Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: طه   آیت:
كَذٰلِكَ نَقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ— وَقَدْ اٰتَیْنٰكَ مِنْ لَّدُنَّا ذِكْرًا ۟ۖۚ
(මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු.
عربي تفسیرونه:
مَنْ اَعْرَضَ عَنْهُ فَاِنَّهٗ یَحْمِلُ یَوْمَ الْقِیٰمَةِ وِزْرًا ۟ۙ
කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.
عربي تفسیرونه:
خٰلِدِیْنَ فِیْهِ ؕ— وَسَآءَ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ حِمْلًا ۟ۙ
එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.
عربي تفسیرونه:
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ وَنَحْشُرُ الْمُجْرِمِیْنَ یَوْمَىِٕذٍ زُرْقًا ۟
එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.
عربي تفسیرونه:
یَّتَخَافَتُوْنَ بَیْنَهُمْ اِنْ لَّبِثْتُمْ اِلَّا عَشْرًا ۟
(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.
عربي تفسیرونه:
نَحْنُ اَعْلَمُ بِمَا یَقُوْلُوْنَ اِذْ یَقُوْلُ اَمْثَلُهُمْ طَرِیْقَةً اِنْ لَّبِثْتُمْ اِلَّا یَوْمًا ۟۠
නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.
عربي تفسیرونه:
وَیَسْـَٔلُوْنَكَ عَنِ الْجِبَالِ فَقُلْ یَنْسِفُهَا رَبِّیْ نَسْفًا ۟ۙ
තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.
عربي تفسیرونه:
فَیَذَرُهَا قَاعًا صَفْصَفًا ۟ۙ
පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.
عربي تفسیرونه:
لَّا تَرٰی فِیْهَا عِوَجًا وَّلَاۤ اَمْتًا ۟ؕ
කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත.
عربي تفسیرونه:
یَوْمَىِٕذٍ یَّتَّبِعُوْنَ الدَّاعِیَ لَا عِوَجَ لَهٗ ۚ— وَخَشَعَتِ الْاَصْوَاتُ لِلرَّحْمٰنِ فَلَا تَسْمَعُ اِلَّا هَمْسًا ۟
එදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත.
عربي تفسیرونه:
یَوْمَىِٕذٍ لَّا تَنْفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَرَضِیَ لَهٗ قَوْلًا ۟
මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත.
عربي تفسیرونه:
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یُحِیْطُوْنَ بِهٖ عِلْمًا ۟
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති.
عربي تفسیرونه:
وَعَنَتِ الْوُجُوْهُ لِلْحَیِّ الْقَیُّوْمِ ؕ— وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا ۟
තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.
عربي تفسیرونه:
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا یَخٰفُ ظُلْمًا وَّلَا هَضْمًا ۟
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත.
عربي تفسیرونه:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ قُرْاٰنًا عَرَبِیًّا وَّصَرَّفْنَا فِیْهِ مِنَ الْوَعِیْدِ لَعَلَّهُمْ یَتَّقُوْنَ اَوْ یُحْدِثُ لَهُمْ ذِكْرًا ۟
තවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: طه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول