Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
فَبِمَا نَقْضِهِمْ مِّیْثَاقَهُمْ وَكُفْرِهِمْ بِاٰیٰتِ اللّٰهِ وَقَتْلِهِمُ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ وَّقَوْلِهِمْ قُلُوْبُنَا غُلْفٌ ؕ— بَلْ طَبَعَ اللّٰهُ عَلَیْهَا بِكُفْرِهِمْ فَلَا یُؤْمِنُوْنَ اِلَّا قَلِیْلًا ۪۟
ස්ථීර ගිවිසුම ඔවුන් කඩ කිරීම හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන්ද, ඔවුන් නබිවරුන් ඝාතනය කළ වැරැද්ද හේතුවෙන්ද, එමෙන්ම ඔවුහු ''අපගේ හදවත් ආවර්ණයක් තුළ ඇත. එබැවින් ඔබ පවසන දෑ අපට වටහා ගත නොහැක'' යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පැවසූ හේතුවෙන්ද අපි අපගේ කරුණාවෙන් ඔවුන් පහ කළෙමු. කරුණ ඔවුන් පවසන සේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබුවේය. එහෙයින් ඔවුන් තුළට යහපත නොපිවිසෙයි. එහෙයින් ඔවුන් තුළ ස්වල්ප විශ්වාසයක් මිස වෙනත් කිසිවක් නැත. එය ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلٰی مَرْیَمَ بُهْتَانًا عَظِیْمًا ۟ۙ
ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් හා මර්යම් (අලය්හස් සලාම්) තුමියට දුරචාරය ඈදා අපහාස කොට අභූත චෝදනා හා අවලාද නැගූ හේතුවෙන් අපි ඔවුන් කරුණා දයාවෙන් ඉවත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّقَوْلِهِمْ اِنَّا قَتَلْنَا الْمَسِیْحَ عِیْسَی ابْنَ مَرْیَمَ رَسُوْلَ اللّٰهِ ۚ— وَمَا قَتَلُوْهُ وَمَا صَلَبُوْهُ وَلٰكِنْ شُبِّهَ لَهُمْ ؕ— وَاِنَّ الَّذِیْنَ اخْتَلَفُوْا فِیْهِ لَفِیْ شَكٍّ مِّنْهُ ؕ— مَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ اِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ— وَمَا قَتَلُوْهُ یَقِیْنًا ۟ۙ
සැබැවින්ම මර්යම්ගේ පුත් අල්ලාහ්ගේ දූත ඊසා ව අපි මරා දැමුවෙමු'' යැයි අභූත චෝදනා නගමින් අහංකාරයෙන් යුතු ව ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්රකාශය හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. ඔවුන් පවසන පරිදි ඔවුන් ඔහු ව ඝාතනය කළේ නැත. කුරුසියේ දමා ඇණ ගැසුවේද නැත. ඔවුන් ඝාතනය කළේ ඊසාට සමාන හැඬරුවක් අල්ලාහ් විසින් පිරිනමා තිබූ පුද්ගලයෙකි. කුරුසියේ දමා ඇණ ගැසුවේද ඔහුවය. නමුත් ඝාතනය කරනු ලැබූ පුද්ගලයා ඊසා (අලය්හිස් සලාම්) යැයි ඔවුහු අනුමාන කරති. තමන් ඔහු ව ඝාතනය කළ බවට වාද කරන යුදෙව්වන් හා ඔහුට අවනත වූ කිතුනුවන් යන දෙදෙනාම ඔහු විෂයෙහි සැකයෙහි පසු වෙති. ඒ ගැන දැනුමක් ඔවුනට නැත. ඔවුන් අනුගමනය කරනුයේ අනුමානයයි. අනුමානය කිසිදු සත්යයකට ඵල නොදෙනු ඇත. ඔවුහු ඊසාව ඝාතනය කළේ නැත. කුරුසියේ ඇණ ගසා එල්ලුවේද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ رَّفَعَهُ اللّٰهُ اِلَیْهِ ؕ— وَكَانَ اللّٰهُ عَزِیْزًا حَكِیْمًا ۟
නමුත් අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවා ගත්තේය. ඔහුගේ ශරීරය හා ඒ සමඟ බැඳුණු ආත්මය ඉහළට ඔසවා ගත්තේය. අල්ලාහ් ඔහුගේ රාජ්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමෙහිද තීන්දු දීමෙහි ද ආගමානුගත කිරීමෙහිද ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ مِّنْ اَهْلِ الْكِتٰبِ اِلَّا لَیُؤْمِنَنَّ بِهٖ قَبْلَ مَوْتِهٖ ۚ— وَیَوْمَ الْقِیٰمَةِ یَكُوْنُ عَلَیْهِمْ شَهِیْدًا ۟ۚ
ඊසා (අලය්හිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළ වී මරණයට පත් වීමට පෙර ආගම් ලත් ජනයා අතරින් කිසිවකු එතුමාණන් ව විශ්වාස කරනු මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන්ට හා ඒවා නියමිත පිළිවෙතට අනුකූල වන හා එයට පටහැණි වන දෑට සාක්ෂිකරුවකු වශයෙන් ඊසා (අලය්හිස් සලාම්) තුමා පෙනී සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَبِظُلْمٍ مِّنَ الَّذِیْنَ هَادُوْا حَرَّمْنَا عَلَیْهِمْ طَیِّبٰتٍ اُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَبِیْلِ اللّٰهِ كَثِیْرًا ۟ۙ
යුදෙව්වන්ගේ අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත වූ යහපත් ආහාර සමහරක් අපි ඔවුනට තහනම් කළෙමු. නිය සහිත සෑම සත්වයෙක්ම අපි ඔවුනට තහනම් කළෙමු. ගවයින් හා එළුවන් අතරින් උන්ගේ පිට මත උසුලා සිටින දෑ හැර උන් දෙදෙනාගේ මේදය අපි තහනම් කළෙමු. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් හා අනුන් වැළැක් වූ හේතුවෙන් එය ඔවුනට දඬුවමක් වශයෙන් යහපත් දැයින් වළක්වන තරමට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَخْذِهِمُ الرِّبٰوا وَقَدْ نُهُوْا عَنْهُ وَاَكْلِهِمْ اَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ ؕ— وَاَعْتَدْنَا لِلْكٰفِرِیْنَ مِنْهُمْ عَذَابًا اَلِیْمًا ۟
පොලිය හා බැඳුණු ගනු දෙනු අල්ලාහ් ඔවුනට තහනම් කළ පසු ව ඔවුන් ඒ සමඟ ගනු දෙනු කළ හේතුවෙන්ද, කිසිදු ආගමික න්යායකින් තොරව මිනිසුන්ගේ ධනය පැහැර ගත් හේතුවෙන්ද ඔවුන් අතර වූ දේව ප්රතික්ෂේපකයින්හට වේදනා සහගත දඬුවමක් අපි සූදානම් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لٰكِنِ الرّٰسِخُوْنَ فِی الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُوْنَ یُؤْمِنُوْنَ بِمَاۤ اُنْزِلَ اِلَیْكَ وَمَاۤ اُنْزِلَ مِنْ قَبْلِكَ وَالْمُقِیْمِیْنَ الصَّلٰوةَ وَالْمُؤْتُوْنَ الزَّكٰوةَ وَالْمُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— اُولٰٓىِٕكَ سَنُؤْتِیْهِمْ اَجْرًا عَظِیْمًا ۟۠
දූතය, යුදෙව්වන් අතරින් දැනුම ලබා එහි ස්ථීර ව සිටින්නන් ද ඔබට අල්ලාහ් පහළ කළ කුර්ආනය සැබෑවක් බව පවසන, දෙවියන් විශ්වාස කර ඔබට පෙර පහළ වූ තව්රාත් හා ඉන්ජීලය වැනි දේව පුස්තක සැබෑවක් ලෙස පිළිගන්න, සලාතය ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමන, අල්ලාහ් ඒකීය යැයි තහවුරු කොට, ඔහුට කිසිදු හවුල්කරුවකු සම්බන්ධ නොකළ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සැබෑවක් ලෙස පිළිගන්නන් වනාහි මෙවන් ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට අතිමහත් තිළිණ අපි මතු පිරිනමමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عاقبة الكفر الختم على القلوب، والختم عليها سبب لحرمانها من الفهم.
දේවත්වය ප්රතික්ෂේප කිරීමේ දඬුවම හදවත් මත මුද්රාව වැටීමයි. හදවත් මත මුද්රා වැටීම වටහා ගැනීම තහනම් කරනු ලබන්නට හේතුවකි.

• بيان عداوة اليهود لنبي الله عيسى عليه السلام، حتى إنهم وصلوا لمرحلة محاولة قتله.
අල්ලාහ්ගේ නබි ඊසා (අලය්හිස් සලාම්) තුමා කෙරෙහි වූ යුදෙව්වන්ගේ සතුරුකම විස්තර කිරීම, එය එතුමාණන් මරා දැමීමේ මට්ටමටම ඔවුන් ගෙන යන ලදී.

• بيان جهل النصارى وحيرتهم في مسألة الصلب، وتعاملهم فيها بالظنون الفاسدة.
කිතුනුවන්ගේ අධමකම, කුරුසියේ ඇණ ගැසීමේ ප්රශ්නයෙහි ඔවුනට පැන නැගුණු කුතුහලය විස්තර කිරීම හා එහිදී නොමනා සිතුවිලිවලින් ඔවුන් කළ ගනුදෙනුව.

• بيان فضل العلم، فإن من أهل الكتاب من هو متمكن في العلم حتى أدى به تمكنه هذا للإيمان بالنبي محمد صلى الله عليه وسلم.
දැනුමේ මහිමය විස්තර කිරීම. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ විශ්වාස කිරීමට තරම් පුළුල් දැනුමක් ඇති විද්වතුන් ආගම් ලත් ජනයා අතර සිටියහ.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት