Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল   আয়াত:
وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَنَازَعُوْا فَتَفْشَلُوْا وَتَذْهَبَ رِیْحُكُمْ وَاصْبِرُوْا ؕ— اِنَّ اللّٰهَ مَعَ الصّٰبِرِیْنَ ۟ۚ
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නො ගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
আৰবী তাফছীৰসমূহ:
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ خَرَجُوْا مِنْ دِیَارِهِمْ بَطَرًا وَّرِئَآءَ النَّاسِ وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— وَاللّٰهُ بِمَا یَعْمَلُوْنَ مُحِیْطٌ ۟
අහංකාරයෙන් හා ජනයාට ප්‍රදර්ශනය කරමින් තම නිවෙස්වලින් පිටත්ව ගියවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය.
আৰবী তাফছীৰসমূহ:
وَاِذْ زَیَّنَ لَهُمُ الشَّیْطٰنُ اَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْیَوْمَ مِنَ النَّاسِ وَاِنِّیْ جَارٌ لَّكُمْ ۚ— فَلَمَّا تَرَآءَتِ الْفِئَتٰنِ نَكَصَ عَلٰی عَقِبَیْهِ وَقَالَ اِنِّیْ بَرِیْٓءٌ مِّنْكُمْ اِنِّیْۤ اَرٰی مَا لَا تَرَوْنَ اِنِّیْۤ اَخَافُ اللّٰهَ ؕ— وَاللّٰهُ شَدِیْدُ الْعِقَابِ ۟۠
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රිියාවන් ඔවුනට අලංකාර කර පෙන්වූ අවස්ථා වේ “අද දින ජනයා අතරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින් ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. එහෙත් දෙපිරිස හමුවීම ඔහු දුටු කල්හි ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නො දකින දෑ සැබැවින් ම මම දකිමි. සැබැවින් ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැ”යි ඔහු පැවසී ය.
আৰবী তাফছীৰসমূহ:
اِذْ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ غَرَّ هٰۤؤُلَآءِ دِیْنُهُمْ ؕ— وَمَنْ یَّتَوَكَّلْ عَلَی اللّٰهِ فَاِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත්වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
وَلَوْ تَرٰۤی اِذْ یَتَوَفَّی الَّذِیْنَ كَفَرُوا الْمَلٰٓىِٕكَةُ یَضْرِبُوْنَ وُجُوْهَهُمْ وَاَدْبَارَهُمْ ۚ— وَذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණුවලට හා පිටවලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති).
আৰবী তাফছীৰসমূহ:
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۙ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අසාධාරණකම් කරන්නෙකු නො වේ.
আৰবী তাফছীৰসমূহ:
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ— وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ— اِنَّ اللّٰهَ قَوِیٌّ شَدِیْدُ الْعِقَابِ ۟
(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන්
ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත් ය; දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ