Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን   አንቀጽ:
وَاِذْ اَخَذَ اللّٰهُ مِیْثَاقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ لَتُبَیِّنُنَّهٗ لِلنَّاسِ وَلَا تَكْتُمُوْنَهٗ ؗۗ— فَنَبَذُوْهُ وَرَآءَ ظُهُوْرِهِمْ وَاشْتَرَوْا بِهٖ ثَمَنًا قَلِیْلًا ؕ— فَبِئْسَ مَا یَشْتَرُوْنَ ۟
ජනයා වෙත අල්ලාහ්ගේ පුස්තකය තමන් පැහැදිලි කරන බවටත් එහි ඇති මගපෙන්වීම් කිසිවක් නොසඟවන බවටත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පිළිබඳ සඳහන් කවර මගපෙන්වීමක් හෝ නොසඟවන බවටත් ආගම් ලත් යුදෙව් හා කිතුනු විද්වතුන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත් අවස්ථාව නබිතුමනි, ඔබ මෙනෙහි කර බලන්න. නමුත් ඔවුහු ඒ දෙස නොබලා එම ප්රතිඥාව අතහැර දැමූහ. සත්යය වසන් කළහ. අසත්යය මතු කර පෙන්වූහ. අල්ලාහ්ගේ ගිවිසුම තමන්ට ලැබෙන අල්ප ගෞරවය හා මුදල් වැනි අල්ප වටිනාකමක් සඳහා හුවමාරු කර ගත්හ. අල්ලාහ්ගේ ගිවිසුම වෙනුවට එසේ ඔවුන් හුවමාරු කරගත් අල්ප වටිනාකම අයහපත් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تَحْسَبَنَّ الَّذِیْنَ یَفْرَحُوْنَ بِمَاۤ اَتَوْا وَّیُحِبُّوْنَ اَنْ یُّحْمَدُوْا بِمَا لَمْ یَفْعَلُوْا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ! නබිවරය, නපුරුකම් සිදු කොට ඔවුන් නොකළ යහපතක් පිළිබඳ ජනප්රසාදය අපේක්ෂා කරන්නන් ඔවුනට හිමි දඬුවමින් මිදෙනු ඇතැයි හෝ ඔවුන් නිදහසේ සිටිනු ඇතැයි නුඹ නොසිතනු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එහි ඔවුනට වේදනා ගෙන දෙන දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟۠
අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද මැවීමේ හා සැලසුම් කිරීමේ බලය හා ආධිපත්යය අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට හිමි නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ لَاٰیٰتٍ لِّاُولِی الْاَلْبَابِ ۟ۚۖ
පූර්වාදර්ශයකින් තොරව ශුන්ය තත්ත්වයේ සිට අහස් හා මහපොළොව බිහි කිරීමෙහිද රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් පැමිණීමෙහි ද එකක් දිගු ලෙසත් අනෙක කෙටි ලෙසත් එකිනෙක වෙනස් වෙමින් තිබීමෙහි ද මනා බුද්ධියක් ඇති අයට පැහැදිලි සාධක ඇත. එය නැමදුමට සුදුස්සා ලොවේ මැවුම්කරු ඒකීය යැයි ඔවුනට පෙන්වා දෙන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْنَ یَذْكُرُوْنَ اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِهِمْ وَیَتَفَكَّرُوْنَ فِیْ خَلْقِ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًا ۚ— سُبْحٰنَكَ فَقِنَا عَذَابَ النَّارِ ۟
ඔවුන් වනාහි ඔවුන්ගේ සෑම තත්ත්වයකම ඔවුහු අල්ලාහ් ව මෙනෙහි කරති. ඔවුන් සිට ගෙන සිටිය ද වාඩි වී සිටියද හාන්සි වී සිටියද ඒ සෑම අවස්ථාවකම ඔහුව මෙනෙහි කරති. අහස් හා මහපොළොව මැවීම පිළිබඳ කල්පනාව මෙසේ පවසමින් ක්රියාවට නංවති. ‘අපගේ පරමාධිපතියාණනි, මෙම දැවැන්ත මැවීම ඔබ නිකරුණේ මැව්වේ නැත. පුහුභාවයෙන් ඒ සියල්ල පිරිසිදුය. එහෙයින් දැහැමි කටයුතු කිරීමට අපට ආශිර්වාද කොට නපුරුකම් කිරීමෙන් අප ව ආරක්ෂා කොට නිරයේ දඬුවමින් අප මුදවා ගනු මැනව’!
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَیْتَهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
එහෙයින් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ඔබේ මැවීම් අතුරින් කවරෙකු නිරයට ඇතුළත් කරන්නේද ඔහු ව නිරාවරණය කොට අවමානයට පත් කරන්නෙහිය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්ට හිමි අල්ලාහ්ගේ දඬුවමින් හා වද වේදනාවන්ගෙන් ඔවුන් වළක්වන්නට කිසිදු උදව්කරුවෙකු ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَاۤ اِنَّنَا سَمِعْنَا مُنَادِیًا یُّنَادِیْ لِلْاِیْمَانِ اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا ۖۗ— رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَكَفِّرْ عَنَّا سَیِّاٰتِنَا وَتَوَفَّنَا مَعَ الْاَبْرَارِ ۟ۚ
අපගේ පරමාධිපතියාණනි, විශ්වාසය වෙත ඇරයුම් කරන්නාගේ ඇරයුමට සැබැවින්ම අපි සවන් දුනිමු. ඔහු ඔබේ නබිවරයාණන් වූ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාය. එතුමා ‘නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් එක දෙවියෙකු පමණක් බව නුඹලා විශ්වාස කරනු’ යැයි ඇරයුම් කර සිටියහ. එවිට ඔහු කවර දෙයක් වෙත ඇරයුම් කර සිටියේද අපි එය විශ්වාස කළෙමු. ඔහු පෙන්වා දුන් පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අපගේ පාපයන් නිරාවරණය නොකොට ඒවා සඟවනු මැනව ! අපගේ පාපකම් අපගෙන් ඉවත් කරනු මැනව ! ඒ හේතුවෙන් අප වරදකරුවන් බවට පත් නොකරනු මැනව ! යහපත් දෑ සිදු කිරීමටත් අයහපත් දෑ අතහැරීමටත් අපහට ආශිර්වාද කොට අප ව දැහැමියන් සමගම මරණයට පත් කරනු මැනව!
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبَّنَا وَاٰتِنَا مَا وَعَدْتَّنَا عَلٰی رُسُلِكَ وَلَا تُخْزِنَا یَوْمَ الْقِیٰمَةِ ؕ— اِنَّكَ لَا تُخْلِفُ الْمِیْعَادَ ۟
අපගේ පරමාධිපතියාණනි, ඔබේ දූතවරුන්ගේ කටින් ඔබ අප වෙත ප්රතිඥා දුන් මෙලොවෙහි ජයග්රහණය හා යහමග අපට පිරිනමනු මැනව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට අප ඇතුළත් කරමින් අපව ප්රසිද්ධියට පත් නොකරනු මැනව! අහෝ අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ මහා කාරුණිකය. ඔබ ඔබේ ප්රතිඥාවන් කිසිවිටෙක කඩ කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من صفات علماء السوء من أهل الكتاب: كتم العلم، واتباع الهوى، والفرح بمدح الناس مع سوء سرائرهم وأفعالهم.
•දැනුම සැඟවීම ආශාවන් අනුගමනය කිරීම තමන් සිදු කළ රහසිගත දුෂ්ටකම් හා ඔවුන්ගේ ක්රියාකාරකම් තිබියදීත් ඒ සමගම මිනිසුන් ඔවුන් ප්රශංසා කර සිටීම ගැන සතුටු වීම ආගම් ලත් ජනයා අතර සිටින ඇතැම් නපුරු විද්වතුන්ගේ ගුණාංග වන්නේය.

• التفكر في خلق الله تعالى في السماوات والأرض وتعاقب الأزمان يورث اليقين بعظمة الله وكمال الخضوع له عز وجل.
•අහස් හා මහපහපොළොවේ පවතින අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් හා කාලය එකිනෙක වෙනස් වීම සම්බන්ධයෙන් කල්පනා කර බැලීම අල්ලාහ්ගේ බලය හා ඔහුට පූර්ණ ලෙස යටහත් වීමේ ස්ථාවරත්වය උරුම කර දෙනු ඇත.

• دعاء الله وخضوع القلب له تعالى من أكمل مظاهر العبودية.
•අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා සිත ඔහු වෙනුවෙන් යටහත් කිරීම ගැතිකම පූර්ණ ලෙස විදහා පාන කරුණු අතුරිනි.

 
የይዘት ትርጉም ምዕራፍ: ኣሊ-ኢምራን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት