Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اعراف   آیت:
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ نَفْعًا وَّلَا ضَرًّا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— وَلَوْ كُنْتُ اَعْلَمُ الْغَیْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَیْرِ ۛۚ— وَمَا مَسَّنِیَ السُّوْٓءُ ۛۚ— اِنْ اَنَا اِلَّا نَذِیْرٌ وَّبَشِیْرٌ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නො දරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නො වනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි.
عربي تفسیرونه:
هُوَ الَّذِیْ خَلَقَكُمْ مِّنْ نَّفْسٍ وَّاحِدَةٍ وَّجَعَلَ مِنْهَا زَوْجَهَا لِیَسْكُنَ اِلَیْهَا ۚ— فَلَمَّا تَغَشّٰىهَا حَمَلَتْ حَمْلًا خَفِیْفًا فَمَرَّتْ بِهٖ ۚ— فَلَمَّاۤ اَثْقَلَتْ دَّعَوَا اللّٰهَ رَبَّهُمَا لَىِٕنْ اٰتَیْتَنَا صَالِحًا لَّنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟
ඔහු වනාහි එක ආත්මයකින් නුඹලාව මවා එහි සහකාරිය සමඟ එය වාසය කරනු පිණිස එයින් එය ඇති කළේ ය. ඔහු (ආදම්) ඇය (ඒවා) වෙළා ගත් කල්හි ඇය (දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවා ය. පසුව ඇය ඒ සමඟ ගමන් ගත්තා ය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩුවලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.
عربي تفسیرونه:
فَلَمَّاۤ اٰتٰىهُمَا صَالِحًا جَعَلَا لَهٗ شُرَكَآءَ فِیْمَاۤ اٰتٰىهُمَا ۚ— فَتَعٰلَی اللّٰهُ عَمَّا یُشْرِكُوْنَ ۟
ඔවුන් දෙදෙනාට (අඩුපාඩුවලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් (ගෙන් පැවත එන ස්ත්‍රී පුරුෂ පාර්ෂව) දෙදෙනාට ඔහු පිරිනැමූ විෂයෙහි ඔවුන් ඔහුට හවුල්කරුවන් පත් කළෝ ය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතර ය.
عربي تفسیرونه:
اَیُشْرِكُوْنَ مَا لَا یَخْلُقُ شَیْـًٔا وَّهُمْ یُخْلَقُوْنَ ۟ۚ
කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝ ද? ඔවුන් ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
عربي تفسیرونه:
وَلَا یَسْتَطِیْعُوْنَ لَهُمْ نَصْرًا وَّلَاۤ اَنْفُسَهُمْ یَنْصُرُوْنَ ۟
තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැකි ය. එමෙන් ම ඔවුන් ඔවුන්ට ම පවා උදව් කර ගත නොහැකි ය.
عربي تفسیرونه:
وَاِنْ تَدْعُوْهُمْ اِلَی الْهُدٰی لَا یَتَّبِعُوْكُمْ ؕ— سَوَآءٌ عَلَیْكُمْ اَدَعَوْتُمُوْهُمْ اَمْ اَنْتُمْ صَامِتُوْنَ ۟
තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලාව අනුගමනය නො කරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬව සිටිය ද නුඹලාට එක සමාන ය.
عربي تفسیرونه:
اِنَّ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ عِبَادٌ اَمْثَالُكُمْ فَادْعُوْهُمْ فَلْیَسْتَجِیْبُوْا لَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන් ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.
عربي تفسیرونه:
اَلَهُمْ اَرْجُلٌ یَّمْشُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اَیْدٍ یَّبْطِشُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اَعْیُنٌ یُّبْصِرُوْنَ بِهَاۤ ؗ— اَمْ لَهُمْ اٰذَانٌ یَّسْمَعُوْنَ بِهَا ؕ— قُلِ ادْعُوْا شُرَكَآءَكُمْ ثُمَّ كِیْدُوْنِ فَلَا تُنْظِرُوْنِ ۟
ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසුව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. එහෙත් මට අවකාශය නො දෙනු යැයි (නබිවරය!) නුඹ ඔවුනට පවසනු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اعراف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول