Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনআম   আয়াত:
اَلَّذِیْنَ اٰمَنُوْا وَلَمْ یَلْبِسُوْۤا اِیْمَانَهُمْ بِظُلْمٍ اُولٰٓىِٕكَ لَهُمُ الْاَمْنُ وَهُمْ مُّهْتَدُوْنَ ۟۠
විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නො කළේ ද එවැන්නන්ට මය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති.
আৰবী তাফছীৰসমূহ:
وَتِلْكَ حُجَّتُنَاۤ اٰتَیْنٰهَاۤ اِبْرٰهِیْمَ عَلٰی قَوْمِهٖ ؕ— نَرْفَعُ دَرَجٰتٍ مَّنْ نَّشَآءُ ؕ— اِنَّ رَبَّكَ حَكِیْمٌ عَلِیْمٌ ۟
අපගේ සාධකය එයයි. තම ජනයාට එරෙහිව ඉබ්රාහීම්ට අපි එය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් අපි උසස් කරන්නෙමු. සැබැවින් ම නුඹගේ පරමාධිපති සියුම් ඥානී ය; සර්වඥ ය.
আৰবী তাফছীৰসমূহ:
وَوَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ ؕ— كُلًّا هَدَیْنَا ۚ— وَنُوْحًا هَدَیْنَا مِنْ قَبْلُ وَمِنْ ذُرِّیَّتِهٖ دَاوٗدَ وَسُلَیْمٰنَ وَاَیُّوْبَ وَیُوْسُفَ وَمُوْسٰی وَهٰرُوْنَ ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟ۙ
තවද අපි ඔහුට (ඉබ්රාහීම්ට) ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුට ම අපි මඟ පෙන්වූයෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (මඟ පෙන්වූයෙමු). තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය.
আৰবী তাফছীৰসমূহ:
وَزَكَرِیَّا وَیَحْیٰی وَعِیْسٰی وَاِلْیَاسَ ؕ— كُلٌّ مِّنَ الصّٰلِحِیْنَ ۟ۙ
තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සෑම කෙනෙකුම දැහැමියන් අතරිනි.
আৰবী তাফছীৰসমূহ:
وَاِسْمٰعِیْلَ وَالْیَسَعَ وَیُوْنُسَ وَلُوْطًا ؕ— وَكُلًّا فَضَّلْنَا عَلَی الْعٰلَمِیْنَ ۟ۙ
තවද ඉස්මාඊල්, අල්යසඃ, යූනුස් හා ලූත්ට ද (මඟ පෙන්වූයෙමු.) තවද සෑම කෙනෙකුම අප ලෝවැසියනට වඩා උසස් කළෙමු.
আৰবী তাফছীৰসমূহ:
وَمِنْ اٰبَآىِٕهِمْ وَذُرِّیّٰتِهِمْ وَاِخْوَانِهِمْ ۚ— وَاجْتَبَیْنٰهُمْ وَهَدَیْنٰهُمْ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
තවද ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරපුර හා ඔවුන්ගේ සහෝදරයන් අතරින් ද (ඇතැමෙකු) විය. අපි ඔවුන්ව තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මඟ පෙන්වූයෙමු.
আৰবী তাফছীৰসমূহ:
ذٰلِكَ هُدَی اللّٰهِ یَهْدِیْ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَلَوْ اَشْرَكُوْا لَحَبِطَ عَنْهُمْ مَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය. තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට මෙමඟින් ඔහු මඟ පෙන්වනු ඇත. එහෙත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි.
আৰবী তাফছীৰসমূহ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ۚ— فَاِنْ یَّكْفُرْ بِهَا هٰۤؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّیْسُوْا بِهَا بِكٰفِرِیْنَ ۟
ධර්ම ග්‍රන්ථය, දහම් නීතිය හා දූත මෙහෙය අපි ඔවුනට පිරිනැමූ අය ඔවූහු ය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නො කළ පිරිසකට සැබැවින් ම අපි එය පවරන්නෙමු.
আৰবী তাফছীৰসমূহ:
اُولٰٓىِٕكَ الَّذِیْنَ هَدَی اللّٰهُ فَبِهُدٰىهُمُ اقْتَدِهْ ؕ— قُلْ لَّاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ اَجْرًا ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٰی لِلْعٰلَمِیْنَ ۟۠
අල්ලාහ් මඟ පෙන්වූ අය ඔවුහු ය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නො ඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনআম
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ