Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
فَلَمَّا فَصَلَ طَالُوْتُ بِالْجُنُوْدِ ۙ— قَالَ اِنَّ اللّٰهَ مُبْتَلِیْكُمْ بِنَهَرٍ ۚ— فَمَنْ شَرِبَ مِنْهُ فَلَیْسَ مِنِّیْ ۚ— وَمَنْ لَّمْ یَطْعَمْهُ فَاِنَّهٗ مِنِّیْۤ اِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِیَدِهٖ ۚ— فَشَرِبُوْا مِنْهُ اِلَّا قَلِیْلًا مِّنْهُمْ ؕ— فَلَمَّا جَاوَزَهٗ هُوَ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ ۙ— قَالُوْا لَا طَاقَةَ لَنَا الْیَوْمَ بِجَالُوْتَ وَجُنُوْدِهٖ ؕ— قَالَ الَّذِیْنَ یَظُنُّوْنَ اَنَّهُمْ مُّلٰقُوا اللّٰهِ ۙ— كَمْ مِّنْ فِئَةٍ قَلِیْلَةٍ غَلَبَتْ فِئَةً كَثِیْرَةً بِاِذْنِ اللّٰهِ ؕ— وَاللّٰهُ مَعَ الصّٰبِرِیْنَ ۟
තාලූත් සේනාව සමඟ පිටත්ව ගිය කල්හි ඔහු (සිය සේනාව අමතා) ‘සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලාව පරීක්ෂාවට ලක් කරනු ඇත. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේ ය. කවරෙක් එහි රස නො වින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. එහෙත් තම දෑතින් අහුරක් ගත් අය හැර’ යැයි ඔහු පැවසුවේ ය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝ ය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත’ යැයි පැවසුවෝ ය. සැබැවින් ම (එක් දිනක) අල්ලාහ්ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේ ය." යැයි පැවසුවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَمَّا بَرَزُوْا لِجَالُوْتَ وَجُنُوْدِهٖ قَالُوْا رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟ؕ
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම්ව සිටි කල්හි ‘අපගේ පරමාධිපතියාණනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව!
ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහිව අපට උදව් කරනු මැනව!’ යැයි පැවසුවෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَهَزَمُوْهُمْ بِاِذْنِ اللّٰهِ ۙ۫— وَقَتَلَ دَاوٗدُ جَالُوْتَ وَاٰتٰىهُ اللّٰهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهٗ مِمَّا یَشَآءُ ؕ— وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُوْ فَضْلٍ عَلَی الْعٰلَمِیْنَ ۟
එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන්ව පරාජය කළෝ ය. තවද දාවූද්; ජාලූත්ව මරා දැමුවේ ය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේ ය. තවද ඔහු අභිමත කළ දැයින් ඔහුට ඉගැන්නුවේ ය. අල්ලාහ් ජනයාව ඇතැමෙකුගෙන් ඇතැමෙකුව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ලෝවැසියන්හට භාග්‍ය සම්පන්න ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ؕ— وَاِنَّكَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟
මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ නුඹ වෙත පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින් ම නුඹ ධර්ම දූතයින් අතුරින් කෙනෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക