Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Isura: Al Baqarat   Umurongo:
وَاِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَاَمْسِكُوْهُنَّ بِمَعْرُوْفٍ اَوْ سَرِّحُوْهُنَّ بِمَعْرُوْفٍ ۪— وَلَا تُمْسِكُوْهُنَّ ضِرَارًا لِّتَعْتَدُوْا ۚ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهٗ ؕ— وَلَا تَتَّخِذُوْۤا اٰیٰتِ اللّٰهِ هُزُوًا ؗ— وَّاذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ وَمَاۤ اَنْزَلَ عَلَیْكُمْ مِّنَ الْكِتٰبِ وَالْحِكْمَةِ یَعِظُكُمْ بِهٖ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
නුඹලාගේ බිරියන් නුඹලා දික්කසාද කළ විට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වීමට පෙර ඔවුන් තම සමීපයට ගන්න. ඔවුන් නැවත පවුල් ජීවිතයට ඇතුළක් කර ගැනීමට හෝ ඔවුන් යහපත් අයුරින් මුදවා හැරීමට හෝ අවසරය ඇත. ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූයේ නම් නැවත ගෙන්වා ගත නොහැකි වන්නේය. අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් ඔවුනට එරෙහි ව සතුරුකම් පෑමේ හෝ හිංසා කිරීමේ අරමුණින් නැවත ගෙන්වා නොගන්න. ඔවුන්ට හිංසා පීඩා කිරීමේ අරමුණින් කවරෙකු එසේ ගෙන්වා ගන්නේද පාපය හා දඬුවමට ලබන්නට සුදුස්සෙකු බවට පත් ව ඔහු තමන්ටම අපරාධ කර ගත් අයෙකු වන්නේය. අල්ලාහ්ගේ වදන් සෙල්ලමට නොගන්න. එයට එරෙහි ව කටයුතු නොකරන්න. නුඹලා වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද සිහිපත් කරන්න. ඒ අතර නුඹලා පහළ කළ කුර්ආනය හා සුන්නා හෙවත් නබි චරිතය වඩාත් උතුම් වන්නේය. නුඹලාට කැමැත්ත හා ආශාව ඇති කළ අයුරින් ඔහු නුඹලාට මෙනෙහි කරයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බියෙන් කටයුතු කරන්න. සෑම දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බවත් ඔහුට කිසිවක් නොසැගවෙන බවත් නුඹලා කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමන බවත් දැනගන්න.
Ibisobanuro by'icyarabu:
وَاِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَلَا تَعْضُلُوْهُنَّ اَنْ یَّنْكِحْنَ اَزْوَاجَهُنَّ اِذَا تَرَاضَوْا بَیْنَهُمْ بِالْمَعْرُوْفِ ؕ— ذٰلِكَ یُوْعَظُ بِهٖ مَنْ كَانَ مِنْكُمْ یُؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ— ذٰلِكُمْ اَزْكٰی لَكُمْ وَاَطْهَرُ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
වාර තුනකට වඩා අඩුවෙන් දික්කසාදය ප්රකාශ කොට ඔවුන්ගේ පොරොත්තු කාලය ද අවසන් වී නොමැති නම් නව ගිවිසුමක් තුළින් ඇයගේ සැමියා වෙත නැවත පවුල් ජීවිතය ගත කරන්නට ඔවුන් ප්රිය කරන්නේ නම් ඔවුන්ගේ භාරකරුවන් වන නුඹලා විසින් නොවැළැක්විය යුතුයි. එසේ ඔවුන් නොවළක්වන ලෙස ඇතුළත් මෙම නීතිය අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීමකි. එය නුඹලා අතර වඩාත් යහපත ගෙන දෙන්නකි. සියලු කරුණු වල යථාර්ථය හා අවසානය අල්ලාහ් මැනවින් දනියි. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය.
Ibisobanuro by'icyarabu:
وَالْوَالِدٰتُ یُرْضِعْنَ اَوْلَادَهُنَّ حَوْلَیْنِ كَامِلَیْنِ لِمَنْ اَرَادَ اَنْ یُّتِمَّ الرَّضَاعَةَ ؕ— وَعَلَی الْمَوْلُوْدِ لَهٗ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوْفِ ؕ— لَا تُكَلَّفُ نَفْسٌ اِلَّا وُسْعَهَا ۚ— لَا تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُوْدٌ لَّهٗ بِوَلَدِهٖ ۗ— وَعَلَی الْوَارِثِ مِثْلُ ذٰلِكَ ۚ— فَاِنْ اَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَیْهِمَا ؕ— وَاِنْ اَرَدْتُّمْ اَنْ تَسْتَرْضِعُوْۤا اَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَیْكُمْ اِذَا سَلَّمْتُمْ مَّاۤ اٰتَیْتُمْ بِالْمَعْرُوْفِ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
මව්වරු තම දරුවන්හට පූර්ණ වසර දෙකක් කිරි පොවනු ඇත. එම වසර දෙකක සීමාව කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන්නන්හටය. දික්කසාද කරනු ලැබූ කිරි දෙන මව්වරුන්ගේ වියදම හා ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල වියදම ෂරීආ නීතියට පටහැණි නොවන සේ ජනයා අතර පිළිගැනීමට ලක් ව ඇති ක්රමවේදයකින් පිරිනැමීම දරුවාගේ පියාගේ වගකීමකි. කිසිදු ආත්මයක් එය දරා ගත හැකි ප්රමාණයට හා ශක්තියේ ප්රමාණයට මිස කිසිවක් අධික ලෙස පටවනු නොලබන්නේය. මව් පියන් එකිනෙකාට හිංසා කරනු පිණිස තම දරුවන් මාධ්යයක් බවට පත් කර නොගත යුතුයි. පියකුගේ යුතුකම් ඉටු විය යුතු පසුබිමක දරුවකු සිටියදී තම පියා අහිමි වූ තත්ත්වයේ පිය වගකීම ඉටු කළ හැකි උරුමක්කරු වෙත ඔහුගේ එම වගකීම පැවරෙනු ඇත. දෙමව්පියන් දෙදෙනාම වසර දෙකක් කිරි පෙවීම සම්පූර්ණ කිරීමට මත්තෙන් දරුවාට ආහාර කවන්නට අපේක්ෂා කළේ නම් ඔවුන් දෙදෙනාට එහි වරදක් නැත. එය දරුවාට යහපතක් ගෙන දෙන පරිදි ඔවුන්දෙදෙනාගේ සාකච්ඡාවෙන් හා ඔවුන් දෙදෙනාගේ එකඟතාවෙන් පසු ව සිදු විය යුත්තකි. මව්වරු හැර වෙනත් කිරිදෙන මව්වරු ලවා නුඹලාගේ දරුවන්හට කිරි පොවන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එම මව්වරුන්හට වර්තමානයට ගැළපෙන වටිනාකමක් නියම කොට එහි කිසිදු අඩුවක් හෝ ප්රමාදකින් තොර ව එම මුදල භාර දී එසේ කිරි පොවා ගැනීම වරදක් නැත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව නුඹලා කටයුතු කරනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කරන බව දැන ගනු. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. නුඹලා පෙර කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• نهي الرجال عن ظلم النساء سواء كان بِعَضْلِ مَوْلِيَّتِه عن الزواج، أو إجبارها على ما لا تريد.
•කාන්තාවන්ට අපරාධ සිදු කිරීම පිරිමින් වෙත තහනම් කොට ඇත. එය විවාහය පදනම් කොට එහි භාරකාරත්වය පිළිබඳ සැළ කරමින් හෝ ඇය අකැමැති දෙයක් ඇයට බලකරමින් හෝ එවන් සිදු වීමක් සිදු නොවිය යුතුය.

• حَفِظَ الشرع للأم حق الرضاع، وإن كانت مطلقة من زوجها، وعليه أن ينفق عليها ما دامت ترضع ولده.
•දරුවාට කිරි දී හදා වඩා ගැනීමේ උරුමය (ඇය දික්කසාද වූ කාන්තාවක් වුවද) මව වෙත ඉස්ලාම් ෂරීආ ව පනවා ඇත. එමෙන්ම තම දරුවාට ඇය කිරි පොවන තාක් ඇය වෙනුවෙන් වියදම ලබා දීම ස්වාමි පුරුෂයාගේ වගකීමක් බවටත් ෂරීආ ව පනවා ඇත.

• نهى الله تعالى الزوجين عن اتخاذ الأولاد وسيلة يقصد بها أحدهما الإضرار بالآخر.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා එකිනෙකාගෙන් තමන්ගේ වෛරය පිරිමහ ගන්නටත් ඔවුන් එකිනෙකා අනෙකාට හිංසා පීඩා ඇති කිරීමටත් දරුවන් මාධ්යයක් බවට ගැනීම අල්ලාහ් තහනම් කර ඇත.

• الحث على أن تكون كل الشؤون المتعلقة بالحياة الزوجية مبنية على التشاور والتراضي بين الزوجين.
•විවාහ ජීවිතය හා බැඳුණු සියලු කරුණු අඹු සැමියන් අතර එකිනෙකා සාකච්ඡා කිරීමෙන් හා එකිනෙකාගේ පිළිගැනීම මත සිදු විය යුත්තක් බව අවධාරණය කරයි.

 
Ibisobanuro by'amagambo Isura: Al Baqarat
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga