Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল   আয়াত:
وَاعْلَمُوْۤا اَنَّمَا غَنِمْتُمْ مِّنْ شَیْءٍ فَاَنَّ لِلّٰهِ خُمُسَهٗ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ— اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ وَمَاۤ اَنْزَلْنَا عَلٰی عَبْدِنَا یَوْمَ الْفُرْقَانِ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම්, නියත වශයෙන් ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද, ඥාතීන්ට ද, අනාථයින්ට ද, දුගියන්ට ද, (සරන පතන) මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
আৰবী তাফছীৰসমূহ:
اِذْ اَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْیَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوٰی وَالرَّكْبُ اَسْفَلَ مِنْكُمْ ؕ— وَلَوْ تَوَاعَدْتُّمْ لَاخْتَلَفْتُمْ فِی الْمِیْعٰدِ ۙ— وَلٰكِنْ لِّیَقْضِیَ اللّٰهُ اَمْرًا كَانَ مَفْعُوْلًا ۙ۬— لِّیَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَیِّنَةٍ وَّیَحْیٰی مَنْ حَیَّ عَنْ بَیِّنَةٍ ؕ— وَاِنَّ اللّٰهَ لَسَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
ළඟින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේ) ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
اِذْ یُرِیْكَهُمُ اللّٰهُ فِیْ مَنَامِكَ قَلِیْلًا ؕ— وَلَوْ اَرٰىكَهُمْ كَثِیْرًا لَّفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِی الْاَمْرِ وَلٰكِنَّ اللّٰهَ سَلَّمَ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
(නබිවරය!) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන්ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන්ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේ ය. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
আৰবী তাফছীৰসমূহ:
وَاِذْ یُرِیْكُمُوْهُمْ اِذِ الْتَقَیْتُمْ فِیْۤ اَعْیُنِكُمْ قَلِیْلًا وَّیُقَلِّلُكُمْ فِیْۤ اَعْیُنِهِمْ لِیَقْضِیَ اللّٰهُ اَمْرًا كَانَ مَفْعُوْلًا ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලාව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කරනු පිණිස ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
আৰবী তাফছীৰসমূহ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمْ فِئَةً فَاثْبُتُوْا وَاذْكُرُوا اللّٰهَ كَثِیْرًا لَّعَلَّكُمْ تُفْلِحُوْنَ ۟ۚ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවරව සිටිනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনফাল
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ