Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (143) Isura: Al Baqarat
وَكَذٰلِكَ جَعَلْنٰكُمْ اُمَّةً وَّسَطًا لِّتَكُوْنُوْا شُهَدَآءَ عَلَی النَّاسِ وَیَكُوْنَ الرَّسُوْلُ عَلَیْكُمْ شَهِیْدًا ؕ— وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِیْ كُنْتَ عَلَیْهَاۤ اِلَّا لِنَعْلَمَ مَنْ یَّتَّبِعُ الرَّسُوْلَ مِمَّنْ یَّنْقَلِبُ عَلٰی عَقِبَیْهِ ؕ— وَاِنْ كَانَتْ لَكَبِیْرَةً اِلَّا عَلَی الَّذِیْنَ هَدَی اللّٰهُ ؕ— وَمَا كَانَ اللّٰهُ لِیُضِیْعَ اِیْمَانَكُمْ ؕ— اِنَّ اللّٰهَ بِالنَّاسِ لَرَءُوْفٌ رَّحِیْمٌ ۟
නුඹලා සඳහා අප පිළිගත් දිශාව වෙනස් කර දුන්නාක් මෙන්ම ප්රතිපත්තීන් නැමදුම් ගනුදෙනු යනාදියෙහි සියලු සමූහයන් අතර මධ්යස්ථ සාධාරණීය ශ්රේෂ්ඨ ජන සමූහයක් බවට අපි නුඹලා පත් කළෙමු. එය අල්ලාහ්ගේ දූතවරුන් වෙත ඔහු කවර කරුණක් අණ කර සිටියේ ද එය ඔවුන් තම සමූහයා වෙත ප්රචාරය කර ඇති බවට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවන් වනු පිණිසත් අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිගෙන; ඔහුට කැප වී, දහම් දූතයාණන් පිළිපදිමින් කටයුතු කරන්නේ කවුරුන්දැයි - තරාතිරම් අනුව ප්රතිඵල පිරිනමන්නට ඔවුන්ගේ මතුපිට තත්ත්වය - අපි දැනගනු පිණිසත් ඔහුගේ දහම ප්රතික්ෂේප කර; තම ආශාවන්ට වහල් වී; අල්ලාහ් ආගමානුගත කළ කරුණු උවමනාවෙන් නොකරන අය කවුරුන්දැයි දැන ගනු පිණිසත් මිස නුඹලා මුහුණලමින් සිටි බයිතුල් මක්දිස් දිශාවෙන් නුඹලාව අප හැරෙව්වේ නැත. සැබැවින්ම පළමු කිබ්ලා දිශාවෙන් හැරවීමේ සිද්ධිය අල්ලාහ් හා ඔහු තම ගැත්තන්හට ආගමානුගත කර ඇති දෑ විශ්වාස කරන්නට සලස්වා ඔහු කවුරුන්හට ආශිර්වාද කළේ ද ඔවුන් කෙරෙහි මිස සෙසු අයට එය අති මහත් කරුණක් විය. සැබැවින්ම එසේ ආගමානුගත කරනු ලබනුයේ කිසියම් යථාර්ථයක් වෙනුවෙනි. අල්ලාහ් කෙරෙහි නුඹලා තබා ඇති අචල විශ්වාසය අපතේ යවන්නට අල්ලාහ්ට නොවීය. කිබ්ලා දිශාව මාරුකිරීමට පෙර නුඹලා සලාතය ඉටු කරමින් සිටි ස්ථානය ද එසේ ආගමානුගත කරනු ලැබූ කරුණු වලින් එකකි. සැබැවින්ම අල්ලාහ් මිනිසුනට මහත් කාරුණිකය. සෙනෙහෙවන්තය. එහෙයින් ඔහු ඔවුනට දුෂ්කරතා ඇති කරන්නේ නැත. ඔවුන් කළකම් සඳහා කුසල් ඔහු විනාශ කර දමන්නේ නැත.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• أن الاعتراض على أحكام الله وشرعه والتغافل عن مقاصدها دليل على السَّفَه وقلَّة العقل.
•අල්ලාහ්ගේ නීති හා පිළිවෙත් පිළිපැදීමට පිටුපෑමත් එහි අපේක්ෂිත කරුණු පිළිබඳ නොසැලකිලිභාවයත් බුද්ධිහීනතාව හා අඥානකම පෙන්වා දෙන සාධකයකි.

• فضلُ هذه الأمة وشرفها، حيث أثنى عليها الله ووصفها بالوسطية بين سائر الأمم.
•මෙම සමූහයාගේ මහිමය හා කීර්තිය සෙසු සමූහයන් අතර පවතින මධ්යස්ථ සමූහයක් බවට වර්ණනා කරමින් අල්ලාහ් ඔවුන් ප්රශංසා කොට පවසයි.

• التحذير من متابعة أهل الكتاب في أهوائهم؛ لأنهم أعرضوا عن الحق بعد معرفته.
•දහම් ලත් ජනයා සත්යය දැනගත් පසු පවා එය ඔවුන් පිටුපාන හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් පිළිපැදීමෙන් ප්රවේශම් වීම.

• جواز نَسْخِ الأحكام الشرعية في الإسلام زمن نزول الوحي، حيث نُسِخَ التوجه إلى بيت المقدس، وصار إلى المسجد الحرام.
•දේව පණිවිඩ පහළ කරන කාල සීමාව තුළ ඉස්ලාමයේ ආගමික නීති වෙනස් විය හැකැයි අවධාරණය කරමින් බය්තුල් මක්දිස් දේවස්ථානය වෙත මුහුණ ලෑම වෙනස් කොට එය ශුද්ධ වූ මස්ජිදය වෙත මාරු කිරීමෙන් පැහැදිලි වේ.

 
Ibisobanuro by'amagambo Umurongo: (143) Isura: Al Baqarat
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga