Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল   আয়াত:
وَمَا لَهُمْ اَلَّا یُعَذِّبَهُمُ اللّٰهُ وَهُمْ یَصُدُّوْنَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوْۤا اَوْلِیَآءَهٗ ؕ— اِنْ اَوْلِیَآؤُهٗۤ اِلَّا الْمُتَّقُوْنَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
අල්ලාහ් ඔවුනට දඬුවම් නො කළ යුත්තේ මන් ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නො වෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නො වේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
আৰবী তাফছীৰসমূহ:
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَیْتِ اِلَّا مُكَآءً وَّتَصْدِیَةً ؕ— فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නො වීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا یُنْفِقُوْنَ اَمْوَالَهُمْ لِیَصُدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— فَسَیُنْفِقُوْنَهَا ثُمَّ تَكُوْنُ عَلَیْهِمْ حَسْرَةً ثُمَّ یُغْلَبُوْنَ ؕ۬— وَالَّذِیْنَ كَفَرُوْۤا اِلٰی جَهَنَّمَ یُحْشَرُوْنَ ۟ۙ
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කරනු පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසුව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසුව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.
আৰবী তাফছীৰসমূহ:
لِیَمِیْزَ اللّٰهُ الْخَبِیْثَ مِنَ الطَّیِّبِ وَیَجْعَلَ الْخَبِیْثَ بَعْضَهٗ عَلٰی بَعْضٍ فَیَرْكُمَهٗ جَمِیْعًا فَیَجْعَلَهٗ فِیْ جَهَنَّمَ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠
(එය) කිලිටි අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම කිලිටි අයගෙන් ඇතැමුන් ඇතැමුන් මත තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිස ය. අලාභවන්තයෝ ඔවුහු ම ය.
আৰবী তাফছীৰসমূহ:
قُلْ لِّلَّذِیْنَ كَفَرُوْۤا اِنْ یَّنْتَهُوْا یُغْفَرْ لَهُمْ مَّا قَدْ سَلَفَ ۚ— وَاِنْ یَّعُوْدُوْا فَقَدْ مَضَتْ سُنَّتُ الْاَوَّلِیْنَ ۟
(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑට ඔවුනට සමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් (ඒ වෙත) හැරැන්නේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්‍රියාත්මක වූ දඬුවම්) පිළිවෙත සැබැවින් ම ඉකුත් වී ගොස් ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුනටත් හිමි වනු ඇත) යැයි ප්‍රතික්ෂේප කළවුනට පවසනු.
আৰবী তাফছীৰসমূহ:
وَقَاتِلُوْهُمْ حَتّٰی لَا تَكُوْنَ فِتْنَةٌ وَّیَكُوْنَ الدِّیْنُ كُلُّهٗ لِلّٰهِ ۚ— فَاِنِ انْتَهَوْا فَاِنَّ اللّٰهَ بِمَا یَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අර්බුදයක් නො පවතින තෙක්, එමෙන් ම දහම මුළුමනින් ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. එහෙත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සුපරික්ෂාකාරී ය.
আৰবী তাফছীৰসমূহ:
وَاِنْ تَوَلَّوْا فَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَوْلٰىكُمْ ؕ— نِعْمَ الْمَوْلٰی وَنِعْمَ النَّصِیْرُ ۟
තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. භාරකරුගෙන් ඔහු යහපත් විය. තවද උදව්කරුගෙන් ද ඔහු යහපත් විය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ