاعِلٌ فِی الْاَرْضِ خَلِیْفَةً ؕ— قَالُوْۤا اَتَجْعَلُ فِیْهَا مَنْ یُّفْسِدُ فِیْهَا وَیَسْفِكُ الدِّمَآءَ ۚ— وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ؕ— قَالَ اِنِّیْۤ اَعْلَمُ مَا لَا تَعْلَمُوْنَ ۟
තවද නුඹගේ පරමාධිපති මලක්වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්නට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබව ඔබගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තවද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ?" යි ඔවුහු පැවසූහ. "නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි" යැයි ඔහු පැවසුවේ ය.
عربي تفسیرونه:
وَعَلَّمَ اٰدَمَ الْاَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَی الْمَلٰٓىِٕكَةِ فَقَالَ اَنْۢبِـُٔوْنِیْ بِاَسْمَآءِ هٰۤؤُلَآءِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
ආදම්ට සියලු නාමයන් ඔහු ඉගැන්වී ය. පසුව ඒවා මලක්වරුන් වෙත ගෙන හැර පා "නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙහි නාමයන් මට දැනුම් දෙනු" යි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
قَالُوْا سُبْحٰنَكَ لَا عِلْمَ لَنَاۤ اِلَّا مَا عَلَّمْتَنَا ؕ— اِنَّكَ اَنْتَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
"ඔබ සුපිවිතුරු ය. ඔබ අපට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අපට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත" යැයි (මලක්වරුන්) පැවසූහ.
عربي تفسیرونه:
قَالَ یٰۤاٰدَمُ اَنْۢبِئْهُمْ بِاَسْمَآىِٕهِمْ ۚ— فَلَمَّاۤ اَنْۢبَاَهُمْ بِاَسْمَآىِٕهِمْ ۙ— قَالَ اَلَمْ اَقُلْ لَّكُمْ اِنِّیْۤ اَعْلَمُ غَیْبَ السَّمٰوٰتِ وَالْاَرْضِ ۙ— وَاَعْلَمُ مَا تُبْدُوْنَ وَمَا كُنْتُمْ تَكْتُمُوْنَ ۟
"අහෝ ආදම්! ඒවායෙහි නාමයන් ඔවුනට දන්වනු" යැයි ඔහු පැවසී ය. ඔවුනට ඔහු ඒවායෙහි නාමයන් දැන් වූ කල්හි "අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තවද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නො කීවෙමි ද? " යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේ ය.
عربي تفسیرونه:
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰی وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكٰفِرِیْنَ ۟
පසුව අපි මලක්වරුන්ට "ආදම්ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝ ම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තවද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.
عربي تفسیرونه:
وَقُلْنَا یٰۤاٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَیْثُ شِئْتُمَا ۪— وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُوْنَا مِنَ الظّٰلِمِیْنَ ۟
තවද අහෝ ආදම්! නුඹ ද නුඹගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තවද නුඹලා දෙදෙනා මෙම ගසට ළං නො වනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.
عربي تفسیرونه:
فَاَزَلَّهُمَا الشَّیْطٰنُ عَنْهَا فَاَخْرَجَهُمَا مِمَّا كَانَا فِیْهِ ۪— وَقُلْنَا اهْبِطُوْا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ— وَلَكُمْ فِی الْاَرْضِ مُسْتَقَرٌّ وَّمَتَاعٌ اِلٰی حِیْنٍ ۟
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනාව බැහැර කළේ ය. තවද "නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු ය. නුඹලාට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත" යැයි අපි පැවසුවෙමු.
عربي تفسیرونه:
فَتَلَقّٰۤی اٰدَمُ مِنْ رَّبِّهٖ كَلِمٰتٍ فَتَابَ عَلَیْهِ ؕ— اِنَّهٗ هُوَ التَّوَّابُ الرَّحِیْمُ ۟
පසුව ආදම් තම පරමාධිපතිගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේ ය. පසුව ඔහු ඔහුට පාප ක්ෂමාව දුන්නේ ය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول