Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (196) Isura: Al Baqarat
وَاَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلّٰهِ ؕ— فَاِنْ اُحْصِرْتُمْ فَمَا اسْتَیْسَرَ مِنَ الْهَدْیِ ۚ— وَلَا تَحْلِقُوْا رُءُوْسَكُمْ حَتّٰی یَبْلُغَ الْهَدْیُ مَحِلَّهٗ ؕ— فَمَنْ كَانَ مِنْكُمْ مَّرِیْضًا اَوْ بِهٖۤ اَذًی مِّنْ رَّاْسِهٖ فَفِدْیَةٌ مِّنْ صِیَامٍ اَوْ صَدَقَةٍ اَوْ نُسُكٍ ۚ— فَاِذَاۤ اَمِنْتُمْ ۥ— فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ اِلَی الْحَجِّ فَمَا اسْتَیْسَرَ مِنَ الْهَدْیِ ۚ— فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ ثَلٰثَةِ اَیَّامٍ فِی الْحَجِّ وَسَبْعَةٍ اِذَا رَجَعْتُمْ ؕ— تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ؕ— ذٰلِكَ لِمَنْ لَّمْ یَكُنْ اَهْلُهٗ حَاضِرِی الْمَسْجِدِ الْحَرَامِ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟۠
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හජ් හා උම්රා පූර්ණ ව ඉටු කරනු. යම් කිසි රෝගාබාධයකින් හෝ සතුරු උවදුරකින් හෝ ඒ දෙක පූර්ණ ව ඉටු කිරීමෙන් නුඹලා වළක්වනු ලැබුවේ නම් එහිදී නුඹලා ඉහ්රාමයෙන් ඉවත් වන බැවින් නුඹලාට කැප කිරීමට පහසු ඔටුවෙකු හෝ ගවයකු හෝ එළුවෙකු හෝ කපා හැරීම නුඹලා කෙරෙහි පැවරෙන වගකීමක් වනු ඇත. සත්වයා කපා හරින්නට සුදුසු ස්ථානය වෙත එම සත්වයා ළඟා වන තෙක් නුඹලාගේ හිසකෙස් අඩු හෝ මුඩු නොකරනු. නුඹලා හරම් සීමාව තුළ වළක්වනු ලැබුවේ නම් වළක්වනු ලැබූ කවර ස්ථානයක හෝ සත්වයෙකු කපා හරිනු. හරම් සීමා නොවන වෙනත් තැනක වළක්වනු ලැබුවේ නම් අවුරුදු දින හෝ ඉන් පසු ඇති අය්යාමුත් තෂ්රීක් දිනයන්හි හරම් සීමාව තුළ සත්වයකු කපා හරිනු. නුඹලා අතර යමෙකු රෝගී හේතුවෙන් හෝ උකුණන් පොඩු වැනි දෑ හිසෙහි ඇති වන රෝගී හේතුවෙන් හෝ හිස මුඩු ගාන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යා හෙවත් වන්දියක් පිරිනැමිය යුතුය. එනම් දින තුනක් උපවාසයේ නිරත වීම හෝ හරම් සීමාව තුළ සිටින දිළිඳුන් හැට දෙනෙකුට ආහාර සැපයීම හෝ එළුවෙකු කපා හරම් සීමාව තුළ සිටින දුගියන්ට බෙදා හැරීමයි. නමුත් මෙවන් බාධක වලින් ඉවත් ව නුඹලා කිසිදු බියකින් තොර ව සිටියදී හජ් සමයේ තමත්තුඃ ක්රමයට උම්රා ඉටු කරන්නට අපේක්ෂා කරන්නේ නම් එම වසරේ හජ් සඳහා ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ තවදුරටත් පිළිපැදිය යුතුය. නමුත් එය කඩ කොට භුක්ති වින්දේ නම් ඔහුට පහසු අයුරින් එළුවෙකු හෝ සත් දෙනෙකු ඒකතු වී එක් ඔටුවෙකු හෝ හරකෙකු හෝ කපා හැරිය යුතුය. එසේ සත්ව කැපයක් ලබා දීමට හැකියාවක් නොමැති විටෙක ඒ වෙනුවට වන්දනා කාලය තුළ දින තුනක් ද තම නිවස බලා නැවත පැමිණි පසු දින හතක් ද යනාකාරයෙන් සම්පූර්ණ වශයෙන් දින දහයක් උපවාසයේ නිරත විය යුතුය. සත්ව කැපකිරීම අනිවාර්යය කරන නැතහොත් එය පිරිනැමීමට නොහැකි වූ විට උපාවසය අනිවාර්යය කරන මෙම තමත්තුඃ ක්රමය හරම් සීමාව තුළ වාසය කරන්නන්හට නොව එම සීමාවෙන් පිටත වාසය කරන්නන් හා එම සීමාවට සමීපයෙන් පදිංචි ව සිටින්නන්හටය. හේතුව හරම් හි පදිංචිකරුවන් එම සීමාව තුළ සිටින විට තමත්තුඃ කිරීමේ අවශ්යතාවක් ඔවුනට නැත. උම්රා සමගම හජ් දක්වා තමත්තුඃ කිරීම වෙනුවට පොදුවේ තවාෆ් කිරීම ඔවුනට ප්රමාණවත් වන්නේය. අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිපදිමින් නුඹලා ඔහුට බැතිමත් වනු. ඔහුගේ සීමාවන්ට ගරු බුහුමන් කරනු. ඔහුගේ නියෝගය පිටුපාන්නන්හට සැබැවින්ම ඔහු දැඩි සේ දඬුවම් කරන බව දැන ගනු.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• مقصود الجهاد وغايته جَعْل الحكم لله تعالى وإزالة ما يمنع الناس من سماع الحق والدخول فيه.
•ජිහාද්හි පරමාර්ථය හා එහි අපේක්ෂාව සියලු පාලනය අල්ලාහ් සතු කිරීම හා සත්ය සවන් දීමටත් ඒ තුළට පිවිසීමටත් ජනයා වළක්වාලන හේතු සාධක ඉවත් කිරීමත්ය.

• ترك الجهاد والقعود عنه من أسباب هلاك الأمة؛ لأنه يؤدي إلى ضعفها وطمع العدو فيها.
•ජිහාදය අතහැර දමා පැත්තකට වී සිටීම සමූහයාගේ විනාශයට හේතු වන්නේය. එය එම සමූහයා අධෛර්යමත් කරන අතරම සතුරා වෙත නැඹුරු වන්නට ඉඩ සලසයි.

• وجوب إتمام الحج والعمرة لمن شرع فيهما، وجواز التحلل منهما بذبح هدي لمن مُنِع عن الحرم.
•හජ් හා උම්රා හි ආගමානගත කොට ඇති දෑ පිළිපදිමින් ඒ දෙක සම්පූර්ණ කිරීමේ අනිවාර්ය භාවය. හරම් සීමාවෙන් වළක්වනු ලැබූවන්හට සත්ව කැපයක් පිරිනමා ඒ දෙකින් මිදීමේ අනුමැතිය.

 
Ibisobanuro by'amagambo Umurongo: (196) Isura: Al Baqarat
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga