Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
وَلِیُمَحِّصَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَیَمْحَقَ الْكٰفِرِیْنَ ۟
දෙවියන් විශ්වාස කරන්නන් සිදු කළ පාපකම්වලින් ඔවුන් පිරිසිදු කිරීම කුහකයින්ගේ පෙළගැස්ම ව්යාකූල කිරීම හා සත්යය ප්රතික්ෂේප කරන්නන් විනාශ කොට ඔවුන් ඉවත් කිරීම යනාදිය ද එහි ගම්ය වන යථාර්තයන් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ حَسِبْتُمْ اَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا یَعْلَمِ اللّٰهُ الَّذِیْنَ جٰهَدُوْا مِنْكُمْ وَیَعْلَمَ الصّٰبِرِیْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, පරීක්ෂණයකින් තොරව හෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවුවන් තුළ හෙළි වූ සැබෑ ඉවසීම හා ඔවුන්ට අත් වූ කරදර මත ඔවුන් දරා සිටියාක් මෙන් අත්දැකීම් ඔබත් අත් නොවිඳ නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි දැයි නුඹලා සිතන්නෙහුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ اَنْ تَلْقَوْهُ ۪— فَقَدْ رَاَیْتُمُوْهُ وَاَنْتُمْ تَنْظُرُوْنَ ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, බද්ර් දිනයේ නුඹලාගේ සහෝදරවරුන් අත්වින්දා හා සමාන ව ෂහීද් නම් නිලය අත්පත් කර ගැනීමේ කැමැත්තෙන් නුඹලා මරණයට හේතු වන කරුණු හා එහි දරුණුකම නුඹලා එකිනෙකා අත්වීඳීමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හමු වීමට ප්රිය කරන්නන් ලෙස සිටියෙහුය. මෙන්න ඔබ ප්රිය කළාක් මෙන් නුඹලා උහද් දිනයේ දෑසින්ම දකින්නෙහුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا مُحَمَّدٌ اِلَّا رَسُوْلٌ ۚ— قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ؕ— اَفَاۡىِٕنْ مَّاتَ اَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلٰۤی اَعْقَابِكُمْ ؕ— وَمَنْ یَّنْقَلِبْ عَلٰی عَقِبَیْهِ فَلَنْ یَّضُرَّ اللّٰهَ شَیْـًٔا ؕ— وَسَیَجْزِی اللّٰهُ الشّٰكِرِیْنَ ۟
මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تَمُوْتَ اِلَّا بِاِذْنِ اللّٰهِ كِتٰبًا مُّؤَجَّلًا ؕ— وَمَنْ یُّرِدْ ثَوَابَ الدُّنْیَا نُؤْتِهٖ مِنْهَا ۚ— وَمَنْ یُّرِدْ ثَوَابَ الْاٰخِرَةِ نُؤْتِهٖ مِنْهَا ؕ— وَسَنَجْزِی الشّٰكِرِیْنَ ۟
අල්ලාහ් යම් ආත්මයකට තීන්දු කළ නියමිත ආයුෂ කාලය සම්පූර්ණ වීමෙන් පසු ඔහුගේ තීරණය අනුව මිස කිසිදු ආත්මයක් මරණයට පත් වන්නේ නැත. එම ආයුෂ කාලයෙන් කිසිදු වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ සිදු නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවන් තුළින් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේ ද ඔහු වෙනුවෙන් නිර්ණය කරනු ලැබූ ප්රමාණය අපි ඔහුට පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි කිසිදු කොටසක් ඔහුට හිමි නොවනු ඇත. කවරෙකු තමන් කරන ක්රියාවෙන් මතු ලොවේ අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නේ ද එහි කුසල් අපි ඔහුට පිරිනමන්නෙමු. තම පරමාධිපතිට කෘතවේදී ව කටයුතු කරන්නන්හට අතිමහත් ප්රතිඵල අපි පිරිනමන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَاَیِّنْ مِّنْ نَّبِیٍّ قٰتَلَ ۙ— مَعَهٗ رِبِّیُّوْنَ كَثِیْرٌ ۚ— فَمَا وَهَنُوْا لِمَاۤ اَصَابَهُمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَمَا ضَعُفُوْا وَمَا اسْتَكَانُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الصّٰبِرِیْنَ ۟
තමන් සමග එක් ව තම අනුගාමකයින් තම පරමාධිපති වෙනුවෙන් සටන් කළ අල්ලාහ්ගේ නබිවරුන් කොපමණ දෙනෙක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ තමන්හට අත් වූ මරණ හා තුවාල හේතුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් ඉවත් නොවූහ. සතුරන් සමග සටන් කිරීමට අධෛර්යමත් නොවූහ. සතුරන්ට යටත් නොවූහ. ඔවුහු ඉවසීමෙන් හා ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ මාර්ගයේ දැඩි දුෂ්කරතා හා පීඩා විදිමින් ඉවසීමෙන් කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا كَانَ قَوْلَهُمْ اِلَّاۤ اَنْ قَالُوْا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوْبَنَا وَاِسْرَافَنَا فِیْۤ اَمْرِنَا وَثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟
ඔවුන්හට දුෂ්කරතා හා පීඩාවන් ඇති වූ කල්හි ඒ ගැන ඉවසීමෙන් කටයුතු කළවුන්ගේ ප්රකාශය වූයේ: “අපගේ පරමාධිපතියාණනි, අප කළ පාපකම් වලටත් අපගේ කරුණු වලදී අප සීමාව ඉක්මවා කළ කටුයුතු වලටත් අපහට සමාව දෙනු මැනව! අපගේ සතුරන් අප මුණ ගැසෙන අවස්ථාවේ අපගේ පාද ස්ථාවර ව තබනු මැනව! ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපහට උදව් කරනු මැනව!” යන පැතුමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاٰتٰىهُمُ اللّٰهُ ثَوَابَ الدُّنْیَا وَحُسْنَ ثَوَابِ الْاٰخِرَةِ ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟۠
ඔවුනට උදව් උපකාර කොට පහසුකම් සලසා දෙමින් මෙලොව යහපත අල්ලාහ් ඔවුනට පිරිනැමීය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් පිළිගැනීමට ලක් කොට සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි සැපත ලබා දෙමින් මතු ලොවෙහි ඔහු යහපත් කුසල් ඔවුනට පිරිනැමීය. ඔවුන්ගේ වත්පිළිවෙත් හා ගනුදෙනු වලදී යහපත් අයුරින් කටයුත් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الابتلاء سُنَّة إلهية يتميز بها المجاهدون الصادقون الصابرون من غيرهم.
•පරීක්ෂාවට ලක් කිරීම දේව න්යායකි. එමගින් දෙවියන් වෙනුවෙන් කැප වන සැබෑ ලෙස කටයුතු කරන ඉවසීමෙන් කටයුතු කරන ජනයා සෙසු අයගෙන් වෙන්කොට හඳුනා ගත හැකි වන්නේය.

• يجب ألا يرتبط الجهاد في سبيل الله والدعوة إليه بأحد من البشر مهما علا قدره ومقامه.
•කෙනෙකුගේ හැකියාව හා ඔහුගේ නිලයේ උසස්භාවය සලකා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හෝ ජනයාට ඇරයුම් කිරීම යනාදිය ඔහු සමග සම්බන්ධ නොකර සිටීම අනිවාර්යය වන්නේය.

• أعمار الناس وآجالهم ثابتة عند الله تعالى، لا يزيدها الحرص على الحياة، ولا ينقصها الإقدام والشجاعة.
•මිනිසුන්ගේ වයස හා ආයුෂ පිළිබඳ තීන්දුව උත්තරීතර අල්ලාහ් අබියස ඇත්තකි. ජීවත් වීමට ඇති ආශාව එය වර්ධනය කරන්නේ නැත. එමෙන්ම වීරත්වය හා පෙරටුගාමී වීමෙන් එය අඩුකළ ද නොහැක.

• تختلف مقاصد الناس ونياتهم، فمنهم من يريد ثواب الله، ومنهم من يريد الدنيا، وكلٌّ سيُجازَى على نيَّته وعمله.
•මිනිසුන්ගේ අරමුණු හා චේතනා විවිධය. ඔවුන්ගෙන් ඇතැමෙක් අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙයි. තවත් ඇතැමෙකු මෙලොව අපේක්ෂා කරයි. ඔවුනොවුන්ගේ චේතනාවන් හා ක්රියාවන් අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት