Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনআম   আয়াত:
وَمَا عَلَی الَّذِیْنَ یَتَّقُوْنَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّلٰكِنْ ذِكْرٰی لَعَلَّهُمْ یَتَّقُوْنَ ۟
ඔවුන්ගේ විනිශ්චය ගැන කිසිදු වගකීමක් බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට නොමැත. එහෙත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතුව ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَذَرِ الَّذِیْنَ اتَّخَذُوْا دِیْنَهُمْ لَعِبًا وَّلَهْوًا وَّغَرَّتْهُمُ الْحَیٰوةُ الدُّنْیَا وَذَكِّرْ بِهٖۤ اَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ ۖۗ— لَیْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ وَلِیٌّ وَّلَا شَفِیْعٌ ۚ— وَاِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَّا یُؤْخَذْ مِنْهَا ؕ— اُولٰٓىِٕكَ الَّذِیْنَ اُبْسِلُوْا بِمَا كَسَبُوْا ۚ— لَهُمْ شَرَابٌ مِّنْ حَمِیْمٍ وَّعَذَابٌ اَلِیْمٌ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟۠
තවද තම දහම සෙල්ලමට හා විහිළුවට ගත් අය නුඹ අතහැර දමනු. මෙලොව ජීවිතය ඔවුන් රවටා ඇත. යම් ආත්මයක් තමන් ඉපැයූ දෑ හේතුවෙන් (අල්ලාහ්ගේ දඬුවමට) නො පැටලෙනු වස් මෙමඟින් නුඹ උපදෙස් දෙනු. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ කිසිදු මැදිහත්කරුවකු හෝ එයට නොමැත. වන්දි වශයෙන් පවතින සියල්ල (ඒ ආත්මාවන්) ගෙව්වද එය පිළිගනු නො ලැබේ. තමන් ඉපැයූ දෑ හේතුවෙන් (දඬුවමට) පැටලුණු අය ඔවුහු ය. ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් වේදනීය දඬුවම ද උතුරණ උණු දියෙන් පානය ද ඇත.
আৰবী তাফছীৰসমূহ:
قُلْ اَنَدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُنَا وَلَا یَضُرُّنَا وَنُرَدُّ عَلٰۤی اَعْقَابِنَا بَعْدَ اِذْ هَدٰىنَا اللّٰهُ كَالَّذِی اسْتَهْوَتْهُ الشَّیٰطِیْنُ فِی الْاَرْضِ حَیْرَانَ ۪— لَهٗۤ اَصْحٰبٌ یَّدْعُوْنَهٗۤ اِلَی الْهُدَی ائْتِنَا ؕ— قُلْ اِنَّ هُدَی اللّٰهِ هُوَ الْهُدٰی ؕ— وَاُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعٰلَمِیْنَ ۟ۙ
අල්ලාහ් හැර අපට සෙත සැලසිය නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? කෙනෙකුට අප වෙතට පැමිණෙන්නැයි ඔහුව යහමඟ වෙතට ඇරයුම් කරන මිතුරන් සිටිය දී ෂෙයිතානුන් ඔහුව නොමඟ යවා මහපොළොවේ ඔබමොබ සැරිසරන්නනෙක් මෙන් අල්ලාහ් අපට මඟ පෙන්වූ පසුව අපි අපගේ විලුඹු මත (පෙර සිටි තත්වයට) නැවත හැරෙන්නෙමු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. සැබැවින් ම අල්ලාහ්ගේ යහමඟ වන එය මය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි ද පවසනු.
আৰবী তাফছীৰসমূহ:
وَاَنْ اَقِیْمُوا الصَّلٰوةَ وَاتَّقُوْهُ ؕ— وَهُوَ الَّذِیْۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
තවද නුඹලා සලාතය විධිමත්ව ඉටු කිරීමටත් ඔහුට බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමටත් (අණ කරනු ලැබී ය.) තවද ඔහු වෙතට මය නුඹලා එක්රැස් කරනු ලබනුයේ.
আৰবী তাফছীৰসমূহ:
وَهُوَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— وَیَوْمَ یَقُوْلُ كُنْ فَیَكُوْنُ ؕ۬— قَوْلُهُ الْحَقُّ ؕ— وَلَهُ الْمُلْكُ یَوْمَ یُنْفَخُ فِی الصُّوْرِ ؕ— عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ ؕ— وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟
යථාර්ථයෙන් යුතුව අහස් හා මහපොළොව මැව්වේ ඔහු ම ය. ‘කුන්’ (වනු) යැයි පවසන දින එය සිදු වන්නේ ය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සර්ව රාජ්‍ය ඔහු සතු වේ. දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ මැනවින් දන්නා ය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්ත ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনআম
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ