Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
وَاِذْ اَخَذْنَا مِیْثَاقَكُمْ لَا تَسْفِكُوْنَ دِمَآءَكُمْ وَلَا تُخْرِجُوْنَ اَنْفُسَكُمْ مِّنْ دِیَارِكُمْ ثُمَّ اَقْرَرْتُمْ وَاَنْتُمْ تَشْهَدُوْنَ ۟
තවද නුඹලා නුඹලාගේ රුධිරය නො හළනු. තවද නුඹලා අතුරින් වූවන්ව නුඹලාගේ නිවෙස්වලින් බැහැර නො කරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහු ය.
عربي تفسیرونه:
ثُمَّ اَنْتُمْ هٰۤؤُلَآءِ تَقْتُلُوْنَ اَنْفُسَكُمْ وَتُخْرِجُوْنَ فَرِیْقًا مِّنْكُمْ مِّنْ دِیَارِهِمْ ؗ— تَظٰهَرُوْنَ عَلَیْهِمْ بِالْاِثْمِ وَالْعُدْوَانِ ؕ— وَاِنْ یَّاْتُوْكُمْ اُسٰرٰی تُفٰدُوْهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَیْكُمْ اِخْرَاجُهُمْ ؕ— اَفَتُؤْمِنُوْنَ بِبَعْضِ الْكِتٰبِ وَتَكْفُرُوْنَ بِبَعْضٍ ۚ— فَمَا جَزَآءُ مَنْ یَّفْعَلُ ذٰلِكَ مِنْكُمْ اِلَّا خِزْیٌ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَیَوْمَ الْقِیٰمَةِ یُرَدُّوْنَ اِلٰۤی اَشَدِّ الْعَذَابِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
පසුව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතනය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක්ව ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා බැහැර කරන්නෙහු ය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුනට එරෙහිව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහු ය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන්ව මුදවා ගන්නෙහු ය. එසේ නුඹලා ඔවුන්ව බැහැර කිරීම පවා තහනම්ව තිබී ය. නුඹලා දේව ග්‍රන්ථයෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන්හට මෙලොව ජීවිතයේ අවමානය මිස වෙනත් ප්‍රතිඵලයක් නොමැත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාවට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නො සලකා හරින්නෙකු නො වේ.
عربي تفسیرونه:
اُولٰٓىِٕكَ الَّذِیْنَ اشْتَرَوُا الْحَیٰوةَ الدُّنْیَا بِالْاٰخِرَةِ ؗ— فَلَا یُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ یُنْصَرُوْنَ ۟۠
ඔවුහු මය මතු ලොව වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත්තෝ. එබැවින් ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු උදව් කරනු ද නො ලබති.
عربي تفسیرونه:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَقَفَّیْنَا مِنْ بَعْدِهٖ بِالرُّسُلِ ؗ— وَاٰتَیْنَا عِیْسَی ابْنَ مَرْیَمَ الْبَیِّنٰتِ وَاَیَّدْنٰهُ بِرُوْحِ الْقُدُسِ ؕ— اَفَكُلَّمَا جَآءَكُمْ رَسُوْلٌۢ بِمَا لَا تَهْوٰۤی اَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ ۚ— فَفَرِیْقًا كَذَّبْتُمْ ؗ— وَفَرِیْقًا تَقْتُلُوْنَ ۟
තවද නියත වශයෙන් ම අපි මූසාට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද ඔහුගෙන් පසුව ධර්ම දූතයින්ව අනුපිළිවෙළින් යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තවද පිවිතුරු ආත්මයෙන් ඔහුව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නො කරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහු ය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහු ය.
عربي تفسیرونه:
وَقَالُوْا قُلُوْبُنَا غُلْفٌ ؕ— بَلْ لَّعَنَهُمُ اللّٰهُ بِكُفْرِهِمْ فَقَلِیْلًا مَّا یُؤْمِنُوْنَ ۟
අපගේ හදවත් ආවරණය වී ඇතැ'යි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول