Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اعراف   آیت:
وَاِذْ قَالَتْ اُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُوْنَ قَوْمَا ۙ— ١للّٰهُ مُهْلِكُهُمْ اَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِیْدًا ؕ— قَالُوْا مَعْذِرَةً اِلٰی رَبِّكُمْ وَلَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝ ය.
عربي تفسیرونه:
فَلَمَّا نَسُوْا مَا ذُكِّرُوْا بِهٖۤ اَنْجَیْنَا الَّذِیْنَ یَنْهَوْنَ عَنِ السُّوْٓءِ وَاَخَذْنَا الَّذِیْنَ ظَلَمُوْا بِعَذَابٍۭ بَىِٕیْسٍ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
عربي تفسیرونه:
فَلَمَّا عَتَوْا عَنْ مَّا نُهُوْا عَنْهُ قُلْنَا لَهُمْ كُوْنُوْا قِرَدَةً خٰسِىِٕیْنَ ۟
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.
عربي تفسیرونه:
وَاِذْ تَاَذَّنَ رَبُّكَ لَیَبْعَثَنَّ عَلَیْهِمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ یَّسُوْمُهُمْ سُوْٓءَ الْعَذَابِ ؕ— اِنَّ رَبَّكَ لَسَرِیْعُ الْعِقَابِ ۖۚ— وَاِنَّهٗ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහිව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත් ය. තවද නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
عربي تفسیرونه:
وَقَطَّعْنٰهُمْ فِی الْاَرْضِ اُمَمًا ۚ— مِنْهُمُ الصّٰلِحُوْنَ وَمِنْهُمْ دُوْنَ ذٰلِكَ ؗ— وَبَلَوْنٰهُمْ بِالْحَسَنٰتِ وَالسَّیِّاٰتِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නො වන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
عربي تفسیرونه:
فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ وَّرِثُوا الْكِتٰبَ یَاْخُذُوْنَ عَرَضَ هٰذَا الْاَدْنٰی وَیَقُوْلُوْنَ سَیُغْفَرُ لَنَا ۚ— وَاِنْ یَّاْتِهِمْ عَرَضٌ مِّثْلُهٗ یَاْخُذُوْهُ ؕ— اَلَمْ یُؤْخَذْ عَلَیْهِمْ مِّیْثَاقُ الْكِتٰبِ اَنْ لَّا یَقُوْلُوْا عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ وَدَرَسُوْا مَا فِیْهِ ؕ— وَالدَّارُ الْاٰخِرَةُ خَیْرٌ لِّلَّذِیْنَ یَتَّقُوْنَ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
ඔවුන්ගෙන් පසුව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝ ය. (ඒ වෙනුවට මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. තවද ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු යැයි ද ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නො ලැබුවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා වටහා ගත යුතු නො වේ ද?
عربي تفسیرونه:
وَالَّذِیْنَ یُمَسِّكُوْنَ بِالْكِتٰبِ وَاَقَامُوا الصَّلٰوةَ ؕ— اِنَّا لَا نُضِیْعُ اَجْرَ الْمُصْلِحِیْنَ ۟
තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත්ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන් ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරමු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اعراف
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول