Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (23) Isura: Al Im’ran
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ اُوْتُوْا نَصِیْبًا مِّنَ الْكِتٰبِ یُدْعَوْنَ اِلٰی كِتٰبِ اللّٰهِ لِیَحْكُمَ بَیْنَهُمْ ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ وَهُمْ مُّعْرِضُوْنَ ۟
අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• أن التوفيق والهداية من الله تعالى، والعلم - وإن كثر وبلغ صاحبه أعلى المراتب - إن لم يصاحبه توفيق الله لم ينتفع به المرء.
•භාග්යය හා යහමග ලැබීම යනු අල්ලාහ්ගෙන් සිදුවන දෙයකි. දැනුම යනු (එය වර්ධනය කරමින් එහි ඉහළම තැනට ළඟා වුවද) අල්ලාහ්ගේ භාග්යය ඒ සමග මුසු නොවූයේ නම් මිනිසා එමගින් ප්රයෝජනය ලබන්නේ නැත.

• أن الملك لله تعالى، فهو المعطي المانع، المعز المذل، بيده الخير كله، وإليه يرجع الأمر كله، فلا يُسأل أحد سواه.
•සියලු රාජ්යයන් අල්ලාහ් සතුය. පිරිනමන්නා මෙන්ම වළක්වන්නාද ඔහුය. සියලු දෑහි යහපත ඇත්තේ ඔහු සතුවය. සියලු කරුණු යොමු වන්නේ ඔහු වෙතමය. එබැවින් ඔහු හැර වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුයි.

• خطورة تولي الكافرين، حيث توعَّد الله فاعله بالبراءة منه وبالحساب يوم القيامة.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමීප මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ අවධානම. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ භාරයෙන් හා විනිශ්චයෙන් ඉවත් වන බවට අල්ලාහ් ප්රතිඥා දෙමින් ඒ ගැන අවවාද කරයි.

 
Ibisobanuro by'amagambo Umurongo: (23) Isura: Al Im’ran
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga