Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
یٰۤاَهْلَ الْكِتٰبِ لَا تَغْلُوْا فِیْ دِیْنِكُمْ وَلَا تَقُوْلُوْا عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ ؕ— اِنَّمَا الْمَسِیْحُ عِیْسَی ابْنُ مَرْیَمَ رَسُوْلُ اللّٰهِ وَكَلِمَتُهٗ ۚ— اَلْقٰىهَاۤ اِلٰی مَرْیَمَ وَرُوْحٌ مِّنْهُ ؗ— فَاٰمِنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ۫— وَلَا تَقُوْلُوْا ثَلٰثَةٌ ؕ— اِنْتَهُوْا خَیْرًا لَّكُمْ ؕ— اِنَّمَا اللّٰهُ اِلٰهٌ وَّاحِدٌ ؕ— سُبْحٰنَهٗۤ اَنْ یَّكُوْنَ لَهٗ وَلَدٌ ۘ— لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟۠
දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනය නොකරන්න. ඊසා (අලය්හිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්යය හැර වෙනත් කිසිවක් ගොතා නොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසායා අල්ලාහ්ගේ දූතයෙකි. සත්යයෙන් යුතු ව ඔහු එව්වේය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ ඔහුගේ වදනින් ඔහු මැව්වේය. "කුන්" යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේ නියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදු බෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්වය ත්රිත්වය යැයි නොපවසනු. මෙම ව්යාජ, නරක ප්රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද මහපොළොවෙහි පාලනයද ඒ දෙකහි ඇති පාලනයද ඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත් අල්ලාහ් ප්රමාණවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ یَّسْتَنْكِفَ الْمَسِیْحُ اَنْ یَّكُوْنَ عَبْدًا لِّلّٰهِ وَلَا الْمَلٰٓىِٕكَةُ الْمُقَرَّبُوْنَ ؕ— وَمَنْ یَّسْتَنْكِفْ عَنْ عِبَادَتِهٖ وَیَسْتَكْبِرْ فَسَیَحْشُرُهُمْ اِلَیْهِ جَمِیْعًا ۟
මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් හෝ ඔහුට වඩාත් සමීප, ඔවුන්ගේ තරාතිරම් උසස් කරනු ලැබූ මලක්වරුන් අල්ලාහ්ට ගැත්තන් වීමෙන් හෝ කිසිවිටෙක වැළකී නොසිටිති. එසේ කිරීම අතහැර නොදමති. එසේ නම් ඔබ ඊසා තුමා ව දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? මුෂ්රිකූන් හෙවත් දෙවියන්ට ආදේශ තබන්නන් මලක්වරු දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? කවරෙකු අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් වැළකී, ඉන් ඉවත් වන්නේද සැබැවින් අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියල්ලන් එක්රැස් කොට ඔවුනොවුනුට ගැළපෙන අයුරින් ප්රතිඵල පිරිනමන බව දැන ගත යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُوَفِّیْهِمْ اُجُوْرَهُمْ وَیَزِیْدُهُمْ مِّنْ فَضْلِهٖ ۚ— وَاَمَّا الَّذِیْنَ اسْتَنْكَفُوْا وَاسْتَكْبَرُوْا فَیُعَذِّبُهُمْ عَذَابًا اَلِیْمًا ۙ۬— وَّلَا یَجِدُوْنَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් සත්ය බව තහවුරු කොට, අවංක ලෙසින් හා ආගමානුගත කළ කරුණු වලට අනුකූල ව, ඒ පිළිබඳ දැනුවත් ව අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් ඉටු කරන්නන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු අඩු කිරීමකින් තොර ව පූර්ණ කුසල් ඔහු ඔවුනට පිරිනමනු ඇත. ඔහුගේ ආශිර්වාදය හා භාග්ය තුළින් ඊටත් වඩා අධික ව පිරිනමනු ඇත. නමුත් අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් හා අවනතවීමෙන් ඉවත් ව, උඩඟුවෙන් තමන් උසස් යැයි සැලකූ අය වනාහි, වේදනා සහගත දඬුවමින් ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. ඔවුනට යහපත සැලසීමටත් ඔවුනට උපකාර කොට ඔවුනට අත්වන හිංසාවෙන් ඔවුන් මුදවන්නටත් අල්ලාහ් හැර වෙනත් කිසිදු භාරකරුවකු ඔවුන් නොදකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمْ بُرْهَانٌ مِّنْ رَّبِّكُمْ وَاَنْزَلْنَاۤ اِلَیْكُمْ نُوْرًا مُّبِیْنًا ۟
අහෝ ජනයිනි! නිදහසට කරුණු කිව නොහැකි පරිදි සැකය දුරු කරන පැහැදිලි සාධකයක් ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පැමිණ ඇත. ඔහු ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. එමෙන්ම අපි ඔබ වෙත පැහැදිලි ආලෝකයක් පහළ කළෙමු. එය මෙම අල් කුර්ආනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَاعْتَصَمُوْا بِهٖ فَسَیُدْخِلُهُمْ فِیْ رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ ۙ— وَّیَهْدِیْهِمْ اِلَیْهِ صِرَاطًا مُّسْتَقِیْمًا ۟ؕ
අල්ලාහ් ව විශ්වාස කොට තම නබිවරයාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුනට කුසල් අධික ව පිරිනමනු ඇත. තරාතිරම් උසස් කරනු ඇත. කිසිදු ඇදයක් නොමැති ඍජු මාවත මත ගමන් කිරීමට ආශිර්වාද කරනු ඇත. එය සදා ස්වර්ග උයන් වෙත සේන්දු කරවන උතුම් මාර්ගයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان أن المسيح بشر، وأن أمه كذلك، وأن الضالين من النصارى غلوا فيهما حتى أخرجوهما من حد البشرية.
සැබැවින්ම මසායා මිනිසෙකි. ඔහුගේ මවද එලෙසමය. නමුත් කිතුනුවන් අතරින් මුළාවට පත් වූවන් ඔවුන් දෙදෙනා මිනිස් සීමාවෙන් ඔබ්බට ගෙන යන තරමට ඔවුන් විෂයයෙහි ඉක්මවා ගොස් ඇති බව විස්තර කිරීම.

• بيان بطلان شرك النصارى القائلين بالتثليث، وتنزيه الله تعالى عن أن يكون له شريك أو شبيه أو مقارب، وبيان انفراده - سبحانه - بالوحدانية في الذات والأسماء والصفات.
ත්රිත්වය පිළිබඳ පවසන කිතුනුවන්ගේ ආදේශනය ව්යාජ බවත් අල්ලාහ්ට කිසිදු ආදේශකයෙකු හෝ සමානයකු හෝ ඔහු සමඟ සමීපයකු හෝ වීමෙන් ඔහු පිවිතුරු බවත් විස්තර කිරීම හා උත්තරීතර අල්ලාහ් ඔහුගේ පැවැත්ම, නාම හා ගුණාංග තුළ ඒකීයත්වෙන් සුවිශේෂී බවත් පැහැදිලි කිරීම.

• إثبات أن عيسى عليه السلام والملائكة جميعهم عباد مخلوقون لا يستكبرون عن الاعتراف بعبوديتهم لله تعالى والانقياد لأوامره، فكيف يسوغ اتخاذهم آلهة مع كونهم عبيدًا لله تعالى؟!
සැබැවින්ම ඊසා (අලය්හිස් සලාම්) තුමා හා මලක්වරුන් යන සියලු දෙනා අල්ලාහ්ගේ මැවීම් මෙන්ම ගැත්තන් බව තහවුරු කිරීම. අල්ලාහ්ට ගැතිකම් කිරීම, ඔහුගේ නියෝග පිළිපැදීම යනාදිය පිළිගැනීමට ඔවුහු උඩගු නොවෙති. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන්ව සිටියදී ඔවුන් සමග දේවත්වය ඈඳිය හැක්කේ කෙසේද?

• في الدين حجج وبراهين عقلية تدفع الشبهات، ونور وهداية تدفع الحيرة والشهوات.
දහම තුළ සැකය වළක්වන බුද්ධිමය සාධක හා සාක්ෂි ඇත. එමෙන්ම තෘෂ්ණාව හා ආශාව වළක්වන මඟපෙන්වීම හා ආලෝය ද ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት