Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: طه   آیت:
قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ اَوَّلَ مَنْ اَلْقٰی ۟
අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය.
عربي تفسیرونه:
قَالَ بَلْ اَلْقُوْا ۚ— فَاِذَا حِبَالُهُمْ وَعِصِیُّهُمْ یُخَیَّلُ اِلَیْهِ مِنْ سِحْرِهِمْ اَنَّهَا تَسْعٰی ۟
‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.
عربي تفسیرونه:
فَاَوْجَسَ فِیْ نَفْسِهٖ خِیْفَةً مُّوْسٰی ۟
එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.
عربي تفسیرونه:
قُلْنَا لَا تَخَفْ اِنَّكَ اَنْتَ الْاَعْلٰی ۟
නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.
عربي تفسیرونه:
وَاَلْقِ مَا فِیْ یَمِیْنِكَ تَلْقَفْ مَا صَنَعُوْا ؕ— اِنَّمَا صَنَعُوْا كَیْدُ سٰحِرٍ ؕ— وَلَا یُفْلِحُ السَّاحِرُ حَیْثُ اَتٰی ۟
තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත.
عربي تفسیرونه:
فَاُلْقِیَ السَّحَرَةُ سُجَّدًا قَالُوْۤا اٰمَنَّا بِرَبِّ هٰرُوْنَ وَمُوْسٰی ۟
එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.
عربي تفسیرونه:
قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ؕ— اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ— فَلَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ فِیْ جُذُوْعِ النَّخْلِ ؗ— وَلَتَعْلَمُنَّ اَیُّنَاۤ اَشَدُّ عَذَابًا وَّاَبْقٰی ۟
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය.
عربي تفسیرونه:
قَالُوْا لَنْ نُّؤْثِرَكَ عَلٰی مَا جَآءَنَا مِنَ الْبَیِّنٰتِ وَالَّذِیْ فَطَرَنَا فَاقْضِ مَاۤ اَنْتَ قَاضٍ ؕ— اِنَّمَا تَقْضِیْ هٰذِهِ الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ
අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.
عربي تفسیرونه:
اِنَّاۤ اٰمَنَّا بِرَبِّنَا لِیَغْفِرَ لَنَا خَطٰیٰنَا وَمَاۤ اَكْرَهْتَنَا عَلَیْهِ مِنَ السِّحْرِ ؕ— وَاللّٰهُ خَیْرٌ وَّاَبْقٰی ۟
නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය.
عربي تفسیرونه:
اِنَّهٗ مَنْ یَّاْتِ رَبَّهٗ مُجْرِمًا فَاِنَّ لَهٗ جَهَنَّمَ ؕ— لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟
නියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
عربي تفسیرونه:
وَمَنْ یَّاْتِهٖ مُؤْمِنًا قَدْ عَمِلَ الصّٰلِحٰتِ فَاُولٰٓىِٕكَ لَهُمُ الدَّرَجٰتُ الْعُلٰی ۟ۙ
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
عربي تفسیرونه:
جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ— وَذٰلِكَ جَزٰٓؤُا مَنْ تَزَكّٰی ۟۠
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: طه
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول