Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
مَا نَنْسَخْ مِنْ اٰیَةٍ اَوْ نُنْسِهَا نَاْتِ بِخَیْرٍ مِّنْهَاۤ اَوْ مِثْلِهَا ؕ— اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අප යම් වදනක් වෙනස් කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අහස්හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ්ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලාට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَمْ تُرِیْدُوْنَ اَنْ تَسْـَٔلُوْا رَسُوْلَكُمْ كَمَا سُىِٕلَ مُوْسٰی مِنْ قَبْلُ ؕ— وَمَنْ یَّتَبَدَّلِ الْكُفْرَ بِالْاِیْمَانِ فَقَدْ ضَلَّ سَوَآءَ السَّبِیْلِ ۟
එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලාගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන්නෙහු ද? තවද කවරෙක් විශ්වාසය වෙනුවට
ප්‍රතික්ෂේපය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَدَّ كَثِیْرٌ مِّنْ اَهْلِ الْكِتٰبِ لَوْ یَرُدُّوْنَكُمْ مِّنْ بَعْدِ اِیْمَانِكُمْ كُفَّارًا ۖۚ— حَسَدًا مِّنْ عِنْدِ اَنْفُسِهِمْ مِّنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمُ الْحَقُّ ۚ— فَاعْفُوْا وَاصْفَحُوْا حَتّٰی یَاْتِیَ اللّٰهُ بِاَمْرِهٖ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන්ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලාගේ විශ්වාසයෙන් පසුව ඔවුහු නුඹලාව ප්‍රතික්ෂේපකයින් බවට නැවත පත් කරන්නට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබල සම්පන්න ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ ؕ— وَمَا تُقَدِّمُوْا لِاَنْفُسِكُمْ مِّنْ خَیْرٍ تَجِدُوْهُ عِنْدَ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
තවද නුඹලා සලාතය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකයා ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَقَالُوْا لَنْ یَّدْخُلَ الْجَنَّةَ اِلَّا مَنْ كَانَ هُوْدًا اَوْ نَصٰرٰی ؕ— تِلْكَ اَمَانِیُّهُمْ ؕ— قُلْ هَاتُوْا بُرْهَانَكُمْ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
"යුදෙව්වෙකුව හෝ කිතුනුවෙකුව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයනට පිවිසෙන්නේ නැතැ" යි ඔවුහු පැවසූහ. එය ඔවුන්ගේ මනඃකල්පිතය යි. "(නබිවරය) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එන්නැ" යි පවසනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بَلٰی ۗ— مَنْ اَسْلَمَ وَجْهَهٗ لِلّٰهِ وَهُوَ مُحْسِنٌ فَلَهٗۤ اَجْرُهٗ عِنْدَ رَبِّهٖ ۪— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟۠
එසේ නොව කවරෙක් දැහැමියෙකුව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ්ට අවනත කළේ ද එවිට ඔහුට ඔහුගේ ප්‍රතිඵල ඔහුගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക