Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اعراف   آیت:
قَالَ یٰمُوْسٰۤی اِنِّی اصْطَفَیْتُكَ عَلَی النَّاسِ بِرِسٰلٰتِیْ وَبِكَلَامِیْ ۖؗ— فَخُذْ مَاۤ اٰتَیْتُكَ وَكُنْ مِّنَ الشّٰكِرِیْنَ ۟
‘අහෝ මූසා! නියත වශයෙන් ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබව ජනයාට ඉහළින් තෝරා ගත්තෙමි. එබැවින් මා නුඹට පිරිනැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතරින් වනු’ යැයි ඔහු පැවසුවේ ය.
عربي تفسیرونه:
وَكَتَبْنَا لَهٗ فِی الْاَلْوَاحِ مِنْ كُلِّ شَیْءٍ مَّوْعِظَةً وَّتَفْصِیْلًا لِّكُلِّ شَیْءٍ ۚ— فَخُذْهَا بِقُوَّةٍ وَّاْمُرْ قَوْمَكَ یَاْخُذُوْا بِاَحْسَنِهَا ؕ— سَاُورِیْكُمْ دَارَ الْفٰسِقِیْنَ ۟
තවද ඔහු වෙනුවෙන් පුවරුවල සෑම දෙයක් ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක් ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන් ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.
عربي تفسیرونه:
سَاَصْرِفُ عَنْ اٰیٰتِیَ الَّذِیْنَ یَتَكَبَّرُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ— وَاِنْ یَّرَوْا كُلَّ اٰیَةٍ لَّا یُؤْمِنُوْا بِهَا ۚ— وَاِنْ یَّرَوْا سَبِیْلَ الرُّشْدِ لَا یَتَّخِذُوْهُ سَبِیْلًا ۚ— وَاِنْ یَّرَوْا سَبِیْلَ الْغَیِّ یَتَّخِذُوْهُ سَبِیْلًا ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَذَّبُوْا بِاٰیٰتِنَا وَكَانُوْا عَنْهَا غٰفِلِیْنَ ۟
යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන්ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නො කරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නො ගනිති. තවද සීමාව ඉක්මවූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි.
عربي تفسیرونه:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَلِقَآءِ الْاٰخِرَةِ حَبِطَتْ اَعْمَالُهُمْ ؕ— هَلْ یُجْزَوْنَ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟۠
තවද අපගේ සංඥාවන් හා මතු ලොව හමුව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?
عربي تفسیرونه:
وَاتَّخَذَ قَوْمُ مُوْسٰی مِنْ بَعْدِهٖ مِنْ حُلِیِّهِمْ عِجْلًا جَسَدًا لَّهٗ خُوَارٌ ؕ— اَلَمْ یَرَوْا اَنَّهٗ لَا یُكَلِّمُهُمْ وَلَا یَهْدِیْهِمْ سَبِیْلًا ۘ— اِتَّخَذُوْهُ وَكَانُوْا ظٰلِمِیْنَ ۟
මූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණවලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේ ය. එයට ගව හඬකුත් විය. සැබැවින් ම එය ඔවුන් සමඟ කතා නො කරන බවත් ඔවුනට එය ඍජු මඟ නො පෙන්වන බවත් ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝ ය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
عربي تفسیرونه:
وَلَمَّا سُقِطَ فِیْۤ اَیْدِیْهِمْ وَرَاَوْا اَنَّهُمْ قَدْ ضَلُّوْا ۙ— قَالُوْا لَىِٕنْ لَّمْ یَرْحَمْنَا رَبُّنَا وَیَغْفِرْ لَنَا لَنَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟
ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින් ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නො කළේ නම් තවද අපහට ඔහු සමාව නො දුන්නේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اعراف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول