Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اسراء   آیت:
عَسٰی رَبُّكُمْ اَنْ یَّرْحَمَكُمْ ۚ— وَاِنْ عُدْتُّمْ عُدْنَا ۘ— وَجَعَلْنَا جَهَنَّمَ لِلْكٰفِرِیْنَ حَصِیْرًا ۟
නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැකි ය. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු.
عربي تفسیرونه:
اِنَّ هٰذَا الْقُرْاٰنَ یَهْدِیْ لِلَّتِیْ هِیَ اَقْوَمُ وَیُبَشِّرُ الْمُؤْمِنِیْنَ الَّذِیْنَ یَعْمَلُوْنَ الصّٰلِحٰتِ اَنَّ لَهُمْ اَجْرًا كَبِیْرًا ۟ۙ
නියත වශයෙන් ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට සැබැවින් ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට එය ශුභාරංචි දන්වයි.
عربي تفسیرونه:
وَّاَنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ اَعْتَدْنَا لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠
තවද නියත වශයෙන් ම මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.
عربي تفسیرونه:
وَیَدْعُ الْاِنْسَانُ بِالشَّرِّ دُعَآءَهٗ بِالْخَیْرِ ؕ— وَكَانَ الْاِنْسَانُ عَجُوْلًا ۟
තවද තමන්ගේ යහපත උදෙසා මිනිසා ප්‍රාර්ථනා කරන්නා සේම (සිය අඥානකම නිසා ඇතැම් විට) අයහපත උදෙසා ද ඔහු ප්‍රාර්ථනා කරයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.
عربي تفسیرونه:
وَجَعَلْنَا الَّیْلَ وَالنَّهَارَ اٰیَتَیْنِ فَمَحَوْنَاۤ اٰیَةَ الَّیْلِ وَجَعَلْنَاۤ اٰیَةَ النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوْا فَضْلًا مِّنْ رَّبِّكُمْ وَلِتَعْلَمُوْا عَدَدَ السِّنِیْنَ وَالْحِسَابَ ؕ— وَكُلَّ شَیْءٍ فَصَّلْنٰهُ تَفْصِیْلًا ۟
තවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත් ය. තවද සෑම දෙයක්ම, අපි එය විස්තරාත්මකව පැහැදිලි කළෙමු.
عربي تفسیرونه:
وَكُلَّ اِنْسَانٍ اَلْزَمْنٰهُ طٰٓىِٕرَهٗ فِیْ عُنُقِهٖ ؕ— وَنُخْرِجُ لَهٗ یَوْمَ الْقِیٰمَةِ كِتٰبًا یَّلْقٰىهُ مَنْشُوْرًا ۟
තවද සෑම මිනිසකුට ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
عربي تفسیرونه:
اِقْرَاْ كِتٰبَكَ ؕ— كَفٰی بِنَفْسِكَ الْیَوْمَ عَلَیْكَ حَسِیْبًا ۟ؕ
නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹ ම ප්‍රමාණවත් ය.
عربي تفسیرونه:
مَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ؕ— وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ— وَمَا كُنَّا مُعَذِّبِیْنَ حَتّٰی نَبْعَثَ رَسُوْلًا ۟
කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිව ය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නො උසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නො සිටියෙමු.
عربي تفسیرونه:
وَاِذَاۤ اَرَدْنَاۤ اَنْ نُّهْلِكَ قَرْیَةً اَمَرْنَا مُتْرَفِیْهَا فَفَسَقُوْا فِیْهَا فَحَقَّ عَلَیْهَا الْقَوْلُ فَدَمَّرْنٰهَا تَدْمِیْرًا ۟
තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි සැප විඳිමින් සිටින්නන්හට (අපගේ නියෝගයන්ට අවනත වන මෙන්) අණ කළෙමු. එහෙත් ඔවුහු පාපකම් කළෝ ය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම විය. එවිට අපි එය සුණු විසුණු කළෙමු.
عربي تفسیرونه:
وَكَمْ اَهْلَكْنَا مِنَ الْقُرُوْنِ مِنْ بَعْدِ نُوْحٍ ؕ— وَكَفٰی بِرَبِّكَ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟
තවද අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තවද තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اسراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول