Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: طه   آیت:
قَالَ عِلْمُهَا عِنْدَ رَبِّیْ فِیْ كِتٰبٍ ۚ— لَا یَضِلُّ رَبِّیْ وَلَا یَنْسَی ۟ؗ
ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّسَلَكَ لَكُمْ فِیْهَا سُبُلًا وَّاَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ؕ— فَاَخْرَجْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْ نَّبَاتٍ شَتّٰی ۟
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය.
عربي تفسیرونه:
كُلُوْا وَارْعَوْا اَنْعَامَكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّاُولِی النُّهٰی ۟۠
නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත.
عربي تفسیرونه:
مِنْهَا خَلَقْنٰكُمْ وَفِیْهَا نُعِیْدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرٰی ۟
(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.
عربي تفسیرونه:
وَلَقَدْ اَرَیْنٰهُ اٰیٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَاَبٰی ۟
සැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.
عربي تفسیرونه:
قَالَ اَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ اَرْضِنَا بِسِحْرِكَ یٰمُوْسٰی ۟
අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
فَلَنَاْتِیَنَّكَ بِسِحْرٍ مِّثْلِهٖ فَاجْعَلْ بَیْنَنَا وَبَیْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهٗ نَحْنُ وَلَاۤ اَنْتَ مَكَانًا سُوًی ۟
එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
عربي تفسیرونه:
قَالَ مَوْعِدُكُمْ یَوْمُ الزِّیْنَةِ وَاَنْ یُّحْشَرَ النَّاسُ ضُحًی ۟
නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය.
عربي تفسیرونه:
فَتَوَلّٰی فِرْعَوْنُ فَجَمَعَ كَیْدَهٗ ثُمَّ اَتٰی ۟
එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය.
عربي تفسیرونه:
قَالَ لَهُمْ مُّوْسٰی وَیْلَكُمْ لَا تَفْتَرُوْا عَلَی اللّٰهِ كَذِبًا فَیُسْحِتَكُمْ بِعَذَابٍ ۚ— وَقَدْ خَابَ مَنِ افْتَرٰی ۟
නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය.
عربي تفسیرونه:
فَتَنَازَعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ وَاَسَرُّوا النَّجْوٰی ۟
පසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය.
عربي تفسیرونه:
قَالُوْۤا اِنْ هٰذٰنِ لَسٰحِرٰنِ یُرِیْدٰنِ اَنْ یُّخْرِجٰكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهِمَا وَیَذْهَبَا بِطَرِیْقَتِكُمُ الْمُثْلٰی ۟
නියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
فَاَجْمِعُوْا كَیْدَكُمْ ثُمَّ ائْتُوْا صَفًّا ۚ— وَقَدْ اَفْلَحَ الْیَوْمَ مَنِ اسْتَعْلٰی ۟
එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: طه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول