Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
سَیَقُوْلُ السُّفَهَآءُ مِنَ النَّاسِ مَا وَلّٰىهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِیْ كَانُوْا عَلَیْهَا ؕ— قُلْ لِّلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ؕ— یَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
ඔවුන් කවර දෙයක් මත සිටියෝ ද එවන් ඔවුන්ගේ දිශාවෙන් ඔවුන්ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන්හට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ඇතැයි (නබිවරය) පවසනු.
عربي تفسیرونه:
وَكَذٰلِكَ جَعَلْنٰكُمْ اُمَّةً وَّسَطًا لِّتَكُوْنُوْا شُهَدَآءَ عَلَی النَّاسِ وَیَكُوْنَ الرَّسُوْلُ عَلَیْكُمْ شَهِیْدًا ؕ— وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِیْ كُنْتَ عَلَیْهَاۤ اِلَّا لِنَعْلَمَ مَنْ یَّتَّبِعُ الرَّسُوْلَ مِمَّنْ یَّنْقَلِبُ عَلٰی عَقِبَیْهِ ؕ— وَاِنْ كَانَتْ لَكَبِیْرَةً اِلَّا عَلَی الَّذِیْنَ هَدَی اللّٰهُ ؕ— وَمَا كَانَ اللّٰهُ لِیُضِیْعَ اِیْمَانَكُمْ ؕ— اِنَّ اللّٰهَ بِالنَّاسِ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලාව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ එලෙස ය. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන්ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් දිශාව අපි පත් නො කළෙමු. එය අල්ලාහ් මඟ පෙන්වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට අල්ලාහ්ට (අවශ්‍ය) නො වීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාට ම සෙනෙහෙවන්ත ය, අසමසම කරුණාවන්ත ය.
عربي تفسیرونه:
قَدْ نَرٰی تَقَلُّبَ وَجْهِكَ فِی السَّمَآءِ ۚ— فَلَنُوَلِّیَنَّكَ قِبْلَةً تَرْضٰىهَا ۪— فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَحَیْثُ مَا كُنْتُمْ فَوَلُّوْا وُجُوْهَكُمْ شَطْرَهٗ ؕ— وَاِنَّ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ لَیَعْلَمُوْنَ اَنَّهُ الْحَقُّ مِنْ رَّبِّهِمْ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا یَعْمَلُوْنَ ۟
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි!) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ.
عربي تفسیرونه:
وَلَىِٕنْ اَتَیْتَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ بِكُلِّ اٰیَةٍ مَّا تَبِعُوْا قِبْلَتَكَ ۚ— وَمَاۤ اَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ— وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ؕ— وَلَىِٕنِ اتَّبَعْتَ اَهْوَآءَهُمْ مِّنْ بَعْدِ مَا جَآءَكَ مِنَ الْعِلْمِ ۙ— اِنَّكَ اِذًا لَّمِنَ الظّٰلِمِیْنَ ۟ۘ
තවද දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක් ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ දිශාව අනුගමනය නො කළෝ ය. එසේ ම නුඹ ද ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නෙකු නො වේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ දිශාව අනුගමනය කරන්නන් නො වෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන් ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහි ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول