Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: طه   آیت:
وَلَقَدْ اَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی ۙ۬— اَنْ اَسْرِ بِعِبَادِیْ فَاضْرِبْ لَهُمْ طَرِیْقًا فِی الْبَحْرِ یَبَسًا ۙ— لَّا تَخٰفُ دَرَكًا وَّلَا تَخْشٰی ۟
තවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.
عربي تفسیرونه:
فَاَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُوْدِهٖ فَغَشِیَهُمْ مِّنَ الْیَمِّ مَا غَشِیَهُمْ ۟ؕ
එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය.
عربي تفسیرونه:
وَاَضَلَّ فِرْعَوْنُ قَوْمَهٗ وَمَا هَدٰی ۟
තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.
عربي تفسیرونه:
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ قَدْ اَنْجَیْنٰكُمْ مِّنْ عَدُوِّكُمْ وَوٰعَدْنٰكُمْ جَانِبَ الطُّوْرِ الْاَیْمَنَ وَنَزَّلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ۟
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.
عربي تفسیرونه:
كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ وَلَا تَطْغَوْا فِیْهِ فَیَحِلَّ عَلَیْكُمْ غَضَبِیْ ۚ— وَمَنْ یَّحْلِلْ عَلَیْهِ غَضَبِیْ فَقَدْ هَوٰی ۟
අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත.
عربي تفسیرونه:
وَاِنِّیْ لَغَفَّارٌ لِّمَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدٰی ۟
තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.
عربي تفسیرونه:
وَمَاۤ اَعْجَلَكَ عَنْ قَوْمِكَ یٰمُوْسٰی ۟
තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?
عربي تفسیرونه:
قَالَ هُمْ اُولَآءِ عَلٰۤی اَثَرِیْ وَعَجِلْتُ اِلَیْكَ رَبِّ لِتَرْضٰی ۟
ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
قَالَ فَاِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَاَضَلَّهُمُ السَّامِرِیُّ ۟
සැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
عربي تفسیرونه:
فَرَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۚ۬— قَالَ یٰقَوْمِ اَلَمْ یَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ؕ۬— اَفَطَالَ عَلَیْكُمُ الْعَهْدُ اَمْ اَرَدْتُّمْ اَنْ یَّحِلَّ عَلَیْكُمْ غَضَبٌ مِّنْ رَّبِّكُمْ فَاَخْلَفْتُمْ مَّوْعِدِیْ ۟
එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?
عربي تفسیرونه:
قَالُوْا مَاۤ اَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلٰكِنَّا حُمِّلْنَاۤ اَوْزَارًا مِّنْ زِیْنَةِ الْقَوْمِ فَقَذَفْنٰهَا فَكَذٰلِكَ اَلْقَی السَّامِرِیُّ ۟ۙ
අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: طه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول