Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَمَا كَانَ لِمُؤْمِنٍ اَنْ یَّقْتُلَ مُؤْمِنًا اِلَّا خَطَأً ۚ— وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِیْرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَّدِیَةٌ مُّسَلَّمَةٌ اِلٰۤی اَهْلِهٖۤ اِلَّاۤ اَنْ یَّصَّدَّقُوْا ؕ— فَاِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِیْرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ ؕ— وَاِنْ كَانَ مِنْ قَوْمٍ بَیْنَكُمْ وَبَیْنَهُمْ مِّیْثَاقٌ فَدِیَةٌ مُّسَلَّمَةٌ اِلٰۤی اَهْلِهٖ وَتَحْرِیْرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ ۚ— فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ شَهْرَیْنِ مُتَتَابِعَیْنِ ؗ— تَوْبَةً مِّنَ اللّٰهِ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
වැරදීමකින් සිදු වන ඝාතනයකින් මිස දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති අයකු උවමනාවෙන් ඝාතනය කිරීම දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති තවත් අයකුට කිසිදු අවශ්යතාවක් නැත. දෙවියන් විශ්වාස කරන්නෙකු වැරදීමකින් ඝාතනය කළේ නම් ඔහු කළ ක්රියාවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එමෙන්ම ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ පවුලට වන්දි ගෙවීම ඝාතකයාට උරුමකම් කියන සමීපතයින්හට පැවරෙන වගකීමක් වන්නේය. නමුත් ඔවුන් එය නොසලකා හැරියේ නම් එම වගකීම ඔවුන්ගෙන් ඉවත් වනු ඇත. නමුත් ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු ව සිට,, නුඹලාගේ සතුරු පාර්ශවයෙන් කෙනෙකු වී නම් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන වහල් කාන්තාවක් නිදහස් කිරීම අනිවාර්යය වන අතර වන්දි ලබා දීමක් අවශ්ය නොවන්නේය. ඔහු දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නොවී, නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් කර ගෙන සිටින 'දිම්මි' අයකු (ඉස්ලාමීය රාජ්ය තුළ සිටින මුස්ලිම් නොවන්නෙකු) මෙන් වී නම්, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලට වන්දි පිරිනැමීම ඝාතකයාට උරුමකම් කියන පවුලේ උදවියට පැවරෙන්නේය. එමෙන්ම තමන් කළ ක්රියාව වෙනුවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් විශ්වාස කරන වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එසේ වහලියක් නිදහස් කිරීමට නොහැකි නම් හෝ එහි වටිනාකම ගෙවීමට ද නොහැකි නම් තමන් කළ ක්රියාවට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු පිණිස අඛණ්ඩ මාස දෙකක් කිසිදු වෙන්කිරීමකින් තොරව උපවාසයේ නිරත විය යුතුය. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یَّقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهٗ جَهَنَّمُ خَلِدًا فِیْهَا وَغَضِبَ اللّٰهُ عَلَیْهِ وَلَعَنَهٗ وَاَعَدَّ لَهٗ عَذَابًا عَظِیْمًا ۟
කිසිදු යුක්තියකින් තොරව, දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති යම් කිසිවකු උවමනාවෙන් කිසිවෙක් ඝාතනය කර සිටියේ නම් ඒයින් මිදුණද, සමාව අයැද නොසිටිය ද ඔහුට හිමි ප්රතිවිපාකය වනුයේ සදාකල් වෙසෙන නිරයට පිවිසීමය. අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වනු ඇත. ඔහුගේ කරුණාවෙන් පහ කරනු ඇත. මෙම මහත් පාපය සිදු කළ හේතුවෙන් ඔහු ඔහුට දැඩි දඬුවමක් සූදානම් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا ضَرَبْتُمْ فِیْ سَبِیْلِ اللّٰهِ فَتَبَیَّنُوْا وَلَا تَقُوْلُوْا لِمَنْ اَلْقٰۤی اِلَیْكُمُ السَّلٰمَ لَسْتَ مُؤْمِنًا ۚ— تَبْتَغُوْنَ عَرَضَ الْحَیٰوةِ الدُّنْیَا ؗ— فَعِنْدَ اللّٰهِ مَغَانِمُ كَثِیْرَةٌ ؕ— كَذٰلِكَ كُنْتُمْ مِّنْ قَبْلُ فَمَنَّ اللّٰهُ عَلَیْكُمْ فَتَبَیَّنُوْا ؕ— اِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නට යුද පිටියට ගිය විට ඔබ සටන් කරන ප්රතිවාදියා පිළිබඳ තහවුරු කර ගනු. ඔහු සාමය වෙත ඇතුළු වන බවට යම් කිසි සාධකයක් ඔහුගෙන් නුඹලාට දැක ගන්නට ලැබූ විට ‘ඔබ දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ' යැයි නොපවසනු. එසේ සාමය වෙත ඇතුළු වූ බව පවසන අයට එරෙහි ව නැගී සිටිය හැක්කේ ඔබේ ජීවිතය, ඔබේ ධනය කෙරෙහි ඔබ බිය වෙතොත් පමණි. නමුත් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගන්නා මෙලොව අල්ප වස්තුව උදෙසා එසේ ඝාතනය කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් වස්තුව ඇති බවත්, එය මේ අල්ප වස්තුවට වඩා ශ්රේෂ්ඨ හා අති උතුම් බවත් දැන ගත යුතුය. ඔබේ ජනයාට බියෙන් ඔබත් දේව විශ්වාසය සඟවා සිටියාක් මෙන් ඔහුද එසේ සඟවා සිටිනවා විය හැක. එහිදී අල්ලාහ් නුඹලාට ඉස්ලාමය පිරිනමා නුඹලාගේ ජීවිත ආරක්ෂා කළේය. එබැවින් ඔබ ඔහු ගැන තහවුරු කර ගනු. සැබැවින්ම නුඹලාගේ කිසිදු ක්රිායාවක් එය සියුම් කරුණක් වූවත් අල්ලාහ් ට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• جاء القرآن الكريم معظِّمًا حرمة نفس المؤمن، وناهيًا عن انتهاكها، ومرتبًا على ذلك أشد العقوبات.
•දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නාගේ ආත්මය අතිගෞරවනීය හා අති මහත් බව අල්-කුර්ආනය වර්ණනා කරන අතරම එය උල්ලංඝණය කිරීම තහනම් බවත් එහි ප්රතිවිපාකය හා දඬුවම වඩාත් බරපතළ බවත් අවධාරණය කරයි.

• من عقيدة أهل السُّنَّة والجماعة أن المؤمن القاتل لا يُخلَّد أبدًا في النار، وإنما يُعذَّب فيها مدة طويلة ثم يخرج منها برحمة الله تعالى.
•අහ්ලුස් සුන්නා වල් ජමාඅත් ප්රතිපත්තියට අයත් අයගේ විශ්වාසය නම් ඝාතකයා දෙවියන් විශ්වාස කළ අයකු නම් ඔහු නිරා ගින්නෙහි සදහටම නොසිටන බවයි. නමුත් ඔහු එහි දිගු කලක් දඬුවම් විඳ පසු ව අල්ලාහ්ගේ දයාවෙන් ඉන් බැහැර වනු ඇත.

• وجوب التثبت والتبيُّن في الجهاد، وعدم الاستعجال في الحكم على الناس حتى لا يُعتدى على البريء.
•සටනෙහි ප්රතිවාදියා පිළිබඳ තහවුරු කර ගැනීමත්, පැහැදිලි කර ගැනීමත් අනිවාර්යය වන්නේය. එසේම නිරපරාධයකු මත සීමාව ඉක්මවා කටයුතු නොකරනු පිණිස මිනිසුන් පිළිබඳ ඉක්මන් තීන්දු නොගත යුතුයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት