Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: انعام   آیت:
وَكَذٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِّیَقُوْلُوْۤا اَهٰۤؤُلَآءِ مَنَّ اللّٰهُ عَلَیْهِمْ مِّنْ بَیْنِنَا ؕ— اَلَیْسَ اللّٰهُ بِاَعْلَمَ بِالشّٰكِرِیْنَ ۟
තවද අප අතරින් ඔවුන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ? යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක් විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙස ය. කෘතවේදීන් පිළිබඳව මැනවින් දන්නා අල්ලාහ් නො වේ ද?
عربي تفسیرونه:
وَاِذَا جَآءَكَ الَّذِیْنَ یُؤْمِنُوْنَ بِاٰیٰتِنَا فَقُلْ سَلٰمٌ عَلَیْكُمْ كَتَبَ رَبُّكُمْ عَلٰی نَفْسِهِ الرَّحْمَةَ ۙ— اَنَّهٗ مَنْ عَمِلَ مِنْكُمْ سُوْٓءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهٖ وَاَصْلَحَ ۙ— فَاَنَّهٗ غَفُوْرٌ رَّحِیْمٌ ۟
තවද අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණි විට නුඹලාට සලාම් (ශාන්තිය) යැයි නුඹ (ඔවුනට) පවසනු. නුඹලාගේ පරමාධිපති තමන් කෙරෙහි කරුණාව නියම කර ගත්තේ ය. නියත වශයෙන් ම නුඹලා අතරින් කවරෙක් නොදැනුවත්කමින් යම් නපුරක් කොට ඉන් පසුව පසුතැවිලි වී හැඩ ගැසුණේ ද එවිට සැබැවින් ම ඔහු (අල්ලාහ්) අතික්ෂමාශීලී ය. මහා කරුණා ගුණයෙන් යුක්ත ය.
عربي تفسیرونه:
وَكَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ وَلِتَسْتَبِیْنَ سَبِیْلُ الْمُجْرِمِیْنَ ۟۠
තවද අපි එම වදන් මෙලෙස පැහැදිලි කරන්නෙමු. තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිසත් (අපි මෙලෙස පැහැදිලි කරන්නෙමු.)
عربي تفسیرونه:
قُلْ اِنِّیْ نُهِیْتُ اَنْ اَعْبُدَ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؕ— قُلْ لَّاۤ اَتَّبِعُ اَهْوَآءَكُمْ ۙ— قَدْ ضَلَلْتُ اِذًا وَّمَاۤ اَنَا مِنَ الْمُهْتَدِیْنَ ۟
අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින් ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම නො පිළිපදිමි. එ(සේ කළ) විට මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතරින් ද නො වෙමි යැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
قُلْ اِنِّیْ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَكَذَّبْتُمْ بِهٖ ؕ— مَا عِنْدِیْ مَا تَسْتَعْجِلُوْنَ بِهٖ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— یَقُصُّ الْحَقَّ وَهُوَ خَیْرُ الْفٰصِلِیْنَ ۟
සැබැවින් ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. එහෙත් නුඹලා එය බොරු කළෙහු ය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින් ම එය මා සතුව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතුව නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨ ය.
عربي تفسیرونه:
قُلْ لَّوْ اَنَّ عِنْدِیْ مَا تَسْتَعْجِلُوْنَ بِهٖ لَقُضِیَ الْاَمْرُ بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— وَاللّٰهُ اَعْلَمُ بِالظّٰلِمِیْنَ ۟
“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතුව ඇත්නම් මා අතර හා නුඹලා අතර වූ විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය” යැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
وَعِنْدَهٗ مَفَاتِحُ الْغَیْبِ لَا یَعْلَمُهَاۤ اِلَّا هُوَ ؕ— وَیَعْلَمُ مَا فِی الْبَرِّ وَالْبَحْرِ ؕ— وَمَا تَسْقُطُ مِنْ وَّرَقَةٍ اِلَّا یَعْلَمُهَا وَلَا حَبَّةٍ فِیْ ظُلُمٰتِ الْاَرْضِ وَلَا رَطْبٍ وَّلَا یَابِسٍ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
අදෘශ්‍යමාන දෑහි යතුරු ඔහු සතුව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නො දනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. තවද ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නො වැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් නො වී නැත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: انعام
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول