Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: طه   آیت:
فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ— وَلَا تَعْجَلْ بِالْقُرْاٰنِ مِنْ قَبْلِ اَنْ یُّقْضٰۤی اِلَیْكَ وَحْیُهٗ ؗ— وَقُلْ رَّبِّ زِدْنِیْ عِلْمًا ۟
සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.
عربي تفسیرونه:
وَلَقَدْ عَهِدْنَاۤ اِلٰۤی اٰدَمَ مِنْ قَبْلُ فَنَسِیَ وَلَمْ نَجِدْ لَهٗ عَزْمًا ۟۠
තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු.
عربي تفسیرونه:
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰی ۟
තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය.
عربي تفسیرونه:
فَقُلْنَا یٰۤاٰدَمُ اِنَّ هٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا یُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقٰی ۟
එවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
عربي تفسیرونه:
اِنَّ لَكَ اَلَّا تَجُوْعَ فِیْهَا وَلَا تَعْرٰی ۟ۙ
නියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත.
عربي تفسیرونه:
وَاَنَّكَ لَا تَظْمَؤُا فِیْهَا وَلَا تَضْحٰی ۟
තවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත.
عربي تفسیرونه:
فَوَسْوَسَ اِلَیْهِ الشَّیْطٰنُ قَالَ یٰۤاٰدَمُ هَلْ اَدُلُّكَ عَلٰی شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا یَبْلٰی ۟
ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය.
عربي تفسیرونه:
فَاَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا یَخْصِفٰنِ عَلَیْهِمَا مِنْ وَّرَقِ الْجَنَّةِ ؗ— وَعَصٰۤی اٰدَمُ رَبَّهٗ فَغَوٰی ۪۟ۖ
එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය.
عربي تفسیرونه:
ثُمَّ اجْتَبٰهُ رَبُّهٗ فَتَابَ عَلَیْهِ وَهَدٰی ۟
පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය.
عربي تفسیرونه:
قَالَ اهْبِطَا مِنْهَا جَمِیْعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ— فَاِمَّا یَاْتِیَنَّكُمْ مِّنِّیْ هُدًی ۙ۬— فَمَنِ اتَّبَعَ هُدَایَ فَلَا یَضِلُّ وَلَا یَشْقٰی ۟
නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත.
عربي تفسیرونه:
وَمَنْ اَعْرَضَ عَنْ ذِكْرِیْ فَاِنَّ لَهٗ مَعِیْشَةً ضَنْكًا وَّنَحْشُرُهٗ یَوْمَ الْقِیٰمَةِ اَعْمٰی ۟
තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු.
عربي تفسیرونه:
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِیْۤ اَعْمٰی وَقَدْ كُنْتُ بَصِیْرًا ۟
මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: طه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول