Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
١لَّذِیْنَ یَتَرَبَّصُوْنَ بِكُمْ ۚ— فَاِنْ كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّٰهِ قَالُوْۤا اَلَمْ نَكُنْ مَّعَكُمْ ۖؗ— وَاِنْ كَانَ لِلْكٰفِرِیْنَ نَصِیْبٌ ۙ— قَالُوْۤا اَلَمْ نَسْتَحْوِذْ عَلَیْكُمْ وَنَمْنَعْكُمْ مِّنَ الْمُؤْمِنِیْنَ ؕ— فَاللّٰهُ یَحْكُمُ بَیْنَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلَنْ یَّجْعَلَ اللّٰهُ لِلْكٰفِرِیْنَ عَلَی الْمُؤْمِنِیْنَ سَبِیْلًا ۟۠
නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُنٰفِقِیْنَ یُخٰدِعُوْنَ اللّٰهَ وَهُوَ خَادِعُهُمْ ۚ— وَاِذَا قَامُوْۤا اِلَی الصَّلٰوةِ قَامُوْا كُسَالٰی ۙ— یُرَآءُوْنَ النَّاسَ وَلَا یَذْكُرُوْنَ اللّٰهَ اِلَّا قَلِیْلًا ۟ؗۙ
සැබැවින්ම කුහකයෝ ඉස්ලාමය මතුපිටින් පෙන්වා තම කුහකත්වය සිත් තුළ සගවා ගෙන අල්ලාහ්ට වංචා කරති. සැබැවින්ම අල්ලාහ් ඔවුනට ප්රතිචාර දක්වන්නාය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ කුහකත්වය පිළිබඳ මැනවින් දැන සිටිය දී පවා ඔහු ඔවුනට ජීවිතාරක්ෂාව සපයයි. නමුත් මතුලොවෙහි ඔවුන් සඳහා දැඩි දඬුවම් සූදානම් කර ඇත. ඔවුන් සලාත් ඉටු කිරීම සඳහා නැගිට සිටින විට පිළිකුලෙන් මැලිවෙමින් නැගිට සිටිති. මිනිසුන් ඔවුන් දෙස බලා ගරු කිරීම ඔවුන් අපේක්ෂා කරති. ඔවුන් අල්ලාහ්ට අවංක නොවෙති. දෙවියන් කෙරෙහි විශ්වාස තබන්නන් ඔවුන් දුටු විට ස්වල්පයක් මිස ඔවුහු අල්ලාහ්ව මෙනෙහි නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُّذَبْذَبِیْنَ بَیْنَ ذٰلِكَ ۖۗ— لَاۤ اِلٰی هٰۤؤُلَآءِ وَلَاۤ اِلٰی هٰۤؤُلَآءِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ سَبِیْلًا ۟
මෙම කුහකයෝ දෙගිඩියාවෙන් පසුවෙති. එහෙයින් ඔවුන් ප්රකටව හෝ අප්රකටව හෝ දෙවියන් විශ්වාස කරන්නන් සමග හෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නැත. නමුත් ඔවුන්ගේ බාහිරය දෙවියන් විශ්වාස කරන්නන් සමගද ඔවුන්ගේ අභ්යන්තරය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග ද වේ. අහෝ දූතය! කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේද එම නොමග යෑමෙන් ඔහු වෙත යහමග පෙන්වන්නට කිසිදු මාර්ගයක් ඔබ නොදකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الْكٰفِرِیْنَ اَوْلِیَآءَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ— اَتُرِیْدُوْنَ اَنْ تَجْعَلُوْا لِلّٰهِ عَلَیْكُمْ سُلْطٰنًا مُّبِیْنًا ۟
අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, දේව විශ්වාසී ගැත්තන් හැර තම කටයුතු භාර ව කටයුතු කරන ශුද්ධවන්තයින් ලෙස අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් ඔබ නොගනු. ඔබට දඬුවම් පමුණුවන අයුරින් පැහැදිලි සාධකයක් ඔබට එරෙහිව අල්ලාහ් වෙනුවෙන් ඔබම පත් කර ගන්නට මෙම ක්රියා තුළින් ඔබ අපේක්ෂා කරන්නෙහිද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُنٰفِقِیْنَ فِی الدَّرْكِ الْاَسْفَلِ مِنَ النَّارِ ۚ— وَلَنْ تَجِدَ لَهُمْ نَصِیْرًا ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම කුහකයින් නිරා ගින්නේ පහළ ම ස්ථානයේ පසුවෙති. දඞුවමෙන් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව්කරුවෙකු ඔබ නොදකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا الَّذِیْنَ تَابُوْا وَاَصْلَحُوْا وَاعْتَصَمُوْا بِاللّٰهِ وَاَخْلَصُوْا دِیْنَهُمْ لِلّٰهِ فَاُولٰٓىِٕكَ مَعَ الْمُؤْمِنِیْنَ ؕ— وَسَوْفَ یُؤْتِ اللّٰهُ الْمُؤْمِنِیْنَ اَجْرًا عَظِیْمًا ۟
නමුත් තම කුහකත්වයෙන් මිදී පසුතැවිලි වී අල්ලාහ් වෙත නැඹුරු වෙමින් තම අභ්යන්තර කටයුතු විධිමත් කර ගනිමින් අල්ලාහ්ගේ ගිවිසුම මැනවින් ග්රහණය කර ගනිමින් කිසිදු කුහකත්වයකින් තොර ව තම ක්රියාවන් අවංක ව අල්ලාහ්ට පුදකරමින් කටයුතු කළ උදවිය හැර. මෙම ගුණාංග වලින් වර්ණනා කළවුන් වනාහි මෙලොව හා මතු ලොව දේව විශ්වාසී ගැත්තන් සමග වෙති. එවන් දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් තිළිණ අල්ලාහ් මතු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا یَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاٰمَنْتُمْ ؕ— وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِیْمًا ۟
ඔබ අල්ලාහ්ට කෘතඥ වී, ඔහු ව තරයේ විශ්වාස කළේ නම් ඔබ ව දඬුවමට ලක් කිරීමට කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. ඔහු ඉතා දයානුකම්පිතය. මහා කරුණාභරිතය. සැබැවින්ම ඔහු ඔබ දඬුවමට ලක් කරනුයේ ඔබ කරන පාපකම් හේතුවෙනි. ඔබ කරන ක්රියාවන් විධිමත් ව සිදු කොට ඔහුගේ ආශිර්වාද සඳහා ඔබ ඔහුට කෘතඥ වී බාහිර ව මෙන්ම අභ්යන්තරයෙන්ද ඔහු ව තරයේ විශ්වාස කරන්නෙහු නම් ඔහු ඔබට දඬුවම් නොකරන්නේමය. තම ආශිර්වාදයන් පිළිගත් අයට අල්ලාහ් කෘතවේදී වෙයි. ඒ සඳහා ඔහු ඔවුනට තිළිණ පිරිනමයි. ඔහුගේ මැවීම් තුළ ඇති විශ්වාසය ඔහු මැනවින් දන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان صفات المنافقين، ومنها: حرصهم على حظ أنفسهم سواء كان مع المؤمنين أو مع الكافرين.
කුහකයන්ගේ ගති ලක්ෂණ පැහැදිලි කිරීම, දේව විශ්වාසීන් සමඟ හෝ දේව ප්රතික්ෂේපකයින් සමග හෝ වේවා ඔවුනට වඩා තමන් වාසනාවන්ත වීමට ඔවුන් දක්වන උනන්දුව ඉන් එකකි.

• أعظم صفات المنافقين تَذَبْذُبُهم وحيرتهم واضطرابهم، فلا هم مع المؤمنين حقًّا ولا مع الكافرين.
කුහකයින්ගේ ගුණාංග අතුරින් තවත් ප්රධානතම ගුණාංගයක් වනුයේ ඔවුන්ගේ ව්යාකූලත්වය, කැළඹීම හා කුතුහලයයි. එහෙයින් ඔවුන් දේව විශ්වාසීන් සමගද නැත. දේව ප්රතික්ෂේපකයින් සමගද නැත.

• النهي الشديد عن اتخاذ الكافرين أولياء من دون المؤمنين.
දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් තම මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ දැඩි තහනම.

• أعظم ما يتقي به المرء عذاب الله تعالى في الآخرة هو الإيمان والعمل الصالح.
මතුලොවෙහි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා විය හැකි ප්රධානතම කරුණ වනුයේ දේව විශ්වාසය හා දැහැමි ක්රියාවයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት