Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اعراف   آیت:
اِنَّ وَلِیِّ اللّٰهُ الَّذِیْ نَزَّلَ الْكِتٰبَ ۖؗ— وَهُوَ یَتَوَلَّی الصّٰلِحِیْنَ ۟
නියත වශයෙන් ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නා ය.
عربي تفسیرونه:
وَالَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِهٖ لَا یَسْتَطِیْعُوْنَ نَصْرَكُمْ وَلَاۤ اَنْفُسَهُمْ یَنْصُرُوْنَ ۟
තවද ඔහුගෙන් තොරව නුඹලා ඇරයුම් කරන්නන් වනාහි ඔවුහු නුඹලාට උදව් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුන් ඔවුන්ට ම පවා උදව් කිරීමට නොහැකි වෙති.
عربي تفسیرونه:
وَاِنْ تَدْعُوْهُمْ اِلَی الْهُدٰی لَا یَسْمَعُوْا ؕ— وَتَرٰىهُمْ یَنْظُرُوْنَ اِلَیْكَ وَهُمْ لَا یُبْصِرُوْنَ ۟
තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නො දෙති. තවද ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නො බලති.
عربي تفسیرونه:
خُذِ الْعَفْوَ وَاْمُرْ بِالْعُرْفِ وَاَعْرِضْ عَنِ الْجٰهِلِیْنَ ۟
(නබිවරය නුඹ) සමාව පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින් නො සලකා හරිනු.
عربي تفسیرونه:
وَاِمَّا یَنْزَغَنَّكَ مِنَ الشَّیْطٰنِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ سَمِیْعٌ عَلِیْمٌ ۟
ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් නුඹට බලපෑම් කළ විට, නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය.
عربي تفسیرونه:
اِنَّ الَّذِیْنَ اتَّقَوْا اِذَا مَسَّهُمْ طٰٓىِٕفٌ مِّنَ الشَّیْطٰنِ تَذَكَّرُوْا فَاِذَا هُمْ مُّبْصِرُوْنَ ۟ۚ
නියත වශයෙන් ම දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් වනාහි ඔවුනට ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) මෙනෙහි කරති. එවිට ඔවුහු අවදි වී බලන්නන් වෙති.
عربي تفسیرونه:
وَاِخْوَانُهُمْ یَمُدُّوْنَهُمْ فِی الْغَیِّ ثُمَّ لَا یُقْصِرُوْنَ ۟
(ෂෙයිතානුන් වන) ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන් නො මඟට ඇද ගෙන යති. පසුව ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නො කරති.
عربي تفسیرونه:
وَاِذَا لَمْ تَاْتِهِمْ بِاٰیَةٍ قَالُوْا لَوْلَا اجْتَبَیْتَهَا ؕ— قُلْ اِنَّمَاۤ اَتَّبِعُ مَا یُوْحٰۤی اِلَیَّ مِنْ رَّبِّیْ ۚ— هٰذَا بَصَآىِٕرُ مِنْ رَّبِّكُمْ وَهُدًی وَّرَحْمَةٌ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සාධකයක් නො ගෙනා විට දී ‘නුඹ එය ගෙන ආ යුතු නො වේ දැ? යි ඔවුහු විමසුවෝ ය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණ ය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක වෙති. තවද දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා වන මඟපෙන්වීමක් හා දයාවකි යැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
وَاِذَا قُرِئَ الْقُرْاٰنُ فَاسْتَمِعُوْا لَهٗ وَاَنْصِتُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
අල්-කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬව සිටිනු. (එමඟින්) නුඹලා දයාව දක්වනු ලැබිය හැකි ය.
عربي تفسیرونه:
وَاذْكُرْ رَّبَّكَ فِیْ نَفْسِكَ تَضَرُّعًا وَّخِیْفَةً وَّدُوْنَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْاٰصَالِ وَلَا تَكُنْ مِّنَ الْغٰفِلِیْنَ ۟
තවද උදේ හා සවස යටහත් පහත්ව හා බියෙන් යුතුව, උස් හඬින් තොර ප්‍රකාශයන් තුළින් නුඹ තුළ ම නුඹගේ පරමාධිපතිව නුඹ සිහිපත් කරනු. තවද නුඹ අනවධානීන් අතරින් නො වනු.
عربي تفسیرونه:
اِنَّ الَّذِیْنَ عِنْدَ رَبِّكَ لَا یَسْتَكْبِرُوْنَ عَنْ عِبَادَتِهٖ وَیُسَبِّحُوْنَهٗ وَلَهٗ یَسْجُدُوْنَ ۟
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් වනාහි ඔවුහු ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නො වෙති. තවද ඔවුහු ඔහුව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اعراف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول