Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
قُلْ اِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْاٰخِرَةُ عِنْدَ اللّٰهِ خَالِصَةً مِّنْ دُوْنِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලාට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
عربي تفسیرونه:
وَلَنْ یَّتَمَنَّوْهُ اَبَدًا بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
තවද ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නො කරන්නේ ම ය. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්වඥානී ය.
عربي تفسیرونه:
وَلَتَجِدَنَّهُمْ اَحْرَصَ النَّاسِ عَلٰی حَیٰوةٍ ۛۚ— وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْا ۛۚ— یَوَدُّ اَحَدُهُمْ لَوْ یُعَمَّرُ اَلْفَ سَنَةٍ ۚ— وَمَا هُوَ بِمُزَحْزِحِهٖ مِنَ الْعَذَابِ اَنْ یُّعَمَّرَ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟۠
ඔවුන් අන් මිනිසුන්ට වඩා, තවද (විශේෂයෙන්) ආදේශ කළවුනට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන්ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන්ට වසර දහසක් ආයුෂ දෙනු නො ලබන්නේ දැ? යි ආශා කරයි. එහෙත් ඔහුට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නො වෙයි. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
عربي تفسیرونه:
قُلْ مَنْ كَانَ عَدُوًّا لِّجِبْرِیْلَ فَاِنَّهٗ نَزَّلَهٗ عَلٰی قَلْبِكَ بِاِذْنِ اللّٰهِ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ وَهُدًی وَّبُشْرٰی لِلْمُؤْمِنِیْنَ ۟
කවරෙක් ජිබ්රීල්ට සතුරු වන්නේ ද ඔහුට පවසනු. සැබැවින් ම (ජිබ්රීල් වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද, මඟ පෙන් වීමක් ලෙස ද, විශ්වාස කළවුන්ට සුබාරංචියක් ලෙස ද, එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.
عربي تفسیرونه:
مَنْ كَانَ عَدُوًّا لِّلّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَرُسُلِهٖ وَجِبْرِیْلَ وَمِیْكٰىلَ فَاِنَّ اللّٰهَ عَدُوٌّ لِّلْكٰفِرِیْنَ ۟
කවරෙක් අල්ලාහ්ට ද ඔහුගේ දේව දූතයින්ට ද ඔහුගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්, මීකාල් (නම් දේව දූතයින් ට) ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ට සතුරාය (යන වග දැන ගනු).
عربي تفسیرونه:
وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكَ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۚ— وَمَا یَكْفُرُ بِهَاۤ اِلَّا الْفٰسِقُوْنَ ۟
තවද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා
ප්‍රතික්ෂේප නො කරති.
عربي تفسیرونه:
اَوَكُلَّمَا عٰهَدُوْا عَهْدًا نَّبَذَهٗ فَرِیْقٌ مِّنْهُمْ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یُؤْمِنُوْنَ ۟
ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නො වේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නො කරති.
عربي تفسیرونه:
وَلَمَّا جَآءَهُمْ رَسُوْلٌ مِّنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِیْقٌ مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ ۙۗ— كِتٰبَ اللّٰهِ وَرَآءَ ظُهُوْرِهِمْ كَاَنَّهُمْ لَا یَعْلَمُوْنَ ۟ؗ
ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි,
ග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ්ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول