Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
لَا یُحِبُّ اللّٰهُ الْجَهْرَ بِالسُّوْٓءِ مِنَ الْقَوْلِ اِلَّا مَنْ ظُلِمَ ؕ— وَكَانَ اللّٰهُ سَمِیْعًا عَلِیْمًا ۟
නපුරු වදන් ප්රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඒ කෙරෙහි කෝප වෙයි. ඒ පිළිබඳ අවවාද කරයි. නමුත් අපරාධයට ලක් වූ අයකු තම අපරාධකරු පිළිබඳ පැමිණිලි කර සිටීම, ඔහුට එරෙහිව ප්රාර්ථනා කිරීම, ඔහුගේ ප්රකාශට සමාන ව ප්රකාශයක් සිදු කිරීම වැනි නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට ඔහුට අනුමැතිය ඇත. නමුත් එසේ නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට වඩා අපරාධයට ලක් වූ තැනැත්තා ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් උතුම්ය. අල්ලාහ් ඔබගේ ප්රකාශයන්ට මැනවින් සවන් දෙන්නාය. ඔබගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය. එහෙයින් නපුරු ප්රකාශයක් කිරීමෙන් හා ඒ ගැන සිතීමෙන් ප්රවේශම් විය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ تُبْدُوْا خَیْرًا اَوْ تُخْفُوْهُ اَوْ تَعْفُوْا عَنْ سُوْٓءٍ فَاِنَّ اللّٰهَ كَانَ عَفُوًّا قَدِیْرًا ۟
කවර ප්රකාශයක් හෝ ක්රියාවක් ඔබ හෙළි කළද, එසේ නැතහොත් ඔබ එය සැඟවුවද, එසේත් නැතහොත් ඔබට නපුරුකම් කළ අයට ඔබ සමාව දුන්නද, සැබැවින්ම අල්ලාහ් සමාව දෙන්නා බවත් සර්ව බලධාරියා බවත් දැන ගත යුතුය. එහෙයින් සමාව දීමේ ගුණය ද ඔබේ ගතිගුණ වලට ඇතුළත් විය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය හැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یَكْفُرُوْنَ بِاللّٰهِ وَرُسُلِهٖ وَیُرِیْدُوْنَ اَنْ یُّفَرِّقُوْا بَیْنَ اللّٰهِ وَرُسُلِهٖ وَیَقُوْلُوْنَ نُؤْمِنُ بِبَعْضٍ وَّنَكْفُرُ بِبَعْضٍ ۙ— وَّیُرِیْدُوْنَ اَنْ یَّتَّخِذُوْا بَیْنَ ذٰلِكَ سَبِیْلًا ۙ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කර, ඔහුගේ දූතවරුන්ද ප්රතික්ෂේප කළවුන් වනාහි, අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර වෙනස්කම් ඇති කිරීමට ඔවුන් අපේක්ෂා කරති. එය "ඇතැම් දූතවරුන් අපි විශ්වාස කළ ද ඔවුන්ගෙන් සමහරෙකු අපි ප්රතික්ෂේප කරන්නෙමු" යැයි පවසා ඔහු ව පමණක් විශ්වාස කොට අන් දූතවරුන් බොරුකාරයින් බවට පත් කිරීමෙනි. තමන් ව මුදවා ගනු ඇතැයි සිතමින් දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය අතර මාර්ගයක් සොයන්නට ඔවුහු මාන බලති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اُولٰٓىِٕكَ هُمُ الْكٰفِرُوْنَ حَقًّا ۚ— وَاَعْتَدْنَا لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟
මෙම ගමන් මාර්ගයේ ගමන් කරන්නන් වනාහි, සැබෑ ප්රතික්ෂේපකයෝ ඔවුහුමය. එනම් සැබැවින්ම ධර්ම දූතවරුන් ප්රතික්ෂේප කරන්නා හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ප්රතික්ෂේප කරන්නා හෝ වේවා සැබැවින්ම ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නීච සහගත දඬුවමක් දේව ප්රතික්ෂේපකයින්හට අපි සූදානම් කර ඇත්තෙමු. එය අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීමට ඔවුන් උඩඟු වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ وَلَمْ یُفَرِّقُوْا بَیْنَ اَحَدٍ مِّنْهُمْ اُولٰٓىِٕكَ سَوْفَ یُؤْتِیْهِمْ اُجُوْرَهُمْ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
තවද ඔවුන් වනාහි අල්ලාහ් ව විශ්වාස කර ඔහු ඒකීයයත්වයට පත් කළෝය. ඔහුගේ සියලු දූතවරුන් විශ්වාස කර දේව ප්රතික්ෂේපකයින් වෙන් කළාක් මෙන් ඔවුන් අතර වෙන් කිරීමක් සිදු නොකළෝය. ඔවුන් සියලු දූතවරුන් විශ්වාස කළෝය. එවැන්නන්ට ඔවුන්ගේ විශ්වාසයේ හා එමගින් ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන්හි ප්රතිඵල වශයෙන් මහත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. තම ගැත්තන් අතුරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත නැඹුරුවන්නන්හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَسْـَٔلُكَ اَهْلُ الْكِتٰبِ اَنْ تُنَزِّلَ عَلَیْهِمْ كِتٰبًا مِّنَ السَّمَآءِ فَقَدْ سَاَلُوْا مُوْسٰۤی اَكْبَرَ مِنْ ذٰلِكَ فَقَالُوْۤا اَرِنَا اللّٰهَ جَهْرَةً فَاَخَذَتْهُمُ الصّٰعِقَةُ بِظُلْمِهِمْ ۚ— ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنٰتُ فَعَفَوْنَا عَنْ ذٰلِكَ ۚ— وَاٰتَیْنَا مُوْسٰی سُلْطٰنًا مُّبِیْنًا ۟
දූතය, ඔබේ සත්යතාවට සලකුණක් වශයෙන් අහසින් පුස්තකයක් එකවර මූසා තුමාට පහළ කළාක් මෙන් තමන් වෙතත් පුස්තකයක් පහළ කර දෙන ලෙස යුදෙව්වෝ ඔබෙන් විමසති. එය ඔබ වැදගත් කොට නොසලකනු. මොවුන් විමසා සිටින දෑට වඩා බරපතළ දෑ එනම් තම දෑස් ඉදිරිපිට දෙවියන් පෙන්වන්නැයි ඔවුන්ගේ මුතුන් මිත්තෝ මූසාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් සිදුකළ වරද හේතුවෙන් ඔවුන් විනාශයට පත් වූහ. පසු ව අල්ලාහ් ඔවුන් යළි අවදි කරවීය. අල්ලාහ්ගේ ඒකීයභාවය හා ඔහුගේ ඒකීයත්වයේ හා පාලනයේ ඒකීයභාවය පෙන්වා දෙන පැහැදිලි සංඥා ඔවුන් වෙත පහළ වූවායින් පසු ව පවා ඔවුහු අල්ලාහ් හැර දමා වසු පැටවා වන්දනාමානයට ගත්හ. පසු ව අපි ඔවුනට සමාව දුනිමු. තම ප්රජාවට පැහැදිලි කරනු වස් අපි මූසාට සාධක පිරිනැමුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَرَفَعْنَا فَوْقَهُمُ الطُّوْرَ بِمِیْثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَّقُلْنَا لَهُمْ لَا تَعْدُوْا فِی السَّبْتِ وَاَخَذْنَا مِنْهُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟
ඔවුන් වෙතින් ස්ථීර ගිවිසුම ගැනීම හේතුකොට ගෙන එහි ඇති දෑ ඔවුන් දැන ගනු පිණිස බිය ගැන්වීමක් වශයෙන් ඔවුනට ඉහළින් අපි තූර් නම් කන්ඳ ඔසවා තැබුවෙමු. එසේ ඔසවා තැබූ පසු 'හිස් පහත් කොට නමස්කාර කරමින් බයිතුල් මක්දිස් දොරටුවට පිවිසෙනු' යැයි පැවසුවෙමු. නමුත් ඔවුහු පසුපසලා බඩගාමින් ඒ වෙත ඇතුළු වූහ. තවද ඔබ සෙනසුරාදා දිනයේ මසුන් අල්ලමින් සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සීමාව ඉක්මවා ගොස් දඬයම් කිරීම මිස වෙනත් කිසිවක් ඔවුනට තහනම් නොවීය. ඒ පිළිබඳ දැඩි ස්ථීර ගිවිසුමක් ඔවුන් වෙතින් ගත්තෙමු. නමුත් ඔවුහු ගනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• يجوز للمظلوم أن يتحدث عن ظلمه وظالمه لمن يُرْجى منه أن يأخذ له حقه، وإن قال ما لا يسر الظالم.
අපරාධයට ලක් වූවන්හට තම අයිතිය ලබා දෙන්නට අපේක්ෂා කරන්නෙකු හට තම අපරාධය ගැන හා අපරාධකරුවා පිළිබඳ කතා කිරීම අනුමතය. අපරාධකරු සතුටු නොවන දෙයක් වුවද වරදක් නැත.

• حض المظلوم على العفو - حتى وإن قدر - كما يعفو الرب - سبحانه - مع قدرته على عقاب عباده.
අල්ලාහ් තම ගැත්තන් හට දඬුවම් දීමට බලය තිබියදීත් ඔහු ඔවුනට සමාව දෙන්නාක් මෙන්ම එසේ තමන්ට හැකියාව තිබුණ ද සමාව දීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූවන් දිරි ගැන්වීම.

• لا يجوز التفريق بين الرسل بالإيمان ببعضهم دون بعض، بل يجب الإيمان بهم جميعًا.
දූතවරුන් අතරින් පිරිසක් හැර දමා පිරිසක් පමණක් විශ්වාස කිරීම තුළින් ඔවුන් අතර වෙන් කිරීම සුදුසු නැත. ඔවුන් සියලු දෙනා විශ්වාස කිරීම අනිවාර්යය වන්නේය.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት