Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اعراف   آیت:
وَاِذْ نَتَقْنَا الْجَبَلَ فَوْقَهُمْ كَاَنَّهٗ ظُلَّةٌ وَّظَنُّوْۤا اَنَّهٗ وَاقِعٌ بِهِمْ ۚ— خُذُوْا مَاۤ اٰتَیْنٰكُمْ بِقُوَّةٍ وَّاذْكُرُوْا مَا فِیْهِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟۠
තවද ඔවුනට ඉහළින් වළාකුලක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින් ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතුව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.
عربي تفسیرونه:
وَاِذْ اَخَذَ رَبُّكَ مِنْ بَنِیْۤ اٰدَمَ مِنْ ظُهُوْرِهِمْ ذُرِّیَّتَهُمْ وَاَشْهَدَهُمْ عَلٰۤی اَنْفُسِهِمْ ۚ— اَلَسْتُ بِرَبِّكُمْ ؕ— قَالُوْا بَلٰی ۛۚ— شَهِدْنَا ۛۚ— اَنْ تَقُوْلُوْا یَوْمَ الْقِیٰمَةِ اِنَّا كُنَّا عَنْ هٰذَا غٰفِلِیْنَ ۟ۙ
තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහිව ඔවුන් ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නො වේ දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු. එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝ ය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන් ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නො පවසනු පිණිස ය.
عربي تفسیرونه:
اَوْ تَقُوْلُوْۤا اِنَّمَاۤ اَشْرَكَ اٰبَآؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّیَّةً مِّنْ بَعْدِهِمْ ۚ— اَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُوْنَ ۟
නැතහොත් නියත වශයෙන් ම ආදේශ කළ අය වනුයේ මීට පෙර සිටි අපගේ මුතුන් මිත්තන් ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශ කරන්නෙහි දැ? යි නුඹලා නො පවසනු පිණිස ය.
عربي تفسیرونه:
وَكَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ وَلَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ එලෙස ය.
عربي تفسیرونه:
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ الَّذِیْۤ اٰتَیْنٰهُ اٰیٰتِنَا فَانْسَلَخَ مِنْهَا فَاَتْبَعَهُ الشَّیْطٰنُ فَكَانَ مِنَ الْغٰوِیْنَ ۟
අප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. එහෙත් ඔහු එයින් ගැල වී ගියේ ය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේ ය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය.
عربي تفسیرونه:
وَلَوْ شِئْنَا لَرَفَعْنٰهُ بِهَا وَلٰكِنَّهٗۤ اَخْلَدَ اِلَی الْاَرْضِ وَاتَّبَعَ هَوٰىهُ ۚ— فَمَثَلُهٗ كَمَثَلِ الْكَلْبِ ۚ— اِنْ تَحْمِلْ عَلَیْهِ یَلْهَثْ اَوْ تَتْرُكْهُ یَلْهَثْ ؕ— ذٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
අපි අභිමත කළේ නම් එමඟින් අප ඔහු උසස් කරවා තිබෙන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවට ඇලී ගැලී ගියේ ය. තවද ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේ ය. ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරිය ද ඌ දිව එල්ලා ගෙන සිටියි. නුඹ (පහර නො දී) ඌ අත හැර දැමුව ද ඌ දිව එල්ලා ගෙන සිටියි. අපගේ සාධක බොරු කළ ජනයාට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
عربي تفسیرونه:
سَآءَ مَثَلَا ١لْقَوْمُ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَاَنْفُسَهُمْ كَانُوْا یَظْلِمُوْنَ ۟
අපගේ සාධක බොරු කොට තමන්ට ම ආසාධාරණකම් කරමින් සිටි පිරිස ආදර්ශයෙන් නපුරු විය.
عربي تفسیرونه:
مَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِیْ ۚ— وَمَنْ یُّضْلِلْ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اعراف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول