Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-আনআম   আয়াত:
اِنَّمَا یَسْتَجِیْبُ الَّذِیْنَ یَسْمَعُوْنَ ؔؕ— وَالْمَوْتٰی یَبْعَثُهُمُ اللّٰهُ ثُمَّ اِلَیْهِ یُرْجَعُوْنَ ۟
ඔබට ප්‍රතිචාර දක්වනුයේ ශ්‍රවණය කරන්නෝ වෙති. (එසේ ශ්‍රවණය නො කරන්නන් මිය ගිය ඇත්තන් මෙනි. එසේ) මියගිය ඇත්තන් වනාහි අල්ලාහ් ඔවුන්ව නැවත නැගිටුවා පසුව ඔවුහු ඔහු වෙතට යොමු කරනු ලබති.
আৰবী তাফছীৰসমূহ:
وَقَالُوْا لَوْلَا نُزِّلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّ اللّٰهَ قَادِرٌ عَلٰۤی اَنْ یُّنَزِّلَ اٰیَةً وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
තවද ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි විමසති. සැබැවින් ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට බලය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නො දනිති.
আৰবী তাফছীৰসমূহ:
وَمَا مِنْ دَآبَّةٍ فِی الْاَرْضِ وَلَا طٰٓىِٕرٍ یَّطِیْرُ بِجَنَاحَیْهِ اِلَّاۤ اُمَمٌ اَمْثَالُكُمْ ؕ— مَا فَرَّطْنَا فِی الْكِتٰبِ مِنْ شَیْءٍ ثُمَّ اِلٰی رَبِّهِمْ یُحْشَرُوْنَ ۟
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නො වෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නො හැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
আৰবী তাফছীৰসমূহ:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا صُمٌّ وَّبُكْمٌ فِی الظُّلُمٰتِ ؕ— مَنْ یَّشَاِ اللّٰهُ یُضْلِلْهُ ؕ— وَمَنْ یَّشَاْ یَجْعَلْهُ عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
අපගේ වදන් බොරු කළවුන් වනාහි අන්ධකාරයන් තුළ සිටින බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.
আৰবী তাফছীৰসমূহ:
قُلْ اَرَءَیْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ اَوْ اَتَتْكُمُ السَّاعَةُ اَغَیْرَ اللّٰهِ تَدْعُوْنَ ۚ— اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
"අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා වෙත පැමිණියේ නම් අල්ලාහ් හැර වෙනත් අය නුඹලා අයැදින්නෙහු ද? නුඹලා සත්‍යවන්තයින් ලෙස සිටියෙහු නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
আৰবী তাফছীৰসমূহ:
بَلْ اِیَّاهُ تَدْعُوْنَ فَیَكْشِفُ مَا تَدْعُوْنَ اِلَیْهِ اِنْ شَآءَ وَتَنْسَوْنَ مَا تُشْرِكُوْنَ ۟۠
එසේ නො ව, නුඹලා අයැදින්නේ ඔහුව ම ය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ආදේශ කරන දෑ ද නුඹලා අමතක කර දමනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
وَلَقَدْ اَرْسَلْنَاۤ اِلٰۤی اُمَمٍ مِّنْ قَبْلِكَ فَاَخَذْنٰهُمْ بِالْبَاْسَآءِ وَالضَّرَّآءِ لَعَلَّهُمْ یَتَضَرَّعُوْنَ ۟
තවද සැබැවින් ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දරිද්‍රතාවන් හා පීඩාවන්ගෙන් අපි ඔවුන් හසු කළෙමු.
আৰবী তাফছীৰসমূহ:
فَلَوْلَاۤ اِذْ جَآءَهُمْ بَاْسُنَا تَضَرَّعُوْا وَلٰكِنْ قَسَتْ قُلُوْبُهُمْ وَزَیَّنَ لَهُمُ الشَّیْطٰنُ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
එබැවින් ඔවුන් වෙත අපගේ දරිද්‍රතාව පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේ ය.
আৰবী তাফছীৰসমূহ:
فَلَمَّا نَسُوْا مَا ذُكِّرُوْا بِهٖ فَتَحْنَا عَلَیْهِمْ اَبْوَابَ كُلِّ شَیْءٍ ؕ— حَتّٰۤی اِذَا فَرِحُوْا بِمَاۤ اُوْتُوْۤا اَخَذْنٰهُمْ بَغْتَةً فَاِذَا هُمْ مُّبْلِسُوْنَ ۟
කවර දෙයක් පිළිබඳ ඔවුනට සිහිපත් කරනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි අපි සියලු දෑහි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් අනපේක්ෂිතව හසු කළෙමු. එවිට ඔවුහු බලාපොරොත්තු සුන් වූවන් බවට පත් වූහ.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-আনআম
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ