Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَعْرِفُوْنَهٗ كَمَا یَعْرِفُوْنَ اَبْنَآءَهُمْ ؕ— وَاِنَّ فَرِیْقًا مِّنْهُمْ لَیَكْتُمُوْنَ الْحَقَّ وَهُمْ یَعْلَمُوْنَ ۟ؔ
දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟۠
සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නො වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلِكُلٍّ وِّجْهَةٌ هُوَ مُوَلِّیْهَا فَاسْتَبِقُوْا الْخَیْرٰتِ ؔؕ— اَیْنَ مَا تَكُوْنُوْا یَاْتِ بِكُمُ اللّٰهُ جَمِیْعًا ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
තවද සෑම කෙනෙකුට ම ඔහු ඒ වෙත හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِنْ حَیْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَاِنَّهٗ لَلْحَقُّ مِنْ رَّبِّكَ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
තවද නුඹ කොතැනක සිට පිටව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. සැබැවින් ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයක් ම ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمِنْ حَیْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَحَیْثُ مَا كُنْتُمْ فَوَلُّوْا وُجُوْهَكُمْ شَطْرَهٗ ۙ— لِئَلَّا یَكُوْنَ لِلنَّاسِ عَلَیْكُمْ حُجَّةٌ ۗ— اِلَّا الَّذِیْنَ ظَلَمُوْا مِنْهُمْ ۗ— فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِیْ ۗ— وَلِاُتِمَّ نِعْمَتِیْ عَلَیْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۙۛ
තවද නුඹ කොතැනක සිට පිටව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහිව ජනයිනට සාධකයක් නො වනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසට ම හරවනු. නුඹලා ඔවුනට බිය නො වනු. මට ම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
كَمَاۤ اَرْسَلْنَا فِیْكُمْ رَسُوْلًا مِّنْكُمْ یَتْلُوْا عَلَیْكُمْ اٰیٰتِنَا وَیُزَكِّیْكُمْ وَیُعَلِّمُكُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَیُعَلِّمُكُمْ مَّا لَمْ تَكُوْنُوْا تَعْلَمُوْنَ ۟ؕۛ
නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන, නුඹලාව පිවිතුරු කරන, නුඹලාට දේව
ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින් ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි එවා ඇත්තෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاذْكُرُوْنِیْۤ اَذْكُرْكُمْ وَاشْكُرُوْا لِیْ وَلَا تَكْفُرُوْنِ ۟۠
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලාව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නො කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اسْتَعِیْنُوْا بِالصَّبْرِ وَالصَّلٰوةِ ؕ— اِنَّ اللّٰهَ مَعَ الصّٰبِرِیْنَ ۟
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക