Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
قَالُوا ادْعُ لَنَا رَبَّكَ یُبَیِّنْ لَّنَا مَا هِیَ ۙ— اِنَّ الْبَقَرَ تَشٰبَهَ عَلَیْنَا ؕ— وَاِنَّاۤ اِنْ شَآءَ اللّٰهُ لَمُهْتَدُوْنَ ۟
"එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින් ම අපට සියලු ම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තවද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු" යැයි ඔවුහු පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ اِنَّهٗ یَقُوْلُ اِنَّهَا بَقَرَةٌ لَّا ذَلُوْلٌ تُثِیْرُ الْاَرْضَ وَلَا تَسْقِی الْحَرْثَ ۚ— مُسَلَّمَةٌ لَّا شِیَةَ فِیْهَا ؕ— قَالُوا الْـٰٔنَ جِئْتَ بِالْحَقِّ ؕ— فَذَبَحُوْهَا وَمَا كَادُوْا یَفْعَلُوْنَ ۟۠
"සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිමට ජලය සපයන්නට හෝ පුහුණු නො කළ, වර්ණයෙහි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ" යැයි පැවසී ය. “දැන්ය ඔබ සත්‍යය ගෙන ආවේ" යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නො සිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذْ قَتَلْتُمْ نَفْسًا فَادّٰرَءْتُمْ فِیْهَا ؕ— وَاللّٰهُ مُخْرِجٌ مَّا كُنْتُمْ تَكْتُمُوْنَ ۟ۚ
තවද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසුව එම විෂයෙහි නුඹලා එකිනෙකා අතර (වරද පටවා) වාද කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَقُلْنَا اضْرِبُوْهُ بِبَعْضِهَا ؕ— كَذٰلِكَ یُحْیِ اللّٰهُ الْمَوْتٰی وَیُرِیْكُمْ اٰیٰتِهٖ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
එවිට "එහි (කපන ලද එළදෙනගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහුට ගසනු" යැයි අපි කීවෙමු. මියගියවුන්ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලාට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලාට ඔහුගේ සාධකයන් පෙන්වන්නේ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ثُمَّ قَسَتْ قُلُوْبُكُمْ مِّنْ بَعْدِ ذٰلِكَ فَهِیَ كَالْحِجَارَةِ اَوْ اَشَدُّ قَسْوَةً ؕ— وَاِنَّ مِنَ الْحِجَارَةِ لَمَا یَتَفَجَّرُ مِنْهُ الْاَنْهٰرُ ؕ— وَاِنَّ مِنْهَا لَمَا یَشَّقَّقُ فَیَخْرُجُ مِنْهُ الْمَآءُ ؕ— وَاِنَّ مِنْهَا لَمَا یَهْبِطُ مِنْ خَشْیَةِ اللّٰهِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
අනතුරු ව, ඉන් පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමඟින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමඟින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ්ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නො වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَتَطْمَعُوْنَ اَنْ یُّؤْمِنُوْا لَكُمْ وَقَدْ كَانَ فَرِیْقٌ مِّنْهُمْ یَسْمَعُوْنَ كَلٰمَ اللّٰهِ ثُمَّ یُحَرِّفُوْنَهٗ مِنْ بَعْدِ مَا عَقَلُوْهُ وَهُمْ یَعْلَمُوْنَ ۟
(විශ්වාස කළවුනි!) නුඹලාව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිකරන්නෙහු ද? තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ්ගේ වදන්වලට සවන් දී අනතුරුව එය වටහා ගත් පසුව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا لَقُوا الَّذِیْنَ اٰمَنُوْا قَالُوْۤا اٰمَنَّا ۖۚ— وَاِذَا خَلَا بَعْضُهُمْ اِلٰی بَعْضٍ قَالُوْۤا اَتُحَدِّثُوْنَهُمْ بِمَا فَتَحَ اللّٰهُ عَلَیْكُمْ لِیُحَآجُّوْكُمْ بِهٖ عِنْدَ رَبِّكُمْ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන්ව ගිය විට "ඒ මඟින් නුඹලාගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුනට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නො වේ ද? යැයි පැවසූහ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക