Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Isura: Aswafati   Umurongo:

අස් සාෆ්ෆාත්

Impamvu y'isura:
تنزيه الله عما نسبه إليه المشركون، وإبطال مزاعمهم في الملائكة والجن.
දේව ආදේශකයින් අල්ලාහ්ට කරන ආරෝපණයන්ගෙන් ඔහු ව පිවිතුරු කිරීම හා මලක්වරුන් හෙවත් දේව දූතයින් හා ජින් හෙවත් අග්නි භූතයින් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නිෂ්ඵල කිරීම.

وَالصّٰٓفّٰتِ صَفًّا ۟ۙ
තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්.
Ibisobanuro by'icyarabu:
فَالزّٰجِرٰتِ زَجْرًا ۟ۙ
වලාකුළු සමග හඹා ගොස් ඒවා පහළ වීමට අල්ලාහ් අභිමත කරන ස්ථානය වෙත මෙහෙයවා ගෙන යන මලක්වරුන් මත දිවුරමින්.
Ibisobanuro by'icyarabu:
فَالتّٰلِیٰتِ ذِكْرًا ۟ۙ
අල්ලාහ්ගේ වදන් පාරායනය කරන මලක්වරුන් මත දිවුරමින්.
Ibisobanuro by'icyarabu:
اِنَّ اِلٰهَكُمْ لَوَاحِدٌ ۟ؕ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ නැමදුම් පිහිටිය යුත්තේ කිසිදු හවුලක් නැති ඒකීයෙකු වෙනුවෙනි. ඔහු අල්ලාහ්ය.
Ibisobanuro by'icyarabu:
رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ ۟ؕ
ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. වර්ෂ පුරාවටම හිරු උදාවීමේ දී හා එය අවරට යෑමේදී එම හිරුගේ පරමාධිපතිය.
Ibisobanuro by'icyarabu:
اِنَّا زَیَّنَّا السَّمَآءَ الدُّنْیَا بِزِیْنَةِ ١لْكَوَاكِبِ ۟ۙ
පොළොවට ඉතා සමීපව පිහිටි අහස අලංකාරයන්ගෙන් අපි අලංකාරවත් කළෙමු. එනම් බැබලෙන මුතු මෙන් දෑසට පෙනෙන තාරකාවන්ය.
Ibisobanuro by'icyarabu:
وَحِفْظًا مِّنْ كُلِّ شَیْطٰنٍ مَّارِدٍ ۟ۚ
යටත් වීමෙන් බැහැර වූ කැරලිකාර සෑම ෂෙයිතානුවෙකුගෙන්ම එම තාරකාවන් තුළින් අපි අහස ආරක්ෂා කළෙමු. ඒවා මගින් පහර දෙනු ලැබේ.
Ibisobanuro by'icyarabu:
لَا یَسَّمَّعُوْنَ اِلَی الْمَلَاِ الْاَعْلٰی وَیُقْذَفُوْنَ مِنْ كُلِّ جَانِبٍ ۟
අහසේ සිටින මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ හෝ ඔහු නියම කළ දෑ පිළිබඳ ඔවුන් වෙත දන්වා සිටින දෑ ඔවුන් අතර කතා කරන විට ඔවුනට සවන් දීමට මෙම ෂෙයිතානුන්ට නොහැකි වෙයි. සෑම පැත්තකින්ම උල්කාපාත වලින් පහර දෙනු ලබනු ඇත.
Ibisobanuro by'icyarabu:
دُحُوْرًا وَّلَهُمْ عَذَابٌ وَّاصِبٌ ۟ۙ
එය ඔවුන් වෙත සවන් දීමෙන් දුරස් කරවීමක් හා පළවා හැරීමක් වශයෙනි. ඔවුනට මතුලොවෙහි විසන්ධි නොවන සදා වේදනීය දඬුවමක් ඇත.
Ibisobanuro by'icyarabu:
اِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَاَتْبَعَهٗ شِهَابٌ ثَاقِبٌ ۟
නමුත් ෂෙයිතානුන් අතරින් ඒවා පැහැර ගන්නා හැර. එම වදන් වනාහි මලක්වරුන් එහි සාකච්ඡා කරන තමන් අතර හුවමාරු වන පොළෝ වාසීන්ට ඒ ගැන දැනුම ළඟා නොවූ දැයින් පිහිටින වදන් වෙති. ඔහු ව පුළුස්සා දමන අලෝකමත් උල්කාවක් ඔහු පසුපස හඹා යයි. ඇතැම් විට එම උල්කාව ඔහු ව පුළුස්සා දැමීමට පෙරම තම සහෝදරයා වෙත එම වදන් ඉදිරිපත් කරනු ඇත. එය ඉන්ද්රජාලයින් වෙත ළඟා වනු ඇත. පසු ව ඒ සමග සිය ගණන් බොරු ඔවුහු පවසති.
Ibisobanuro by'icyarabu:
فَاسْتَفْتِهِمْ اَهُمْ اَشَدُّ خَلْقًا اَمْ مَّنْ خَلَقْنَا ؕ— اِنَّا خَلَقْنٰهُمْ مِّنْ طِیْنٍ لَّازِبٍ ۟
අහෝ මුහ්ම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින ප්රතික්ෂේපකයින්ගෙන් නුඹ මෙසේ විමසනු. “අහස්, මහපොළොව හා මලක්වරුන් අතරින් අප මැවූ අයට වඩා මැවීමෙන් වඩාත් බලවත් ශරීරයෙන් වඩාත් ශක්තිමත් අවයව වලින් වඩාත් බලවත් අය ඔවුන් ද? සැබැවින්ම අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු. ඔවුන් ඇළෙන සුළු මැටියෙන් දුර්වල මැවීමක් ලෙස මවනු ලැබ තිබියදී යළි අවදි කරනු ලැබීම හෙළා ඔවුන් හෙළා දැකිය හැක්කේ කෙසේ ද?
Ibisobanuro by'icyarabu:
بَلْ عَجِبْتَ وَیَسْخَرُوْنَ ۪۟
අහෝ දූතය! නමුත් අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීම් කටයුතු සඳහා වූ ඔහුගේ සැලසුම් කිරීම ගැන නුඹ මවිතයට පත් වූයෙහිය. එමෙන්ම දේව ආදේශකයින් යළි අවදි කරනු ලැබීම ගැන බොරුකරමින් සිටීම ගැන ද පුදුමයට පත් වූයෙහිය. මෙම දේව ආදේශකයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම දැඩි සේ බොරු කර සිටීම හේතුවෙන් නුඹ ඒ ගැන පවසන දෑ ඔවුන් විහිළුවට ගනිති.
Ibisobanuro by'icyarabu:
وَاِذَا ذُكِّرُوْا لَا یَذْكُرُوْنَ ۪۟
මෙම දේව ආදේශකයින්හට උපදෙස් අතරින් යම් උපදෙසක් ඔවුනට උපදෙස් දෙනු ලැබූ විට එමගින් ඔවුන් උපදෙස් ලැබුවේ නැත. ඔවුන් ප්රයෝජන ලැබුවේ නැත. ඊට හේතුව ඔවුන් දැඩි හදවතකින් පසු වූ බැවිණි.
Ibisobanuro by'icyarabu:
وَاِذَا رَاَوْا اٰیَةً یَّسْتَسْخِرُوْنَ ۪۟
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සත්ය බව පෙන්වා දෙන එතුමාණන්ගේ ප්රාතිහාර්යයන්ගෙන් එක් ප්රාතිහාර්යයක් ඔවුන් දෑසින් දුටු විට ඒ ගැන සමච්චල් කිරීමෙහි ඉක්මවා ගොස් ඒ ගැන පුදුම වෙති.
Ibisobanuro by'icyarabu:
وَقَالُوْۤا اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟ۚۖ
‘මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය පැහැදිලි මායාවක් මිස නැතැ’යි ඔවුහු පැවසූහ.
Ibisobanuro by'icyarabu:
ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ
අප මිය ගොස් ගොරහැඩි දිරාගිය අස්ථි හා පස් බවට පත්වූ විට ඉන්පසු අපි ජීවය දී නැවත නැගිටුවනු ලබන්නෙමු ද? සැබැවින්ම එය සිදු විය නොහැක්කකි.
Ibisobanuro by'icyarabu:
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟ؕ
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් ද යළි අවදි කරනු ලබන්නෝ ද?
Ibisobanuro by'icyarabu:
قُلْ نَعَمْ وَاَنْتُمْ دَاخِرُوْنَ ۟ۚ
අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. "එසේය, දිරාගිය අස්ථි හා පස් බවට නුඹලා පත්වූවායින් පසු නුඹලා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලාගේ ප්රාරම්භක මුතුන්මිත්තන් පවා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලා සියලු දෙනා යහටත් පහත් වූවන් ලෙස යළි නැගිටුවනු ලබනු ඇත."
Ibisobanuro by'icyarabu:
فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ فَاِذَا هُمْ یَنْظُرُوْنَ ۟
එය හොරණෑවේ (දෙවන වර) පිඹිණු ලබන එක් පිඹුමක් පමණි. එවිට ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනයන් දෙස බලා සිටිති. අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ ගැන අවදානයෙන් බලා සිටිති.
Ibisobanuro by'icyarabu:
وَقَالُوْا یٰوَیْلَنَا هٰذَا یَوْمُ الدِّیْنِ ۟
නැවත නැගිටුවනු ලැබීම බොරු කරමින් දෙවියන්ට ආදේශ කළවුන්, ‘අල්ලාහ් තම ගැත්තන් මෙලොව ජීවිතයේ ඉදිරිපත් කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන දිනය මෙයයි. අහෝ අපගේ විනාශය යැයි පවසති.
Ibisobanuro by'icyarabu:
هٰذَا یَوْمُ الْفَصْلِ الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟۠
‘මෙලොවෙහි නුඹලා කවර කරුණක් බොරු කරමින් හා හෙළා දකිමින් සිටියෙහු ද, ඒවාට ගැත්තන් අතර තීන්දු පිරිනමන එම දිනයයි මේ’ යැයි ඔවුනට පවසනු ලැබේ.
Ibisobanuro by'icyarabu:
اُحْشُرُوا الَّذِیْنَ ظَلَمُوْا وَاَزْوَاجَهُمْ وَمَا كَانُوْا یَعْبُدُوْنَ ۟ۙ
දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය. යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.
Ibisobanuro by'icyarabu:
مِنْ دُوْنِ اللّٰهِ فَاهْدُوْهُمْ اِلٰی صِرَاطِ الْجَحِیْمِ ۟
"දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය." යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.
Ibisobanuro by'icyarabu:
وَقِفُوْهُمْ اِنَّهُمْ مَّسْـُٔوْلُوْنَ ۟ۙ
විනිශ්චය සඳහා නිරා ගින්නට ඔවුන් ඇතුළත් කිරීමට පෙර ඔවුන්ව නතර කර තබා ගනු. ඔවුන් ප්රශ්න කරනු ලැබිය යුතු, වග කිව යුත්තෝ වෙති. ඉන්පසු ඔවුන් අපා ගින්න වෙත මෙහෙයවා ගෙන යනු.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත.

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත.

 
Ibisobanuro by'amagambo Isura: Aswafati
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga