Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اسراء   آیت:
وَاِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَآءَ رَحْمَةٍ مِّنْ رَّبِّكَ تَرْجُوْهَا فَقُلْ لَّهُمْ قَوْلًا مَّیْسُوْرًا ۟
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් සිටියදී (කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබට එය දීමට නොහැකිව) ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට සිදු වන්නේ නම් එවිට නුඹ ඔවුනට මෘදු වදනින් අමතනු.
عربي تفسیرونه:
وَلَا تَجْعَلْ یَدَكَ مَغْلُوْلَةً اِلٰی عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُوْمًا مَّحْسُوْرًا ۟
තවද නුඹ (කිසිවක් වියදම් නො කර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නො කරනු. තවද (සියල්ල වියදම් කර) එකවර දිගු නො හරිනු. එවිට නුඹ නින්දා අපහාසයට ලක්ව දරිද්‍රතාවයට ද පත් වනු ඇත.
عربي تفسیرونه:
اِنَّ رَبَّكَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّهٗ كَانَ بِعِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟۠
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණය විස්තීරණය කරයි. එමෙන් ම ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.
عربي تفسیرونه:
وَلَا تَقْتُلُوْۤا اَوْلَادَكُمْ خَشْیَةَ اِمْلَاقٍ ؕ— نَحْنُ نَرْزُقُهُمْ وَاِیَّاكُمْ ؕ— اِنَّ قَتْلَهُمْ كَانَ خِطْاً كَبِیْرًا ۟
තවද දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නො දමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අප ය. නියත වශයෙන් ම ඔවුන්ව මරා දැමීම මහත් පවක් විය.
عربي تفسیرونه:
وَلَا تَقْرَبُوا الزِّنٰۤی اِنَّهٗ كَانَ فَاحِشَةً ؕ— وَسَآءَ سَبِیْلًا ۟
තවද නුඹලා කාම අපචාරයට ළං නො වනු. නියත වශයෙන් ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය.
عربي تفسیرونه:
وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِیْ حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ ؕ— وَمَنْ قُتِلَ مَظْلُوْمًا فَقَدْ جَعَلْنَا لِوَلِیِّهٖ سُلْطٰنًا فَلَا یُسْرِفْ فِّی الْقَتْلِ ؕ— اِنَّهٗ كَانَ مَنْصُوْرًا ۟
තවද අල්ලාහ් තහනම් කළ ආත්මයක් උරුමයකින් තොරව නුඹලා ඝාතනය නො කරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින් ම අපි බලයක් පැවරුවෙමු. එහෙත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නො යා යුතු ය. නියත වශයෙන් ම ඔහු උදව් කරනු ලබන්නෙක් විය.
عربي تفسیرونه:
وَلَا تَقْرَبُوْا مَالَ الْیَتِیْمِ اِلَّا بِالَّتِیْ هِیَ اَحْسَنُ حَتّٰی یَبْلُغَ اَشُدَّهٗ ۪— وَاَوْفُوْا بِالْعَهْدِ ۚ— اِنَّ الْعَهْدَ كَانَ مَسْـُٔوْلًا ۟
තවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වන දෙයකින් හැර නුඹලා සමීප නො වනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන් ම ගිවිසුම විමසනු ලබන්නක් විය.
عربي تفسیرونه:
وَاَوْفُوا الْكَیْلَ اِذَا كِلْتُمْ وَزِنُوْا بِالْقِسْطَاسِ الْمُسْتَقِیْمِ ؕ— ذٰلِكَ خَیْرٌ وَّاَحْسَنُ تَاْوِیْلًا ۟
තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම් ය. තවද අවසානය ද වඩාත් අලංකාර ය.
عربي تفسیرونه:
وَلَا تَقْفُ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ ؕ— اِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ اُولٰٓىِٕكَ كَانَ عَنْهُ مَسْـُٔوْلًا ۟
තවද නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නො සිටිනු. නියත වශයෙන් ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳව විමසනු ලබන්නක් විය.
عربي تفسیرونه:
وَلَا تَمْشِ فِی الْاَرْضِ مَرَحًا ۚ— اِنَّكَ لَنْ تَخْرِقَ الْاَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُوْلًا ۟
තවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නො කරනු. නියත වශයෙන් ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නො හැක්කේ ම ය. තවද උසින් කඳුවලට ළං විය නො හැක්කේ ම ය.
عربي تفسیرونه:
كُلُّ ذٰلِكَ كَانَ سَیِّئُهٗ عِنْدَ رَبِّكَ مَكْرُوْهًا ۟
මේ සියල්ලෙහි නපුර නුඹේ පරමාධිපති අබියස පිළිකුල් සහගත විය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اسراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول