Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: انعام   آیت:
فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِیْنَ ظَلَمُوْا ؕ— وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟
පසුව, අපරාධ කළ ජනයා සහමුලින් ම විනාශ කරනු ලැබී ය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතු ය.
عربي تفسیرونه:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَخَذَ اللّٰهُ سَمْعَكُمْ وَاَبْصَارَكُمْ وَخَتَمَ عَلٰی قُلُوْبِكُمْ مَّنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِهٖ ؕ— اُنْظُرْ كَیْفَ نُصَرِّفُ الْاٰیٰتِ ثُمَّ هُمْ یَصْدِفُوْنَ ۟
අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නො වන වෙනත් දෙවිඳෙකු වේ නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. එම සාධක අපි විවිධ අයුරින් විස්තර කරන්නේ කෙසේ දැ? යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති.
عربي تفسیرونه:
قُلْ اَرَءَیْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ بَغْتَةً اَوْ جَهْرَةً هَلْ یُهْلَكُ اِلَّا الْقَوْمُ الظّٰلِمُوْنَ ۟
නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිතව හෝ හෙළිපිට ම පැමිණියේ නම් අපරාධකාර ජනයා හැර වෙනත් කවරෙකු විනාශ කරනු ලබන්නේ දැ?’ යි නුඹලා මට දැනුම් දෙන්නැ’යි නුඹ පවසනු.
عربي تفسیرونه:
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ— فَمَنْ اٰمَنَ وَاَصْلَحَ فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස මිස අපි රසූල්වරුන් නො එව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නො වෙති.
عربي تفسیرونه:
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا یَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟
තවද අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම අත් වනු ඇත.
عربي تفسیرونه:
قُلْ لَّاۤ اَقُوْلُ لَكُمْ عِنْدِیْ خَزَآىِٕنُ اللّٰهِ وَلَاۤ اَعْلَمُ الْغَیْبَ وَلَاۤ اَقُوْلُ لَكُمْ اِنِّیْ مَلَكٌ ۚ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ ؕ— قُلْ هَلْ یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ؕ— اَفَلَا تَتَفَكَّرُوْنَ ۟۠
අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නො පවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නො දනිමි. සැබැවින් ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නො පවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම නො පිළිපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා සිතා නො බලන්නෙහු දැ? යි ද නුඹ විමසනු.
عربي تفسیرونه:
وَاَنْذِرْ بِهِ الَّذِیْنَ یَخَافُوْنَ اَنْ یُّحْشَرُوْۤا اِلٰی رَبِّهِمْ لَیْسَ لَهُمْ مِّنْ دُوْنِهٖ وَلِیٌّ وَّلَا شَفِیْعٌ لَّعَلَّهُمْ یَتَّقُوْنَ ۟
තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන්හට ඔවුන් බිය හැඟීමෙන් යුක්ත වනු පිණිස මෙමඟින් නුඹ (ඔවුන්ව) අවවාද කරනු. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නකු හෝ නොමැත.
عربي تفسیرونه:
وَلَا تَطْرُدِ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ ؕ— مَا عَلَیْكَ مِنْ حِسَابِهِمْ مِّنْ شَیْءٍ وَّمَا مِنْ حِسَابِكَ عَلَیْهِمْ مِّنْ شَیْءٍ فَتَطْرُدَهُمْ فَتَكُوْنَ مِنَ الظّٰلِمِیْنَ ۟
උදේ සවස තම පරමාධිපතිව ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන්ව නුඹ පලවා නො හරිනු. ඔවුන්ගේ විනිශ්චයෙන් කිසිවක් නුඹ වෙත නො පැවරෙනු ඇත. එමෙන් ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නො පැවරෙනු ඇත. එසේ නුඹ ඔවුන් පලවා හැරියෙහි නම් එවිට නුඹ අපරාධකරුවන් අතරින් වන්නෙහි ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: انعام
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول