Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اسراء   آیت:
وَاِذَا مَسَّكُمُ الضُّرُّ فِی الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُوْنَ اِلَّاۤ اِیَّاهُ ۚ— فَلَمَّا نَجّٰىكُمْ اِلَی الْبَرِّ اَعْرَضْتُمْ ؕ— وَكَانَ الْاِنْسَانُ كَفُوْرًا ۟
තවද නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුවා වී යනු ඇත. ඔහු නුඹලාව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහු ය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.
عربي تفسیرونه:
اَفَاَمِنْتُمْ اَنْ یَّخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ اَوْ یُرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوْا لَكُمْ وَكِیْلًا ۟ۙ
ඔහු නුඹලාව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල්වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නො දකිනු ඇත.
عربي تفسیرونه:
اَمْ اَمِنْتُمْ اَنْ یُّعِیْدَكُمْ فِیْهِ تَارَةً اُخْرٰی فَیُرْسِلَ عَلَیْكُمْ قَاصِفًا مِّنَ الرِّیْحِ فَیُغْرِقَكُمْ بِمَا كَفَرْتُمْ ۙ— ثُمَّ لَا تَجِدُوْا لَكُمْ عَلَیْنَا بِهٖ تَبِیْعًا ۟
එසේ නැතහොත් නුඹලාව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලාව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නො දකිනු ඇත.
عربي تفسیرونه:
وَلَقَدْ كَرَّمْنَا بَنِیْۤ اٰدَمَ وَحَمَلْنٰهُمْ فِی الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ وَفَضَّلْنٰهُمْ عَلٰی كَثِیْرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِیْلًا ۟۠
තවද සැබැවින් ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු.
عربي تفسیرونه:
یَوْمَ نَدْعُوْا كُلَّ اُنَاسٍ بِاِمَامِهِمْ ۚ— فَمَنْ اُوْتِیَ كِتٰبَهٗ بِیَمِیْنِهٖ فَاُولٰٓىِٕكَ یَقْرَءُوْنَ كِتٰبَهُمْ وَلَا یُظْلَمُوْنَ فَتِیْلًا ۟
සෑම ජන සමූහයක් ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමඟ අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. තවද සිවියක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නො ලබති.
عربي تفسیرونه:
وَمَنْ كَانَ فِیْ هٰذِهٖۤ اَعْمٰی فَهُوَ فِی الْاٰخِرَةِ اَعْمٰی وَاَضَلُّ سَبِیْلًا ۟
තවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.
عربي تفسیرونه:
وَاِنْ كَادُوْا لَیَفْتِنُوْنَكَ عَنِ الَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ لِتَفْتَرِیَ عَلَیْنَا غَیْرَهٗ ۖۗ— وَاِذًا لَّاتَّخَذُوْكَ خَلِیْلًا ۟
තවද අපි නුඹ වෙත දන්වා සිටි දේ හැර දමා, නුඹ අපට එරෙහිව ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසන මෙන් (පොළඹවා) ඔවුන් නුඹව වෙනතකට යොමු කිරීමට තැත් කළෝ ය. (නුඹ එසේ කළේ නම්) එවිට නුඹව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.
عربي تفسیرونه:
وَلَوْلَاۤ اَنْ ثَبَّتْنٰكَ لَقَدْ كِدْتَّ تَرْكَنُ اِلَیْهِمْ شَیْـًٔا قَلِیْلًا ۟ۗۙ
තවද අපි නුඹව ස්ථාවර නො කළේ නම් සැබැවින් ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.
عربي تفسیرونه:
اِذًا لَّاَذَقْنٰكَ ضِعْفَ الْحَیٰوةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَیْنَا نَصِیْرًا ۟
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසුව නුඹ අපට එරෙහිව කිසිදු උදව්කරුවකු නො දකිනු ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اسراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول