Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
මැවීම හා විධානය යනාදියෙහි සියලු බලය අල්ලාහ්ට පමණක් සතුය. සෑම මැවීමකම කරුණු යොමු වනුයේ උත්තරීතර ඔහු වෙතමය. ඔවුනොවුන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සෑම කෙනෙකුටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُنْتُمْ خَیْرَ اُمَّةٍ اُخْرِجَتْ لِلنَّاسِ تَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُوْنَ بِاللّٰهِ ؕ— وَلَوْ اٰمَنَ اَهْلُ الْكِتٰبِ لَكَانَ خَیْرًا لَّهُمْ ؕ— مِنْهُمُ الْمُؤْمِنُوْنَ وَاَكْثَرُهُمُ الْفٰسِقُوْنَ ۟
අහෝ! මුහම්මද්ගේ ජන සමූහයනි, දේව විශ්වාසය හා ගරු කටයුතු සම්බන්ධයෙන් මිනිසුන් අතරට අල්ලාහ් බිහි කළ ශ්රේෂ්ඨතම ජනසමාජය නුඹලාය. එමෙන්ම මිනිස් සමාජයට වඩාත් ප්රයෝජනවත් අයද නුඹලාමය. බුද්ධිය පිළිගන්නා සුළු කවර යහපත් කරුණක් වෙත ෂරීආ හෙවත් දහම මග පෙන්වන්නේද එය නුඹලා ජනයාට අණ කර සිටින්නෙහුය. එමෙන්ම බුද්ධිය පිළිකුල් කරන සුළු කවර පිළිකුල් සහගත කරුණක් ෂරීආ ව තහනම් කර ඇත්තේද එයින් නුඹලා ජනයා වළක්වාලන්නෙහුය. නුඹලා කරන ක්රියාවන් නුඹලාගේ විශ්වාසය තහවුරු කරන තරමට තරයේම නුඹලා අල්ලාහ් විශ්වාස කරන්නෙහුුය. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනතාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පිළිබඳ විශ්වාස කළේ නම් එය ඔවුනට මෙලොවට මෙන්ම මතු ලොවටද යහපත් වනු ඇත. නමුත් ආගම් ලත් ජනයා අතරින් කිහිප දෙනෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය විශ්වාස කළ අතර ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ගේ දහමින් හා පිළිවෙතින් දුරස් වූවෝ වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَنْ یَّضُرُّوْكُمْ اِلَّاۤ اَذًی ؕ— وَاِنْ یُّقَاتِلُوْكُمْ یُوَلُّوْكُمُ الْاَدْبَارَ ۫— ثُمَّ لَا یُنْصَرُوْنَ ۟
අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, ඔවුන් තුළ සතුරුකම් තිබුණ ද ඔවුන් දහමට බැණ වැදීම අපහාස කිරීම වැනි කටින් කරන ලද සුළු අපහාස හැර නුඹලාගේ දහමට හෝ නුඹලාගේ ජීවිත වලට හානියක් සිදු කිරීමට ඔවුනට නුපුළුවන. ඔවුන් නුඹලා සමග සටන් වදින්නේ නම් නුඹලා ඉදිරියේ පරාජයට පත් ව ඔවුන් පලා යනු ඇත. නුඹලාට එරෙහි ව කිසිවිටෙක ඔවුන් උදව් නොලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ اَیْنَ مَا ثُقِفُوْۤا اِلَّا بِحَبْلٍ مِّنَ اللّٰهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآءُوْ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَضُرِبَتْ عَلَیْهِمُ الْمَسْكَنَةُ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَانُوْا یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ الْاَنْۢبِیَآءَ بِغَیْرِ حَقٍّ ؕ— ذٰلِكَ بِمَا عَصَوْا وَّكَانُوْا یَعْتَدُوْنَ ۟ۗ
යුදෙව්වන් කොතැනක දුටුව ද අවමානය හා අවනම්බුව ඔවුන් වෙළා ගෙන තිබිණ. කිසියම් හෝ ගිවිසුමකින් මිස එසේත් නැතහොත් උත්තරීතර අල්ලාහ්ගෙන් හෝ මිනිසුන්ගෙන් ලැබෙන ආරක්ෂාවකින් මිස වෙනත් ආරක්ෂාවක් ඔවුනට නොවීය. අල්ලාහ්ගේ කෝපයට ලක් ව ඔවුන් හැරී ගියහ. අවශ්යතා හා දිළිඳුකම ඔවුන් වෙළාගන්නට සැලැස්වීය. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ නබිවරුන් අපරාධකාරී ව ඝාතනය කළ බැවින්ය. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගොස් පිටුපාමින් සිටි හේතුවෙන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَیْسُوْا سَوَآءً ؕ— مِنْ اَهْلِ الْكِتٰبِ اُمَّةٌ قَآىِٕمَةٌ یَّتْلُوْنَ اٰیٰتِ اللّٰهِ اٰنَآءَ الَّیْلِ وَهُمْ یَسْجُدُوْنَ ۟
ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَیَاْمُرُوْنَ بِالْمَعْرُوْفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَیُسَارِعُوْنَ فِی الْخَیْرٰتِ ؕ— وَاُولٰٓىِٕكَ مِنَ الصّٰلِحِیْنَ ۟
ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَفْعَلُوْا مِنْ خَیْرٍ فَلَنْ یُّكْفَرُوْهُ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالْمُتَّقِیْنَ ۟
ඔවුන් අල්ලාහ් හා අවසන් දිනය පිළිබඳ තරයේම විශ්වාස කළහ. යහපත් හා දැහැමි කටයුතු ජනයාට විධානය කොට පිළිකුල් සහගත හා නපුරු දැයින් ඔවුන් වැළැක්වූහ. යහපත් කටයුතු සිදු කිරීමට තරග වැදුණහ. අල්ලාහ්ට අවනත වීමේ අවස්ථාවන් ප්රයෝජනයට ගත්හ. චේතනාවන් හා ක්රියාවන් විධිමත් කරගත් අල්ලාහ්ගේ ගැත්තන් මෙම ගුණාංග ඇත්තන් යැයි ඔවුන් වර්ණනා කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أعظم ما يميز هذه الأمة وبه كانت خيريتها - بعد الإيمان بالله - الأمر بالمعروف والنهي عن المنكر.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව මෙම සමාජයේ යහපත හා එය අනෙකුත් සමාජ අතර වෙන් කර පෙන්වන මහත් සාධකය වනුයේ යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමයි.

• قضى الله تعالى بالذل على أهل الكتاب لفسقهم وإعراضهم عن دين الله، وعدم وفائهم بما أُخذ عليهم من العهد.
•ආගම් ලත් ජනයා අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කළ බැවින් ද නපුරුකම් කළ බැවින් ද ඔවුන් සමග ඇති කරගත් ගිවිසුම ඔවුන් ඉටු නොකළ බැවින් ද අල්ලාහ් ඔවුනට අවමානය තීන්දු කළේය.

• أهل الكتاب ليسوا على حال واحدة؛ فمنهم القائم بأمر الله، المتبع لدينه، الواقف عند حدوده، وهؤلاء لهم أعظم الأجر والثواب. وهذا قبل بعثة النبي محمد صلى الله عليه وسلم.
•ආගම් ලත් ජනයා එකම තත්ත්වයක පසු නොවූහ. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ නියෝග ඉටු කළෝය. ඔහුගේ දහම පිළිපැද්දෝය. ඔහු පැන වූ සීමාවන් තුළ සිටියහ. ඔවුනට අතිමහත් ප්රතිඵල හා කුසල් හිමි වන්නේය. මෙය දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර වූ ස්ථාවරයයි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት