Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اسراء   آیت:
ذٰلِكَ مِمَّاۤ اَوْحٰۤی اِلَیْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ؕ— وَلَا تَجْعَلْ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَتُلْقٰی فِیْ جَهَنَّمَ مَلُوْمًا مَّدْحُوْرًا ۟
මෙය ප්‍රඥාවෙන් යුතුව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු පත් නො කරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.
عربي تفسیرونه:
اَفَاَصْفٰىكُمْ رَبُّكُمْ بِالْبَنِیْنَ وَاتَّخَذَ مِنَ الْمَلٰٓىِٕكَةِ اِنَاثًا ؕ— اِنَّكُمْ لَتَقُوْلُوْنَ قَوْلًا عَظِیْمًا ۟۠
නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන් ම නුඹලා බරපතල ප්‍රකාශයක් පවසන්නෙහු ය.
عربي تفسیرونه:
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِیَذَّكَّرُوْا ؕ— وَمَا یَزِیْدُهُمْ اِلَّا نُفُوْرًا ۟
තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම අල් කුර්ආනයේ සැබැවින් ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. එහෙත් එය පිළිකුල මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි නො කළේ ය.
عربي تفسیرونه:
قُلْ لَّوْ كَانَ مَعَهٗۤ اٰلِهَةٌ كَمَا یَقُوْلُوْنَ اِذًا لَّابْتَغَوْا اِلٰی ذِی الْعَرْشِ سَبِیْلًا ۟
ඔවුන් පවසන අයුරින් ඔහු සමඟ දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර්ෂ්හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یَقُوْلُوْنَ عُلُوًّا كَبِیْرًا ۟
ඔවුන් පවසන දැයින් ඔහු සුවිශුද්ධ ය. අතිඋත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.
عربي تفسیرونه:
تُسَبِّحُ لَهُ السَّمٰوٰتُ السَّبْعُ وَالْاَرْضُ وَمَنْ فِیْهِنَّ ؕ— وَاِنْ مِّنْ شَیْءٍ اِلَّا یُسَبِّحُ بِحَمْدِهٖ وَلٰكِنْ لَّا تَفْقَهُوْنَ تَسْبِیْحَهُمْ ؕ— اِنَّهٗ كَانَ حَلِیْمًا غَفُوْرًا ۟
අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින අය ද ඔහුව සුවිශුද්ධ කරයි. ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ නො කරන කිසිවක් නැත. එහෙත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නො ගන්නෙහු ය. නියත වශයෙන් ම ඔහු දයාලු ය; අතික්ෂමාශීලී ය.
عربي تفسیرونه:
وَاِذَا قَرَاْتَ الْقُرْاٰنَ جَعَلْنَا بَیْنَكَ وَبَیْنَ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ حِجَابًا مَّسْتُوْرًا ۟ۙ
තවද නුඹ අල් කුර්ආනය පාරායනය කළ විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නො කරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් අපි ඇති කළෙමු.
عربي تفسیرونه:
وَّجَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ— وَاِذَا ذَكَرْتَ رَبَّكَ فِی الْقُرْاٰنِ وَحْدَهٗ وَلَّوْا عَلٰۤی اَدْبَارِهِمْ نُفُوْرًا ۟
තවද ඔවුන් එය වටහා ගත නොහැකි සේ ඔවුන්ගේ හදවත් මත ආවරණ ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල් කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා පිළිකුලෙන් හැරී යති.
عربي تفسیرونه:
نَحْنُ اَعْلَمُ بِمَا یَسْتَمِعُوْنَ بِهٖۤ اِذْ یَسْتَمِعُوْنَ اِلَیْكَ وَاِذْ هُمْ نَجْوٰۤی اِذْ یَقُوْلُ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟
ඔවුන් නුඹ වෙත සවන් දෙන අවස්ථාවේ ඔවුන් කවර දෙයක් පිළිබඳව සවන් දෙන්නේ ද ඒ පිළිබඳව මැනවින් දන්නේ අපම ය. අපරාධකරුවෝ ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නො කරන්නෙහුය’ යැයි පවසමින් ඔවුහු රහසින් කතා කළ අවස්ථාවද (මැනවින් දන්නේ අපම ය.)
عربي تفسیرونه:
اُنْظُرْ كَیْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا یَسْتَطِیْعُوْنَ سَبِیْلًا ۟
ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැ? යි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග ගියෝ ය. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නො ලබති.
عربي تفسیرونه:
وَقَالُوْۤا ءَاِذَا كُنَّا عِظَامًا وَّرُفَاتًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ خَلْقًا جَدِیْدًا ۟
තවද නියත වශයෙන් ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اسراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول