Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
اَوَلَا یَعْلَمُوْنَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۟
සැබැවින් ම ඔවුන් සඟවන දැය ද, තවද ඔවුන් හෙළි කරන දැය ද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?
عربي تفسیرونه:
وَمِنْهُمْ اُمِّیُّوْنَ لَا یَعْلَمُوْنَ الْكِتٰبَ اِلَّاۤ اَمَانِیَّ وَاِنْ هُمْ اِلَّا یَظُنُّوْنَ ۟
ඔවුන් අතුරින් ලිවීමට කියවීමට නොහැකි (දේව ග්‍රන්ථ නො ලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථය පිළිබඳ නො දනිති. තවද ඔවුන් අනුමාන කරනවා මිස නැත.
عربي تفسیرونه:
فَوَیْلٌ لِّلَّذِیْنَ یَكْتُبُوْنَ الْكِتٰبَ بِاَیْدِیْهِمْ ۗ— ثُمَّ یَقُوْلُوْنَ هٰذَا مِنْ عِنْدِ اللّٰهِ لِیَشْتَرُوْا بِهٖ ثَمَنًا قَلِیْلًا ؕ— فَوَیْلٌ لَّهُمْ مِّمَّا كَتَبَتْ اَیْدِیْهِمْ وَوَیْلٌ لَّهُمْ مِّمَّا یَكْسِبُوْنَ ۟
එබැවින් තම දෑත්වලින් ග්‍රන්ථය ලියා පසුව එය සුළු මිලකට විකුණනු පිණිස, "මෙය අල්ලාහ් වෙතින්" යැයි පවසන අයට විනාශය අත් වේවා! එබැවින් ඔවුන්ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුනට විනාශය අත් වේවා!
عربي تفسیرونه:
وَقَالُوْا لَنْ تَمَسَّنَا النَّارُ اِلَّاۤ اَیَّامًا مَّعْدُوْدَةً ؕ— قُلْ اَتَّخَذْتُمْ عِنْدَ اللّٰهِ عَهْدًا فَلَنْ یُّخْلِفَ اللّٰهُ عَهْدَهٗۤ اَمْ تَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
තවද "නිරා ගින්න සීමිත දින ගණනකට මිස අපව ස්පර්ශ නො කරන්නේ ම ය" යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. "(ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ප්‍රතිඥාවක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කිසි විටක කඩ නො කරන්නේ ම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?"
عربي تفسیرونه:
بَلٰی مَنْ كَسَبَ سَیِّئَةً وَّاَحَاطَتْ بِهٖ خَطِیْٓـَٔتُهٗ فَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහුගේ වැරදි ඔහුව වෙළාගෙන ඇත්තේ ද ඔවුහු මය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
عربي تفسیرونه:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟۠
තවද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහු මය ස්වර්ග උයනෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
عربي تفسیرونه:
وَاِذْ اَخَذْنَا مِیْثَاقَ بَنِیْۤ اِسْرَآءِیْلَ لَا تَعْبُدُوْنَ اِلَّا اللّٰهَ ۫— وَبِالْوَالِدَیْنِ اِحْسَانًا وَّذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَقُوْلُوْا لِلنَّاسِ حُسْنًا وَّاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ؕ— ثُمَّ تَوَلَّیْتُمْ اِلَّا قَلِیْلًا مِّنْكُمْ وَاَنْتُمْ مُّعْرِضُوْنَ ۟
තවද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නො කරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තවද ජනයාට යහ වදනින් අමතනු. තවද සලාතය ස්ථාපිත කරනු. zසකාත් (අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන්ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසුව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නො සලකා හරින්නන් ලෙසින් එයට පිටු පෑවෙහු ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول