Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
اَلْحَجُّ اَشْهُرٌ مَّعْلُوْمٰتٌ ۚ— فَمَنْ فَرَضَ فِیْهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوْقَ وَلَا جِدَالَ فِی الْحَجِّ ؕ— وَمَا تَفْعَلُوْا مِنْ خَیْرٍ یَّعْلَمْهُ اللّٰهُ ؔؕ— وَتَزَوَّدُوْا فَاِنَّ خَیْرَ الزَّادِ التَّقْوٰی ؗ— وَاتَّقُوْنِ یٰۤاُولِی الْاَلْبَابِ ۟
හජ් වන්දනාව හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේ ද, හජ් සමයේ දී ඔහු ලිංගිකව නො හැසිරිය යුතු ය. පාපකම් නො කළ යුතු ය. තර්කයන්හි නිරත නො විය යුතු ය. නුඹලා යම් යහපතක් කරන්නේ නම් එය අල්ලාහ් දන්නේ ය. තවද නුඹලා (හජ් සඳහා අවශ්‍ය දෑ) පොදි බැඳ ගනු. එහෙත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි! නුඹලා මට බිය වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَیْسَ عَلَیْكُمْ جُنَاحٌ اَنْ تَبْتَغُوْا فَضْلًا مِّنْ رَّبِّكُمْ ؕ— فَاِذَاۤ اَفَضْتُمْ مِّنْ عَرَفٰتٍ فَاذْكُرُوا اللّٰهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ ۪— وَاذْكُرُوْهُ كَمَا هَدٰىكُمْ ۚ— وَاِنْ كُنْتُمْ مِّنْ قَبْلِهٖ لَمِنَ الضَّآلِّیْنَ ۟
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන්හි සිට (බැහැර වී) ගලා ආ විට 'මෂ්අරුල් හරාම්' නම් ස්ථානයේ අල්ලාහ්ව සිහිපත් කරනු. ඔහු නුඹලාට මඟපෙන්වූ අයුරින් නුඹලා ද ඔහුව සිහිපත් කරනු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටියෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ اَفِیْضُوْا مِنْ حَیْثُ اَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاِذَا قَضَیْتُمْ مَّنَاسِكَكُمْ فَاذْكُرُوا اللّٰهَ كَذِكْرِكُمْ اٰبَآءَكُمْ اَوْ اَشَدَّ ذِكْرًا ؕ— فَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ رَبَّنَاۤ اٰتِنَا فِی الدُّنْیَا وَمَا لَهٗ فِی الْاٰخِرَةِ مِنْ خَلَاقٍ ۟
නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ්ව සිහිපත් කරනු. ඒ අනුව ජනයා අතුරින් ඇතැමුන් "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අපට පිරිනමනු මැනව!" යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් හිමි වන්නේ නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِنْهُمْ مَّنْ یَّقُوْلُ رَبَّنَاۤ اٰتِنَا فِی الدُّنْیَا حَسَنَةً وَّفِی الْاٰخِرَةِ حَسَنَةً وَّقِنَا عَذَابَ النَّارِ ۟
"අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!" යැයි පවසන ඇතැමුන් ද ඔවුන් අතුරින් වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اُولٰٓىِٕكَ لَهُمْ نَصِیْبٌ مِّمَّا كَسَبُوْا ؕ— وَاللّٰهُ سَرِیْعُ الْحِسَابِ ۟
තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන් ම ය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക