Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍ لَّمْ یَمْسَسْهُمْ سُوْٓءٌ ۙ— وَّاتَّبَعُوْا رِضْوَانَ اللّٰهِ ؕ— وَاللّٰهُ ذُوْ فَضْلٍ عَظِیْمٍ ۟
ඔවුන් පිටත් ව ගිය පසු හම්රාඋල් අසද් වෙත තම සතුරන්ගෙන් සුරක්ෂිත ව තම තරාතිරම් අධික ව ලබා අල්ලාහ්ගෙන් වූ අතිමහත් ප්රතිඵල සමග ඔවුහු හැරී ගියහ. කිසිදු මරණයක් හෝ තුවාලයක් ඔවුනට සිදු නොවීය. අල්ලාහ්ට අවනත වී පාපකම් වලින් වැළකී ඔහු ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන දෑ ඔවුහු පිළිපැද්දාහ. අල්ලාහ් තමන් විශ්වාස කරන ඔහුගේ ගැත්තන්හට ඉමහත් සේ භාග්ය පිරිනමන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّمَا ذٰلِكُمُ الشَّیْطٰنُ یُخَوِّفُ اَوْلِیَآءَهٗ ۪— فَلَا تَخَافُوْهُمْ وَخَافُوْنِ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
නුඹලා බිය ගන්වනුයේ ෂෙයිතාන්ය. ඔහුගේ උදව්කරුවන් හා සගයින් ලවා ඔහු නුඹලා ව බිය ගන්වයි. එහෙයින් නුඹලා ඔවුන් ගැන බිය නොවනු. ඔවුනට කිසිම වෙනසක් කිරීමේ බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත. නුඹලා අල්ලාහ් පිළිබඳ සැබෑ ලෙස විශ්වාස කරන්නන් වී නම් අල්ලාහ්ට පමණක් අවනත වී බියභක්තියෙන් යුතු ව කටයුතු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ ۚ— اِنَّهُمْ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ؕ— یُرِیْدُ اللّٰهُ اَلَّا یَجْعَلَ لَهُمْ حَظًّا فِی الْاٰخِرَةِ ۚ— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟
අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ اشْتَرَوُا الْكُفْرَ بِالْاِیْمَانِ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
දෙවියන් කෙරෙහි තැබිය යුතු විශ්වාසය වෙනුවට දෙවියන් ප්රතික්ෂේප කිරීම හුවමාරු කර ගත් අය වනාහී ඔවුන් විසින් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කළ නොහැක්කේමය. ඔවුන් හානි කරගනුයේ ඔවුන්ටමය. මතු ලොවෙහි වේදනා සහගත දඩුවමක් ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اَنَّمَا نُمْلِیْ لَهُمْ خَیْرٌ لِّاَنْفُسِهِمْ ؕ— اِنَّمَا نُمْلِیْ لَهُمْ لِیَزْدَادُوْۤا اِثْمًا ۚ— وَلَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
තම පරමාධිපතියාණන් ප්රතික්ෂේප කොට ඔහුගේ පිළිවෙත ප්රතික්ෂේප කළවුන් වනාහි, තමන්හට දඬුවම් නොදී අතහැර දමා තමන් කවර කරුණක් මත දේව ප්රතික්ෂේයෙන් යුතු ව කටයුතු කළේ ද එහි නිරත වීමට තම ආයුෂ දීර්ඝ කර තිබීම තමන්හට යහපත් යැයි ඔවුන් නොසිතිය යුතුයි. එසේ අප ඔවුන් අතහැර දමා ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයට අමතර ව තව තවත් අධික ව පාපකම් ඔවුන් සිදු කිරීම සඳහා ය. ඔවුනට නින්දනීය දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا كَانَ اللّٰهُ لِیَذَرَ الْمُؤْمِنِیْنَ عَلٰی مَاۤ اَنْتُمْ عَلَیْهِ حَتّٰی یَمِیْزَ الْخَبِیْثَ مِنَ الطَّیِّبِ ؕ— وَمَا كَانَ اللّٰهُ لِیُطْلِعَكُمْ عَلَی الْغَیْبِ وَلٰكِنَّ اللّٰهَ یَجْتَبِیْ مِنْ رُّسُلِهٖ مَنْ یَّشَآءُ ۪— فَاٰمِنُوْا بِاللّٰهِ وَرُسُلِهٖ ۚ— وَاِنْ تُؤْمِنُوْا وَتَتَّقُوْا فَلَكُمْ اَجْرٌ عَظِیْمٌ ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, සැබෑ දේව විශ්වාස කරන්නන් කවුරුන්දැයි පැහැදිලි නොකර නුඹලා එකිනෙකා අතර වෙන් නොකර කුහකහයින් සමගම මිශ්ර වී කටයුතු කරන්නට නුඹලා ව අතහැර දැමීම අල්ලාහ්ගේ අරමුණ නොවන්නේය. විවිධ දුෂ්කරතා හා පරීක්ෂණ වලට ලක් කරමින් නපුරු කුහකයාගෙන් දැහැමි විශ්වාසවන්තයා හෙළි කොට නුඹලා ඔවුන් වෙන් කර හඳුනා ගන්නා තෙක් තත්ත්වය එසේ පවතිනු ඇත. නුඹලා ගුප්ත දෑ යොමු වී ඒ ගැන සොයා බලා කුහකයා හා දේව විශ්වාසිකයා අතර වෙන් කර හඳුනා ගැනීමට සැලැස්වීම අල්ලාහ්ගේ ප්රඥාව නොවීය. නමුත් අල්ලාහ් තමන් කැමති දූතයකු ඒ සඳහා තෝරා ගෙන ඇතැම් ගුප්ත දෑ වෙත අවධානය යොමු කරන්නට සලස්වයි. ඔහුගේ නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කුහකයින්ගේ තත්ත්වය දෙස බලන්නට සැලැස්වීම ද එවැන්නකි. එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැබෑ කරනු. නුඹලා සැබෑ ලෙසින්ම විශ්වාස කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නේ නම් නුඹලාට අල්ලාහ් අබියස අතිමහත් කුසල් හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ یَبْخَلُوْنَ بِمَاۤ اٰتٰىهُمُ اللّٰهُ مِنْ فَضْلِهٖ هُوَ خَیْرًا لَّهُمْ ؕ— بَلْ هُوَ شَرٌّ لَّهُمْ ؕ— سَیُطَوَّقُوْنَ مَا بَخِلُوْا بِهٖ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلِلّٰهِ مِیْرَاثُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟۠
භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔවුන්හට පිරිනැමූ ආශිර්වාද සම්බන්ධයෙන් ඔවුන් මසුරුකම් පා, ඒවා තුළින් අල්ලාහ්ට කළ යුතු යුතුකම් නොකොට ඉන් වැළකී සිටින්නන් එය තමන්හට යහපත් යැයි නොසිතිය යුතුයි. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර කරුණක් පිළිබඳ මසුරු වූයේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා මාල බවට පත් කර ඔවුන්ගේ ගෙල වටා පළඳුවනු ලැබ එමගින් ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. අහස් හි හා මහපොළොවේ ඇති දෑ උරුම වනුයේ අල්ලාහ්ට පමණය. සියලුම මැවීම් විනාශ වී ගිය පසු අමරණීය වන්නේ ඔහු පමණය. නුඹලා කරන දෑහි සෑම සියුම් දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඒ සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ينبغي للمؤمن ألا يلتفت إلى تخويف الشيطان له بأعوانه وأنصاره من الكافرين، فإن الأمر كله لله تعالى.
•දෙවියන් විශ්වාස කරන්නා ෂෙයිතාන්ගේ බිය ගැන්වීමට බිය නොවිය යුතුය. ඒ දෙස හැරී නොබැලිය යුතුය. දේව ප්රතික්ෂේප කරන්නන් අතරින් ඔහුට උදව් උපකාර කරන ඔහුගේ ගෝලයින් සිටිති. සියලු කරුණු සතුවන්නේ උත්තරීතර අල්ලාහ්ට පමණක් බව දැන ගත යුතු වේ.

• لا ينبغي للعبد أن يغتر بإمهال الله له، بل عليه المبادرة إلى التوبة، ما دام في زمن المهلة قبل فواتها.
•ගැත්තාට අල්ලාහ් දුන් කාල අවකාශය තමන්ටම රැවටීමක් බවට පත් කර ගැනීම සුදුසු නොවන්නේය. එම කාල අවකාශය අවසන් වීමට මත්තෙන් එම කාලය පිහිටනා තුරු පාප ක්ෂමාව අයැද සිටීම සඳහා ඔහු පෙරටුගාමී විය යුතුය.

• البخيل الذي يمنع فضل الله عليه إنما يضر نفسه بحرمانها المتاجرة مع الله الكريم الوهاب، وتعريضها للعقوبة يوم القيامة.
•තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද වළක්වා ගන්නා මසුරා ඔහු හානි කර ගනුයේ ඔහුටමය. මහා දානපති ගෞරවනීය අල්ලාහ් තිළිණ වශයෙන් පිරිනමා ඇති ඒවා ඔහු තහනම් කර ගනියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම සඳහා ඒවා ඉදිරිපත් කරනු ලැබේ.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት