Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ اَنِّیْ لَاۤ اُضِیْعُ عَمَلَ عَامِلٍ مِّنْكُمْ مِّنْ ذَكَرٍ اَوْ اُ ۚ— بَعْضُكُمْ مِّنْ بَعْضٍ ۚ— فَالَّذِیْنَ هَاجَرُوْا وَاُخْرِجُوْا مِنْ دِیَارِهِمْ وَاُوْذُوْا فِیْ سَبِیْلِیْ وَقٰتَلُوْا وَقُتِلُوْا لَاُكَفِّرَنَّ عَنْهُمْ سَیِّاٰتِهِمْ وَلَاُدْخِلَنَّهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۚ— ثَوَابًا مِّنْ عِنْدِ اللّٰهِ ؕ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الثَّوَابِ ۟
ඔවුන්ගේ ප්රාර්ථනාවට ඔවුන්ගේ පරමාධිපති මෙසේ පිළිතුරු දුන්නේය.: "නුඹලා සිදු කළ ක්රියාවන් සුළු වුවද අධික වුවද සිදු කළ තැනැත්තා පිරිමියකු වුවද කාන්තාවක වුවද ඒ කිසිවක කුසල් මම නිෂ්ඵල නොකරමි. ආගමික පිළිවෙත් සම්බන්ධයෙන් නුඹලා එකිනෙකාගේ නීතිය එකමය. පිරිමියාට වැඩියෙන් ගැහැනියට අඩුවෙන් යන අනුපාතයෙන් පිරිනමා නැත. එහෙයින් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් හෙවත් දේශතරණය කළවුන් වනාහි දේව ප්රතික්ෂෙපකයින් විසින් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වූ බැවින් ඔවුනට වද වේදනාවන් දෙන ලදී. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත් විය. ඝානය කරනු ලැබීය. එය අල්ලාහ්ගේ වදන උසස් විය යුතුයි යන එකම අරමුණිනින් ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මම ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙමි. ඒවා මම පහ කරමි. මා වෙතින් වූ ත්යාගයක් වශයෙන් මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඇතුළත් කරමි." අල්ලාහ් අබියස ඇති යහපත් ප්රතිඵලට සමාන කිසිවක් නොමැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِیْنَ كَفَرُوْا فِی الْبِلَادِ ۟ؕ
අහෝ නබිවරය, නරගය තුළ දේව ප්රතික්ෂේපකයින් එහා මෙහා ගමන් කිරීම, එහි ඔවුන් තැනක් ලබා තිබීම හා ඔවුන්ගේ ව්යාපර හා ආදායම් මාර්ග මහා පරිමාණයෙන් පවත්වාගෙන යෑම යනාදිය පිළිබඳ නුඹ බිය වී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පසුතැවිලි වී ඔබ ඔබවම රටවා නොගත යුතුයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَتَاعٌ قَلِیْلٌ ۫— ثُمَّ مَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟
මෙලොව සදා පැවැත්මක් නොමැති, ස්වල්ප විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හැරීයන නවාතැන නිරයයි. ඔවුන්ටට හිමි නිවහන අති බිහිසුණුය. එය ගින්නෙන් යුක්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لٰكِنِ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا نُزُلًا مِّنْ عِنْدِ اللّٰهِ ؕ— وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ لِّلْاَبْرَارِ ۟
නමුත් අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී තම පරාමාධිපතිට බිය බැතියෙන් කටයුතු කරන්නන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. එහි ඔවුන් සදාතනිකව වෙසෙති. එය අල්ලාහ් අබියසින් ඔවුනට හිමි ප්රතිඵලයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූවකි. අල්ලාහ් තම දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇති දෑ මෙලොව දේව ප්රතික්ෂේපකයින් භුක්ති විඳ සැරසරන දෑට වඩා ශ්රේෂ්ටය උතුම්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ مِنْ اَهْلِ الْكِتٰبِ لَمَنْ یُّؤْمِنُ بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ اِلَیْكُمْ وَمَاۤ اُنْزِلَ اِلَیْهِمْ خٰشِعِیْنَ لِلّٰهِ ۙ— لَا یَشْتَرُوْنَ بِاٰیٰتِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا ؕ— اُولٰٓىِٕكَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ؕ— اِنَّ اللّٰهَ سَرِیْعُ الْحِسَابِ ۟
ආගම් ලත් ජනයා එක සමාන නොවෙති. ඊට හේතුව ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ් හා නුඹලා වෙත පහළ කරනු ලැබූ සත්යය හා මඟ පෙන්වීම විශ්වාස කරති. තවද ඔවුන්ගේ පුස්තක වල ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. අල්ලාහ්ගේ දූතවරු අතර වෙනස්කම් නොකරති. අල්ලාහ් අබියස ඇති දෑට ප්රිය කරමින් ඔහුට යටහත් පහත් ව අවනත වෙති. මෙලොව සුළු සැපත වෙනුවෙන් අල්ලාහ්ගේ වදන් මිල කොට හුවමාරු නොකරති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස අතිමහත් කුසල් ඇත. සැබැවින්ම අල්ලාහ් සියලුම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය. එමෙන්ම ඒ සඳහා කුසල් පිරිනැමීමේ දී ද ඉතා වේගවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اصْبِرُوْا وَصَابِرُوْا وَرَابِطُوْا ۫— وَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟۠
අහෝ! අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුණි, ආගමික කටයුතු වගකීමෙන් ඉටු කිරීමෙහි ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම මෙලොවෙහි නුඹලාට අත්වන දුෂ්කරතාවන් මත ද ඉවසනු. ඉවසීම විෂයෙහි දේව ප්රතික්ෂේපකයින් නුඹලා අබිබවා ගොස් ඇත. ඔවුන් නුඹලාට වඩා ඉවසිලිවන්තයින් නොවන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් නම් කැපවීමේ කටයුතු වල නිරත වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බියෙන් බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ඉල්ලීම පරිදි නිරා ගින්නෙන් සුරක්ෂිතභාවත් ස්වර්ගයට පිවිසීමටත් නුඹලාට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأذى الذي ينال المؤمن في سبيل الله فيضطره إلى الهجرة والخروج والجهاد من أعظم أسباب تكفير الذنوب ومضاعفة الأجور.
•අල්ලාහ්ගේ මාර්ගයේ සිටින මුඃමින් හෙවත් දේව විශ්වාස කරන්නාට අත්වන වේදනාවන් තම පදිංචි ස්ථානයෙන් බැහැර කරවා තවත් දේශයකට යෑමේ තත්ත්වයක් ඔහුට උදා කරනු ඇත. පාප ක්ෂමා වීමටත් ප්රතිඵල ගුණ වී ලැබීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම අතිමහත් සාධකයක් වන්නේය.

• ليست العبرة بما قد ينعم به الكافر في الدنيا من المال والمتاع وإن عظم؛ لأن الدنيا زائلة، وإنما العبرة بحقيقة مصيره في الآخرة في دار الخلود.
•දේව ප්රතික්ෂේපකයාට මෙලොව පිරිනමා ඇති ධනය හා සම්පත අධික ව තිබුණ ද ඒවා පදනම් කරගෙන ආදර්ශය පිහිටන්නේ නැත. සැබැවින්ම මෙලොව ඉතා පහත්ය. සැබෑ ආදර්ශය වනුයේ මතු ලොවෙහි සදාතනික නිවහනෙහි ඔහුගේ නවාතැන වීමය.

• من أهل الكتاب من يشهدون بالحق الذي في كتبهم، فيؤمنون بما أنزل إليهم وبما أنزل على المؤمنين، فهؤلاء لهم أجرهم مرتين.
•ආගම් ලත් ජනයා අතුරින් ඔවුන්ගේ පුස්තක වල සඳහන් සත්යයට සාක්ෂි දරන ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ හා දෙවියන් විශ්වාස කරන්නන්හට පහළ කරනු ලැබූ දෑ විශ්වාස කරන අය ද වෙති. ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙවතාවක් හිමි වනු ඇත.

• الصبر على الحق، ومغالبة المكذبين به، والجهاد في سبيله، هو سبيل الفلاح في الآخرة.
•සත්යය මත ඉවසීම සත්යය බොරු කරන්නන් අබිබවා යෑම එම මාර්ගයේ අරගල කිරීම වැනි දෑ මතුලොව ජයග්රහණයේ මාර්ග වෙයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት