Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَّاسْتَغْفِرِ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟ۚ
අල්ලාහ්ගෙන් සමාව හා දයාව අයදිනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතුරින් කවරෙකු පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේද එවන්නන්හට ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُجَادِلْ عَنِ الَّذِیْنَ یَخْتَانُوْنَ اَنْفُسَهُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ مَنْ كَانَ خَوَّانًا اَثِیْمًا ۟ۚۙ
වංචා කරන, තම වංචාව සඟවමින් ඉහවහා යන කිසිදු පුද්ගලයකු වෙනුවෙන් ඔබ වාද නොකරනු. අධික ලෙස වංචා කරන, පාපාකම් කරන කිසිවෙකු අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّسْتَخْفُوْنَ مِنَ النَّاسِ وَلَا یَسْتَخْفُوْنَ مِنَ اللّٰهِ وَهُوَ مَعَهُمْ اِذْ یُبَیِّتُوْنَ مَا لَا یَرْضٰی مِنَ الْقَوْلِ ؕ— وَكَانَ اللّٰهُ بِمَا یَعْمَلُوْنَ مُحِیْطًا ۟
ඔවුන් බියෙන් හා ලැජ්ජාවෙන් බේරෙන්නට තම වැරදි ජනයාගෙන් සඟවති. නමුත් ඔවුනට අල්ලාහ්ගෙන් සැඟ වී සිටිය නොහැක. ඔහු ඔවුන් සමගය. ඔහු ඔවුන් වටකරගෙන සිටියි. අපරාධකරුවාට ආරක්ෂාව සැලසීම, නිරපරාධියා වරදකරුවකු කිරීම වැන ඔහු තෘප්තියට පත් නොවන ප්රකාශ ඔවුන් සඟවමින් සැලැසුම් කරන අවස්ථාවේ ඒ කිසිවක් ඔහුට සැඟ වී ගියේ නැත. රහසිගත ව හෝ ප්රසිද්ධියේ හෝ ඔවුන් සිදු කරන කුමක් වූවත් ඒ සියල්ල ඔහු සර්ව ප්රකාරයෙන් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ جَدَلْتُمْ عَنْهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا ۫— فَمَنْ یُّجَادِلُ اللّٰهَ عَنْهُمْ یَوْمَ الْقِیٰمَةِ اَمْ مَّنْ یَّكُوْنُ عَلَیْهِمْ وَكِیْلًا ۟
මෙන්න වැරදි කරන්නන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ අවධානයට යොමු කරන අයලුවනි, නුඹලා ඔවුන් නිර්දෝෂී බව ඔප්පු කර, ඔවුන් දඬුවමින් මුදා ගනු පිණිස මෙලොවෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය වටහා ගත් පසු ඔවුන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනුයේ කවරෙකුද? එදින ඔවුන්ගේ භාරකරු කවරෙකුද? කිසිදු සැකයක් නැත. එදින ඒ සඳහා කිසිවකු හැකියාව නොදරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّعْمَلْ سُوْٓءًا اَوْ یَظْلِمْ نَفْسَهٗ ثُمَّ یَسْتَغْفِرِ اللّٰهَ یَجِدِ اللّٰهَ غَفُوْرًا رَّحِیْمًا ۟
කවරෙකු යම් නපුරක් සිදු කොට එසේ නැතහොත් පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කරගෙන පසු ව තම පාපය පිළිගෙන ඒ සඳහා පසුතැවිලි වෙමින් එයින් මුදවන මෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේද තම පාපයට සමාව දෙන්නෙකු ලෙසත්, ඔහු සමග කාරුණික ව කටයුතු කරන්නෙකු ලෙසත්, ඔහු අල්ලාහ් ව නිරන්තරයෙන් දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّكْسِبْ اِثْمًا فَاِنَّمَا یَكْسِبُهٗ عَلٰی نَفْسِهٖ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
කවරෙකු කුඩා හෝ මහා පාපයක් සිදු කරන්නේ ද ඔහු සතු දඬුවම ඔහු වෙත පමණක් පැවරෙනු ඇත. එය වෙනත් කෙනෙකු වෙත පැවරෙන්නේ නැත. ගැත්තන්ගේ ක්රියාදාමයන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රාඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّكْسِبْ خَطِیْٓئَةً اَوْ اِثْمًا ثُمَّ یَرْمِ بِهٖ بَرِیْٓـًٔا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠
කවරෙකු වැරදීමකින් යම් පාපයක් සිදු කොට හෝ උවමනාවෙන්ම පාපයක් සිදු කොට පසු ව එම පාපය නිරපරාධි මිනිසෙකු මත පටවන්නේද ඔහුගේ එම ක්රියාව හේතුවෙන් ඔහු දැඩි බොරුවක් හා පැහැදිලි පාපයක් උසුලනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكَ وَرَحْمَتُهٗ لَهَمَّتْ طَّآىِٕفَةٌ مِّنْهُمْ اَنْ یُّضِلُّوْكَ ؕ— وَمَا یُضِلُّوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَضُرُّوْنَكَ مِنْ شَیْءٍ ؕ— وَاَنْزَلَ اللّٰهُ عَلَیْكَ الْكِتٰبَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ؕ— وَكَانَ فَضْلُ اللّٰهِ عَلَیْكَ عَظِیْمًا ۟
අහෝ රසූල්වරය! ඔබ ව ආරක්ෂා කිරීමෙන් අල්ලාහ් ඔබ කෙරෙහි ආශිර්වාද නොකළේ නම්, තමන්හටම වංචා කර ගත් අය අතරින් පිරිසක් ඔබ ව සත්‍යයයෙන් නොමග යවන්නට උත්සාහ දරා, පසු ව ඔබ විසින් අයුක්ති සහගත ලෙස තීන්දු පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් තමන්වම මිස මුළා කර ගත්තේ නැත. නොමග යැවීමේ උත්සාාහයේ ප්‍රතිවිපාකය ඔවුන් වෙතම නැවත හැරී එනු ඇත. අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඇති බැවින් ඔබට යම් හිංසාවක් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. අල්ලාහ් ඔබ වෙත අල් කුර්ආනය හා සුන්නාව පහළ කළේය. මීට පෙර කිසිවකු දැන නොසිටි ප්‍රඥාවෙන් හා යහමගින් ඔබට ඔහු ඉගැන්නුවේය. එමෙන්ම නබිත්වය හෙවත් දූත මෙහෙය ඔබට පිරිනමමින් හා ඔබ ව ආරක්ෂා කරමින් අල්ලාහ් ඔබට දායාද කර ඇත්තේ මහත් භාග්‍යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
අසත්යවාදීන් වෙනුවෙන් වාද කිරීමේ හා ඔවුන් ආරක්ෂා කිරීමේ තහනම. හේතුව, එය පාපයට හා සතුරුකමට සහයදීමක් වන බැවිණි.

• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
•අල්ලාහ්ට බියවෙමින් හා ඔහුට ගරු බුහුමන් කරමින් සත්යය පිළිපැඳීම දෙවියන් විශ්වාස කරන්නෙකුට අත්යාවශ්ය වන්නේය. ඒ අතුරින් සෑම මිනිසෙකුටම වඩා ඉහළින් පිහිටනුයේ ලැජ්ජා බියයි.

• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• තමන්ටම අපරාධ කරගෙන තම අපරාධයත් සමගම සැබෑ ලෙස පාප සමාව අයැද තම පාපයෙන් හැරෙන්නට උත්සාහ දරන්නාට හිමි අල්ලාහ්ගේ කරුණාවේ හා ඔහුගේ සමාවේ විශාලත්වය.

• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
•නිරපරාධියෙකු මත ඔහු නොකළ පාපයක් පැටවීමෙන් හා ඔහු ව සැකකාරයකු බවට පත් කිරීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එසේ සිදු කරන්න් මහා පාපයෙහි හා බොරුවෙහි වැටෙනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት